පොල් මිල අසීමිතව වැඩි වුනේ පොල් සංවර්ධන අධිකාරියේ දූෂිත නිලධාරින් නිසයි - පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා
පොල් මිල අසීමිත ලෙස ඉහළ ගොස් ඇත්තේ පොල් සංවර්ධන අධිකාරියේ ඇතැම් දූෂිත නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් නිසා යැයි සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පැවසීය.
ජනාධිපතිවරයාගේ අවධානය මේ සඳහා යොමුවිය යුතු බවද ඔහු පවසයි.
පොල් සංවර්ධන අධිකාරි පනතට අනුව පොල් අපනයන පාලනය, පොල් වෙන්දේසිය, අපනයනය කිරීම සඳහා පොල් නිෂ්පාදනය කිරීම ඇතුළු කරුණු රැසක වගකීම පොල් සංවර්ධන අධිකාරියට පැවරී තිබේ. එහෙත් එහි ඇතැම් නිලධාරීන් පනතේ උපදෙස් පිළිනොපැද කටයුතු කිරීම නිසා පොල් මිල ඉහළ ගොස් ඇතැයිද පෙරේදා (19දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් බුද්ධික මහතා කියාසිටියේය.
සෑම වසරකම ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මාසවල පොල් ඵලදාව අඩු බවත් එම කාලවලදී දේශීය පොල් පාරිභෝජනයට ප්‍රමුඛ අවස්ථාව ලබාදී අපනයනයට සීමා පැනවෙන නමුත් අධිකාරියේ ඇතැම් දූෂිත නිලධාරීන් විසින් පොල් වෙන්දේසියේදී ජාවාරම්කරුවන් සමග එක්ව පොල් අපනයනයට මුල්තැන ලබාදීමට කටයුතු කරන නිසා මේ වනවිට මෙරට පොල් ගෙඩියක මිල රුපියල් 160, 170, 180 වැනි මිලකට ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා කීය.
1971 අංක 46 දරන පොල් සංවර්ධන අධිකාරි පනතට වසර 53ක් ගතවී ඇතත් එම පනත උල්ලංඝනය කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි ආකාරයට නීති සකස් වී නැති නිසා දූෂිත නිලධාරීන් පනත උල්ලංඝනය කරමින් කටයුතු කරන බවද ඔහු අවධාරණය කළේය.
මේ වනවිට අධිකාරිය සතු රුපියල් මිලියන 500ක් බැංකුවල අඩු පොලියට මාස තුනෙන් තුන තැන්පත් කර එවැනි විශාල මුදලක් බැංකුවලට හඳුන්වා දීම වෙනුවෙන් බැංකු මගින් ලබාදෙන ‘හඳුන්වාදීමේ කොමිස් මුදල’ ඇතැම් දූෂිත නිලධාරීන් ලබාගනිමින් සිටින බවත් එවැනි මුදලක් ලබාගැනීමට රාජ්‍ය ආයතනයකට කිසිදු නීතිමය හැකියාවක් නැති බවත් පැවසූ ඒ මහතා මෙම දූෂණ ගැන විගණකාධිපති වාර්තා මගින්ද හෙළිකර ඇතැයිද කියා සිටියේය.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..