අවංක කුඩු බොන්නා
ඊයෙ දවල් මම ගියා ගල්කිස්සට යාලුවෙක් හම්බවෙන්න.
ගිහින් එනකොට දාහෙ ඉන්න බෑ වතුර තිබහයි. හැමදාම තැඹිලි බොන කඩෙත් වහල, මම ගාලුපාරෙ ටිකක් එනකොට මෙන්න පොරක් ඉන්නව ශෝටක් ගහල තොප්පියකුත් දාල, අතේ මුරුංග කොළ,බිම කුරුම්බ ටිකක්.
කීයද කුරුම්බ මම ඇහුව.
90 සර් පොර කිවු, අනික් තැන් වල 120 කුරුම්බෙ පොරගෙ 90.
එකක් කපන්න මම කිවුව,
පොරත් කපල එකක් දුන්න. මම කුරුම්බෙ එක හුස්මට බිවුව,.තව එක්ක කපන්න මම කිවුව,.පොර තව එකක් කැපුව, මම පොර දිහා බලන් හිටිය, අමුතු vibe එකක් තියෙනව පොරගෙ, මට හිතුන පොඩ්ඩක් කතා කරල වත ගොත අහන්න.
වයස කීයද මම ඇහුව.. 49 සර්.
බබාල ඉන්නවද?
නෑ සර් අම්ම විතරයි.
මොනවද මේ සල්ලි වලින් කරන්නෙ? මම ආයෙම ඇහුව.
කුඩු පැකට් එකක් ගන්නව , සර් ඉතුරු ටික අම්මට දෙනව පොර හිනා වෙලා කිව්ව. යකෝ මාර අවංක පොරක් කුඩු ගහන්න තැඹිලි විකුනනව, සර් මම හොරකන් කරන්නෙ නෑ,පොකට් ගහන්නෙ නෑ මට ඕන වැඩක් පුලුවන්, වයර් අදින්න, ඉලැක්ට්‍රික් මේව කරල කුඩු පැකට් දෙකක් ගානව සර් පොර ආයෙම හිනාවෙනව.
කුඩු ගහන එක නවත්තන්න බෑ? මම ඇහුව.
බෑනෙ සර්, මේකෙ ඉන්න උන් ඉන්න දෙන්නෙම නෑ..පොඩ්ඩක් කුඩු නවත්තල ලස්සනට හිටියොත් ආයෙ ගස්සනව..පොර හිනා වෙනව..අනික සර් 9 සැරයක් පොලීසියෙ නම ලියවිල තියෙනව,ඉතින් ආයෙ කොහොම නවතතන්නද?
කුඩු බොන එක ආතල්ද? මටත් ආසයි ගහන්න මම කිවුව.
අනේ සර් කෝටියක් මට දෙනව කිවුවත් තව එකෙක්ට කුඩු ගහන්න පුරුදු කරන්නෙ නම් නෑ මම, මම ගහන එක ඇත්ත ඒ වුනාට මම තව එකෙක්ට පුරුදු කරන්නෙ නෑ, මොන පාපයක්ද සර්.
කුඩු ගැහුවත් මේ මනුස්සය අවංකයි, පාඩුවෙ ගානක් හොයන් තමන්ගෙ ආතල් එක ගන්නව. මම රු 5000 අරන් මිනිහගෙ අතෙ තිබ්බ, ඔයාගෙ අවංක කමට මේක් තියාගන්න කියල.
"හම්මට සර්" මිනිහට කියවුනා, මම මේ ගෙදරට පරිප්පු පිටි සීනි ටිකක් අම්මට ගිහින් දෙන්නෙ කොහොමද කියල හිත හිත හිටියෙ,පොරගෙ හිනාව කනේ.
පොර ගත්ත තව කුරුම්බයක් කපල, බොන්න සර් මං ගානෙ, මම 3 වෙන කුරුම්බෙත් අමාරුවෙන් බිව්ව.
ඔය 5000ම අම්මට දෙන්න මම කිවිව,.බොරු කියන්න බෑනෙ සර් 1000ක කුඩු ගහල 4000 ක බඩු අරන් යන්නම් පොර ආයෙ හිනා වෙනව.
මූව හදන්න බෑ මට හිතුන, මොකක්ද ඔයාගෙ නම ?මම ඇහුව, මම තුශාර සර් මේ ගමේ ඕන කෙනෙක් දන්නව.
මම ඔයාගෙ පින්තූරයක් අරන් මගෙ ෆේස් බුක් පිටුවෙ මූන කපල දාන්නද ඔයාගෙ කතාව ,මම ඇහුව.
මූන එක්ක දාන්න සර් හැමෝම දන්නව මම කුඩු ගහනව කියල පොර ආයෙ හිනාවෙනව. මමත් බලන්නම් සර් ගෙ පේජ් එක, නම ලියල දෙන්නකො පොර කියනව.
එහෙනම් මේ ඉන්නෙ අවංක කුඩ්ඩ.
ගල්කිස්සේ මැක්ඩොනල්ඩ් එක හරියෙ දැක්කොත් පොරගෙ කුරුම්බයක් හරි කතුරු මුරුංග ටිකක් ගන්න.
(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..