රජයේ රෝහල් විකුණමින් සිදුකරන වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණයට තිත තැබීමට වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවෙන් නව රජයට යෝජනාවලියක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පසුගිය රජය 2022 වර්ෂයේ සිටම විනාශකාරී ලෙස වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයක සිටි බවත්, රටේ වෙනසක් සිදුකිරීමට බලයට පැමිණි නව රජය රජයේ රෝහල් විකුණමින්, වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට ගෙන ගිය එම වැඩපිළිවෙල වහා නැවැත්වීමට ක්‍රියාකළ යුතු බවත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම කමිටුව පවසන්නේ ඒ සඳහා රජයට යෝජනාවලියක් ඉදිරිපත් කරන බවයි.
එම නිවේදනය පහළින්...
රජයේ රෝහල් විකුණමින් සිදු කරන වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම වහා නවතනු !
රටේ දේශපාලන සංස්කෘතිය තුළ වෙනසක් කිරීමේ අපේක්ෂා සහිතව බලයට ආ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට වෛද්‍ය අධ්‍යාපනය තුළද පුනරුදයක් ඇති කිරීම සඳහා යෝජිත වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ යෝජනා මෙලෙස ඉදිරිපත් කරන්නෙමු.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පසුගිය රජය 2022 වර්ෂයේ සිටම විනාශකාරී ලෙස වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයක සිටි බව සැවොම දන්නා කරුණකි.
📍 ඊට මූලිකත්වය ගනිමින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වූ කෙහෙළිය රඹුක්වැල්ල විසින් 2022 දෙසැම්බර් 16 වැනිදා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වල සායනික පුහුණුව ලබාදීම සඳහා ගාස්තු අය කිරීමේ පදනම මත රජයේ රෝහල් ලබාදීමට කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කරන ලදී.
📍 ඉන් පසු රනිල් වික්‍රමසිංහ විසින් 2023 මාර්තු 14 වැනිදා හිටපු රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොලගේ සභාපතීත්වයෙන් රජයේ රෝහල් පොකුරු ලෙස පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට නිර්දේශ කිරීමේ ජනාධිපති කමිටුවක් පත් කළ අතර ඉන් රාජ්‍ය වෛද්‍ය පීඨ වලට අනුබද්ධිත රෝහල්ද පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට වෙන් කරන ලදී.
📍 හිටපු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත NSBM ආයතනයේ ගාස්තු අය කරන වෛද්‍ය පීඨයක් පිහිටුවීමට දිගින් දිගටම සහය පළ කළ අතර සබරගමුව ආදී රාජ්‍ය වෛද්‍ය පීඨ ගැටලු මැද පීඩා විඳිද්දී ඔහු NSBM වෛද්‍ය පීඨයේ ඉදිකිරීම් කටයුතු වල ක්ෂේත්‍ර චාරිකාවලත්, ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යන චාරිකා වලත් නිරත විය.
📍 රනිල් වික්‍රමසිංහ රජයේ අනුමැතිය සහිතව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් SLIIT ආයතනයට වෛද්‍ය පීඨයක් පිහිටුවීමට යෝජනා කර ඇති අතර රෝහල් ලබා දීමට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීමද සිදු කොට තිබේ.
📍 2024 මාර්තු 11වැනිදා රනිල් වික්‍රමසිංහ විසින් NSBM පෞද්ගලික වෛද්‍ය පීඨය පිහිටුවීම සඳහා දැනටමත් ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය විද්‍යා පීඨයේ සායනික පුහුණුවට භාවිතා කරන හෝමාගම මූලික රෝහල වෙන් කිරීමට කැබිනට් තීරණයක් ගත් අතර ඊට හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද සහය දක්වන ලදී.
📍 හිටපු මෙන්ම වත්මන් සෞඛ්‍ය ලේකම්වරයා විසින් පහත සඳහන් රජයේ රෝහල් අදාළ පෞද්ගලික ආයතනවලට වෙන් කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් (MoUs) අත්සන් කිරීමත් සිදු කර තිබේ.
• හලාවත දිස්ත්‍රික් මහ රෝහල ලයිසියම් කැම්පස් ආයතනයට
• නුවරඑළිය සහ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල් SLIIT ආයතනයට
• අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහල NSBM ආයතනයට
(මෙහි, නාවලපිටිය රෝහල දැනට පේරාදෙණිය වෛද්‍ය පීඨය විසින් සායනික පුහුණුව සඳහා භාවිතා කරනු ලබන අතර සඳහා අවිස්සාවේල්ල රෝහල ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය විද්‍යා පීඨයට අනුබද්ධව පවතී.)
රාජ්‍ය මැදිහත්වීමත් සමග Lyceum Campus, NSBM, SLIIT සහ Gateway යන ආයතන හතර විසින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම සඳහා සිය ආයතන වලට පවතින යෝජනා පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට (SLMC) දන්වා එහි මාර්ගෝපදේශකත්වය ඉල්ලා තිබේ. ශිෂ්‍ය ව්‍යාපාරයේ සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ දැඩි විරෝධය නොතකා, ලයිසියම් කැම්පස්හි පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීමේ ව්‍යාපෘතියේ සැලකිය යුතු ප්‍රගතියක් අත් කරගෙන ඇති අතර මේ වන විට සිසුන් බඳවා ගැනීම සඳහා වෛද්‍ය සභාවේ අවසරය ඉල්ලා ඇත.
ඒ අනුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමේ ව්‍යාපෘතිය ස්ථාපිත වීමට අවශ්‍ය පසුබිම මේ වන විට සැකසී තිබේ. ශිෂ්‍ය ව්‍යාපාරය විසින් අඛණ්ඩව සටන් කළ ජනතාවගේ අයිතියක් වන නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් වත්මන් රජයට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමේ කාලය දැන් උදා වී ඇත. දේශපාලනික හෝ වෙනත් හේතූන් මත එවැනි කාලෝචිත තීරණ නොගැනීම හෝ තීරණ ප්‍රමාද කිරීම ඉදිරියේදී දේශපාලන අර්බුද ඇති කිරීමට හේතු වන බවත්, ජනතාව නව ජනාධිපතිවරයා වෙත තැබූ ජනවරම නොසලකා හැරීමක් ලෙසත් අප දැඩිව විශ්වාස කරන්නෙමු. ජනවරම පාවා දුන් නායකයන් ජනතා මැදිහත්වීමෙන්ම බල රහිත කළ අයුරුද ඔබ අප හොඳින් දන්නෙමු.
මෙහිදී පෙර රජයේ කැබිනට් තීරණයක් අවලංගු කළ හැක්කේ තවත් කැබිනට් තීරණයක් හරහා වන බැවින්,
🎯 2022 දෙසැම්බර් 16 වැනිදා එවක සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රජයේ රෝහල් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විකිණීම සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය වහාම අවලංගු කළ යුතුය.
🎯 2023 මාර්තු 11 වැනිදා NSBM සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාව හා කැබිනට් තීරණය වහාම අවලංගු කළ යුතුය.
🎯 එසේම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලයිසියම් කැම්පස්, SLIIT සහ NSBM ආයතන සමග හලාවත, නුවරඑළිය, නාවලපිටිය හා අවිස්සාවේල්ල යන රෝහල් ලබා දීම සඳහා අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම් වහා අහෝසි කළ යුතුය.
මෙම ප්‍රතිපත්තිමය තීරණ ගෙන එය ශ්‍රී ලංකා වෛද්‍ය සහාවට දැනුම් දීම සඳහා වත්මන් රජය වහා මැදිහත්වීමේ අවශ්‍යතාව අපි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ලෙස පෙන්වා දෙන්නෙමු. එසේ නොවුණහොත් සයිටම් අර්බුදය විසින් එවක පැවති යහපාලන රජයට ඇති කළ ප්‍රතිවිපාකවලටම මෙම රජයටත් මුහුණ දීමට සිදු වනු ඇත.
සරලවම මොහාන් ලාල් ග්‍රේරු ආදී සිය ගජ මිතුරු ව්‍යාපාරිකයන් සතුටු කිරීමට රනිල්-කෙහෙළිය ආරම්භ කළ PMC ව්‍යාපෘතියට වර්තමාන රජය දායක නොවනු ඇතැයි මෙරට වෛද්‍ය ශිෂ්‍ය ප්‍රජාව විශ්වාස කරති. එනිසා,
පාලකයිනි,
සුරක්ෂිත වෛද්‍ය අධ්‍යාපනයක් සඳහා රජයේ රෝහල් විකුණමින් සිදු කරන වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම වහා නවතනු !
- වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?