තවත් චීන ජාතිකයන් පිරිසක් මාර්ගගත ක්‍රම ඔස්සේ වංචා කළැයි අත්අඩංගුවට!
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ අන්තර්ජාලය ඔස්සේ මුල්‍ය වංචා සිදුකළ බව කියන චීන ජාතිකයින් 15 දෙනෙකුගෙන් යුත් තවත් පිරිසක් කෝට්ටේ වැලිකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සතුව තිබී ඩෙස්ක්ටොප් පරිගණක 15ක් සහ ජංගම දුරකථන 15ක් ද පොලිස් භාරයට ගත් බව ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.
මාර්ග ගත ක්‍රම ඔස්සේ මුල්‍ය වංචාවලට සම්බන්ධ බව පැවසෙන චීන ජාතිකයන් 180ක් පමණ ශ්‍රී ලංකා පොලිසිය විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඔක්තෝබර් මාසය ඇතුළත අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 12 වනදා කුණ්ඩසාලේ ප්‍රදේශයේදී චීන ජාතිකයින් 129 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අත්අඩංගුවට ගත් අතර එහිදී කුණ්ඩසාලේ සුඛෝපභෝගී හෝටලයක කාමර 47ක තිබී ලැප්ටොප් පරිගණක 100කට අධික සංඛ්‍යාවක් සහ ජංගම දුරකථන විශාල සංඛ්‍යාවක්ද පොලිස් භාරයට ගෙන ඇති බවද අනාවරණය විය.
මීට අමතරව ලැප්ටොප් පරිගණක 5ක්, ජංගම දුරකථන 437ක්, USඹ් කේබල් 332ක්, ජංගම දුරකථන චාජර් 133ක් ඇතුළු ඉලෙක්ට්‍රොනික උපාංග සැළකිව යුතු සංඛ්‍යාවක්ද සමඟ වලංගු වීසා නොමැතිව පානදුර ගොරකාන ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටි චීන ජාතිකයින් 20 දෙනෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
එලෙසම පසුගිය ඔක්තෝබර් 06 වැනිදා ගම්පහ ප්‍රදේශයේ හෝටලයකදී සහ හංවැල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයකදී අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා සිදුකරමින් ශ්‍රී ලංකාවේ රැඳී සිටි විදේශිකයන් 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්ද පොලිස් අත්අඩංගුවට පත් විය.
එම පිරිසට චීන ජාතිකයින් 30 දෙනෙකු, ඉන්දීය ජාතිකයින් 4 දෙනෙකු සහ තායි ජාතිකයින් 6 දෙනෙකු ඇතුළත් විය.
එම වැටළීමේදී ජංගම දුරකථන 499ක්, ලැප්ටොප් පරිගණක 25ක් සහ ඩෙස්ක්ටොප් පරිගණක 29ක් ද පොලිස් භාරයට ගත් බවද අනාවරණය විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?