News Category
From Date
To Date
Maximum Number of Result

සදා සමරමු අපේ යුධ විරුවෝ: කර්නල් මුතාලිෆ් ජීවතුන් අතර හිටිය නම්...

Oct 7, 2024 at 11:57 AM
|

මේ, රට වෙනුවෙන් කැපවී යුද කළ සහ හමුදා නිලධාරීන්ට සහ අයුක්‌තියට අසාධාරණයට එරෙහිවත් මත්ද්‍රව්‍ය ජාවාරමට විරුද්ධවත් සටන් කළ පොලිස්‌ නිලධාරීන් එකා පිට එකා හිරගෙට දක්‌කන කාලයක්‌ යයි සමාජයේ මතයක්‌ පවතී.

මෙහිදී අප දකින විශේෂයක්‌ වන්නේ විවිධ චෝදනා මත මෙසේ සිරගත කරන නිලධාරීන්ට විරුද්ධව සාක්‍ෂි ඉදිරිපත් කරන්නන්ගේ ස්වභාවයයි. අප අසා ඇති පරිදි සමහර නඩුවල ප්‍රධාන සාක්‍ෂිකරු මිනී මරා රටෙන් පැන ගොස් දමිළ ඩයස්‌පෝරාවෙන් යෑපෙන දරුණු ත්‍රස්තවාදියෙකි. නැතහොත් සිංහල කොටියෙක් යෑයි ලේබල් වැදුනු රහස් සංවිධාන සාමාජිකයෙකි. එසේත් නැත්නම් ජඩ අශීලාචාර චෝදනා මත සිරගතව සිටි සමාජ විරෝධී ක්‍රියාවන්හි නිරතව සිටි රැඳවියෙකි. එවන් අයගේ සාක්‍ෂි පිළිගැනීමට තරම් මධ්‍යස්ථ වූ යහපාලනයක් යටතේ සිටීමට තරම් ලාංකිකයා වාසනාවන්ත වී ඇත.

ජඩ ත්‍රස්තවාදය පරාජය කරනු වස් යුද පිටියට පිවිස ලක් මවට උදාර මෙහෙයක් ඉටු කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයේ අනුත්තර අණ දෙන්නාව සිටි කර්නල් තුවාන් නිසාම් මුතාලිෆ් රුදුරු වෙඩි වරුසාවකට ලක්‌ව ජීවිතක්‍ෂයට පත්ව මැයි මස 31 වැනිදාට වසර 13 ක් පිරෙයි. රුදුරු ත්‍රස්‌තවාදය පරදා අප අද සමරන නිදහස වෙනුවෙන් අගනා මෙහෙයක් ඉටු කළ ඒ අභීත සොල්දාදුවා අද බොහෝ දෙනකුට අමතකව ගොස් ඇත.

'මුතාලිෆ් හිටියා නම් අද ෂුවර් එකටම එයත් හිරේ'

මෙසේ හිතන මෙසේ මුමුනන අය අද අනන්තය. මුතාලිෆ් හිටියා නම් අද ඔහු හිර ගෙට දක්‌කන්නට ඇති ප්‍රධානම චෝදනාව වනුයේ භීෂණයෙන් රුධිරයෙන් වසර තිහක්‌ තිස්‌සේ රට විනාශ කළ රුදුරු වනචාරී ලේ පිපාසිත වේළුපිල්ලේ ප්‍රභාකරන් නමැති ම්ලේච්ඡයාව නිතර නිතර තිගස්සවා මර බිය ඇති කර ඒ පාපතරයාගේ ජීවිතයට තර්ජන එල්ල කිරීමයි. යුරෝපයේ ඇතුළු වෙනත් රටවල සිටින කොටි හිතවාදී දමිළ ඩයස්පෝරාව මෙම චෝදනාවට එක හිතෙන් කැමතිව ඇති තරම් පවුම් යුරෝ සහ ඩොලර් මෙරටට පොම්ප කර රටේ සිටින ඉහළම දක්‍ෂම නීතිවේදීන් අල්ලා නඩුව දිනවන්නට කටයුතු කරනු ඇත.

ප්‍රභාකරන් මහත්මයා කියාද දැන් යහපාලන ඇමැතිවරු පවා ආමන්ත්‍රණය කරන ඒ ත්‍රස්තවාදියාගේ ලේ විටින් විට වතුර කරවූ චෝදනාව නම් මුතාලිෆ්ට එරෙහිව ඇත්තේ අනිවාර්යයෙන්ම කර්නල් මුතාලිෆ් නඩුවෙන් පැරදී සිරගෙට යනු ඇත. මක්‌නිසාද එය අසත්‍යයක් නොවූ සත්‍ය වූ චෝදනාවක් නිසාය.

ඇත්තටම ප්‍රභාකරන් මුතාලිෆ්ට බය විය. ඔහුගේ නම ඇසුනු පමණින් තිගැස්සුනි. සුළු දිය පිටවුණා දැයි ද නොදනිමි. ඔහු මුතාලිෆ් නැතිකර දමන්නට හැකි සෑම ප්‍රයත්නයක්ම ක්‍රියාමාර්ගයක්‌ම ගත්තේය. ඒ සඳහා සිය ගණනක්‌ කොටි සාමාජිකයන්ට උපදෙස්‌ සහ අණ දී තිබුණි. වරක් දෙවරක්‌ නොව කීප වතාවක්ම වෙස්වළාගෙන තරුණ නිර්භිත මුතාලිෆ් තම කොටි පාලන වැයික්කියට හොරෙන් රිංගා ඉතා වැදගත් බුද්ධි තොරතුරු රැසක්‌ රැගෙන යළි නිරුපද්‍රිතව කොටි කටෙන් පලා ගියා සේම නැවත කොයි වෙලේ තමා වෙත පැමිණ ප්‍රහාරයක්‌ එල්ල කරාවි දැයි ඔහුට සිහිනෙන් පවා පෙනුණ වාර අප්‍රමාණ විය යුතුය.

අද යුද්ධයක්‌ නැත. හිටපු ජනපති සහ සේනාධිනායක මහින්ද රාජපක්‍ෂට, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභයට, හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ඇතුළු රට වෙනුවෙන් සටනට ගිය සෑම අභීත සෙබළකුටම පින් සිදුවන්නට අද රට පුරා බෝම්බ පුපුරන, කිරි දරුවන් මැරෙන, තරුණ තරුණියන් විනාශ වෙන, රට වළ පල්ලට යන යුද බියක්‌ අද නැත.

එමෙන්ම ලේ බිලි සමඟ රටෙන් තුන්කාලක්‌ වන ඊළම ඉල්ලූ පිරබාහරන්ද අද නැත. තම හැකි උපරිම ශක්‌තියත් දැනුමත් බුද්ධියත් යොදා ත්‍රිවිධ හමුදාවේම බලයෙන් ත්‍රස්‌තවාදීන්ගෙන් රට බේරාගත යුතුය සහ හැකිය යන උදාර ෙච්තනාවෙන් සටන් බිමට බට කර්නල් තුවාන් නිසාම් මුතාලිෆ් ද අද නැත.

කර්නල් මුතාලිෆ් රුදුරු වෙඩි පහරකට ලක්‌ව මිය යන්නේ මෙයට වසර 13 කට පෙර එනම් 2005 මැයි මස 31 වැනිදාය. එවකට ලුතිනල් කර්නල්වරයකුව සිටි නිසාම් මුතාලිෆ් එදා ප්‍රහාරයට ලක්‌වුණේ රත්මලාන කොතලාවල ආරක්‍ෂක පිඨයේ පවත්වන පරිගණක පාඨමාලාවක්‌ සඳහා නාරාහේන්පිට මාර්තා පාරේ පිහිටි තම නිල නිවසේ සිට යන රත්මලාන බලා අවස්‌ථාවේදී පොල්හේන්ගොඩ දීය. ඔහුගේ රියෑදුරු වන සෙබළ හේරත්ට අනුව එදා මුතාලිෆ් හඹා තුවක්‌කුකරුවන් එද්දී ඔහු මර බයෙන් අසුන යටට වැදී සැඟවී නැත. ඔහු තම ඉනේ රැඳි පිස්‌තෝලය එළියට ඇද සටන් කරන්නට සූදානම් වී තිබුණි. නමුත් සතුරාගේ මිනි ඌෂි වර්ගයේ ගිනි අවියෙන් සහ රුදුරු එම් 16 ගිනි අවියෙන් නිකුත් වූ උණ්‌ඩ මුතාලිෆ්ට කලින් ඉස්‌සර වී තිබුණි.

1966 ජූනි මස 12 වැනි දින කළුබෝවිලදී මැලේ ජාතික පියකුට දාව මැලේ මව් කුසක ඉපදෙන නිසාම් කුඩා කල සිට හැදී වැඩෙන්නේ දෙහිවල ප්‍රදේශයේයි. නිසි වයසේදී තම ප්‍රාථමික අධ්‍යාපනය සඳහා දෙමාපියන් විසින් කොළඹ ඩී. එස්‌. සේනානායක විදුහලට ඇතුළත් කරන ඔහු සාමාන්‍ය පෙළ ඉහළින් සමත්ව උසස්‌ පෙළ පන්තියට ද ඇතුල් වෙයි.

මුතාලිෆ් යනු දීප්තිමත් ශිෂ්‍යයෙකි. ඔහු අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවටත් අති දක්‍ෂයෙකි. පාසලේ රගර් කණ්‌ඩායම නියෝජනය කළ ඔහු මලල ක්‍රීඩාවලට ද උපන් සමතෙකි. මෙය ලියන ලියුම්කරු නිසාම් මුතාලිෆ් සමඟ පළමු වැනි ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්‌වා එකම පන්තියේ කීප විටක්‌ වාඩි වෙමින් එකම ශ්‍රෝණියේ සිටි ඔහුගේ ඉතාම කුළුපග මිතුරකුව සිටි නිසා ඒ බව වගකීමෙන් සහතික කළ හැක.

වචනයේ පරිසමාප්තියෙන්ම මුතාලිෆ් දඟකාරයෙකි. අධ්‍යාපන කටයුතුවලදී ක්‍රීඩාවේදී මෙන්ම දඟකාර කටයුතු වලදී ද ඔහු සමඟ හැරෙන්නට කවුරු හරි පාසලේ සිටියා නම් ඒ අත ලොස්සකි. 

ඔහු සියල්ල මනාව බැලන්ස් කළ යෞවනයෙකි. පාඩම් කරද්දී පාඩම් කළේය. සෙල්ලම් කරද්දී සෙල්ලම් කළේය. ගහ බැණ ගනිද්දී ගහ බැණ ගත්තේය. වාද කරද්දී වාද කළේය. කමිස ඉරාගෙන ලේ හලාගෙන අතින් පයින් ගහගත්තේය. අසාධාරණයට එරෙහිව නැඟී සිටියේය. කොල්ලන් සමඟ පාසලින් කට්‌ටි පැන බොරැල්ල ලිඩෝ එකේ හෝ මරදාන රූබි එකේ චිත්‍රපට බලන්නට ගියේය. සගයන් සමඟ ගල්කිස්‌ස මුහුදු වෙරළේ විනෝද විය. සිංහල සාහිත්‍ය සංගමයේ කතා පැවැත්වීය, කවි කීවේය. ගීත ගායනා කළේය. වරක් හතරෙ පන්තියේ සිටිද්දී සිංහල සාහිත්‍ය සංගමයේ රැස්වීමකට ඔහුගේ පන්තියේ සිටි ගාල්ලගේ නමැති කොල්ලා නොහඬන් ලඳුනේ ගීතය ගයද්දී ඔහු විජය කුමරු ශ්‍රී ලංකාවට ගොඩබැස්සා සහ සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව් යන ගී ගැයුවේ ලියුම්කරුද එම කරත්තයට නග්ගා ගනිමිනි. එකල එනම් 70 දශකයේ මුල් කාලයේ ජනතා විමුක්‌ති පෙරමුණේ සිරකර සිටි සහෝදරයන් මහ නඩුව සඳහා උසාවි රැගෙන ගියේ අප උගත් පාසල ඉදිරියෙන් දිවෙන ග්‍රෙගරි පාර හරහාය. 

උන් නිලA පාට බන්ධනාගාර බසයේ උසාවි යද්දී ගයමින් යන සාදුකින් පෙළෙන සිංදුව අපි එකල කට පාඩම් කර ගෙන සිටියේ යම් දවසක ගුරුවරුන් ඉදිරියේ ගයන අදහසිනි.

පාසල් සමයේ අවසාන කාලයේ මුතාලිෆ් යනු හොඳ නරක සහ අන්තිම නරක යන තුන් ඉරියව්වෙන්ම කැපී පෙනුණු චරිතයකි. ඔහු එකල නොකළ වරදක්‌ නැත. නොකැඩූ පණතක් නැත. වරෙක වළේ පතුළටම බැස්සේය. නමුත් හැමෝම ඔහුට ආදරේ කළේය. සැලකුවේය. සියල්ලන් අතර ඔහු කැපී පෙනුන චරිතයක්‌ විය.

පාසල් දිවිය අවසන් වූ වහාම ඔහු තෝරා ගත්තේ හෝටල් රස්‌සාවයි. උසට සරිලන මහත උත්තුංග ශරීරය, අහිංසක නොවුණත් අහිංසක පාට මුහුණ, සමේ ඇති ඡවි වර්ණය, හැඩකාර ගමන බිමන සහ කතා ශෛලිය නිසා ඔහුට හෝටල් කීපයකම රැකියාවේ දොරටු ඇරුණි. ගල්කිස්ස මහ හෝටලයේ මද කලක් කැෂියර්වරයකු ලෙස සිටි ඔහු පසුව අහුන්ගල්ලේ ට්‍රයිටන් හෝටලයේ රැකියාවට ගියේය.

කැඩෙට්වරයකු හෝ හමුදා නිලධාරියකු වශයෙන් යුද හමුදාවට, නාවුක හමුදාවට, ගුවන් හමුදාවට හෝ පොලිසියට බැඳීමේ උණ එකල පැවතියේ මුතාලිෆ්ට පමණක්‌ නොවේ. ප්‍රියංක ප්‍රනාන්දු, අතුල තිරිමාවිතාන, සමන්ත ඕවිටිපාන සුජීව රත්නායක නාගිත නානායක්කාර සහ ලියුම්කරු ද යුද කරනු පිණිස හමුදාවකට බැඳෙන්නට කැමැත්තෙන් සිටියහ. 

අහුන්ගල්ල හෝටලයේ සේවය කරද්දීම මුතාලිෆ්ට යුද හමුදාවේ ප්‍රථම සම්මුඛ පරීක්‍ෂණයට යැමට අවස්‌ථාව හිමිවිය. ලියුම්කරු ද ඔහු සමඟ එදා එකම පෝලිමේ සිටිය ද අවසන් සම්මුඛ පරීක්‍ෂණයෙන් පවා සමත් වුවද, ලියුම්කරුගේ පියා ඡේ. ආර් රජයට ගැති යූ ඇන් පී කාරයකු නොවන නිසා මන්ත්‍රී ලැයිස්තුවෙන් කැපී සහ ගෙදරින් ආ බාධා නිසා හමුදා ආසාව ලත් තැනම ලොප් විය. කලින් සඳහන් කළ සියලු දෙනාම හමුදාවන්ට බැඳුනු අතර ඔවුන් සියල්ලෝම පසුව යුද ජයග්‍රහණයට දායක විය.

1986 දී කැඩෙට්වරයෙක් වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුණු මුතාලිෆ් තම දක්ෂතා මත ඉතාම ඉක්මණින් ඉහළට ගියේය. 1987 දී දෙවැනි ලුතිතන්වරයෙක් වශයෙන් හතර වැනි ගැමුණු රෙජිමේන්තුවේ කොමිෂන් ලබා වඩමාරච්චි මෙහෙයුමට එක්‌ වූ ඔහු 1989 දී ලුතිතන් නිලයට උසස් විය. 1992 දී කපිතාන්වරයකු බවට පත්වූ මුතාලිෆ් 1995 දී මේජර් නිලයට පත්විය.

මිය යැමට මාසයකට පෙර එනම් 2005 මැයි මස 01 වැනි දින මුතාලිෆ් ලුතිතන් කර්නල් ධුරයට උසස්වීම ලද අතර මිය ගිය පසු ඔහුට දෙන ගෞරවයක් වශයෙන් චන්ද්‍රිකා රජය විසින් නිසාන් මුතාලිෆ්ව කර්නල් ධුරයෙන් පුදනු ලැබීය.

තම හමුදා ජීවිතයේ වැඩි කාලයක් බුද්ධි අංශයේ නිලධාරියෙක් ලෙස උතුරු සහ නැගෙහිර පළාත්වල අගනා මෙහෙයක් ඉටුකර ඇති මුතාලිෆ් පකිස්ථානය , බංගලාදේශය, හවායි, ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල හමුදා බුද්ධි මෙහෙයුම් පිළිබඳ උසස් පුහුණු ලබා ඇත.

ඔහු කළ සේවා අගයමින් රණ වික්‍රම පදක්කම, ශ්‍රී ලංකා යුද හමුදා දීර්ඝ සේවා පදක්කම, උතුරු නැඟෙනහිර ක්‍රියාන්විත පදක්‌කම, පූර්ණ භූමි පදක්කම, වඩමාරච්චි ක්‍රියාන්විත පදක්කම, රිවිරැස මෙහෙයුම් සේවා පදක්කම වැනි උපහාර පදක්‌කම් රැසකින් ඔහු පිඳුම් ලබා ඇත.

යුද හමුදාවේ දිගු දුර මෙහෙයුම් බළකාය (LRRP) Long Range Reconnaissance Petrol අරඹා එතුළින් අනගි මෙහෙයක් ඉටුකළ බුද්ධි අංශයේ අනුත්තර අණදෙන්නාව සිටි අප කථානායකයා උතුරු නැඟෙනහිර රණ බිමේ කළ කී දෑ අදටත් හමුදාවේ බොහෝ අය කතා වෙයි .

'පේන්න හිටියෙ නැත්තං මාව හොයන්න එපා.. මං ඉක්‌මනට එනව' යයි තම හමුදා කණ්‌ඩායමේ සෙබළුන්ට කියා මහ රෑ හමුදා කඳවුරෙන් හිටි හැටියේ අතුරුදන් වන මුතාලිෆ් නැවත තම සගයන් වෙත එන්නේ ඉරු නැගෙන උදෑසන අලුයම් ජාමයේයි. මඩ තැවරුණු බූට්ස්. ලේ තැවරුණු ඇඳුම් ආදිය ඉවත් කොට තාමත් දුම් පිටකරන ගිනි රස්නය දෙන රිවෝල්වරය ගලවා කොට්‌ටය යටින් තබා ලදරුවකු මෙන් නින්දට වැටෙන ඔහු මද වෙලාවකින් නැගිට තම සහයකයන්ට අණ දෙන්නේ අහවල් තැන වැටී සිටින කොටි සාමාජිකයන්ගේ මල සිරුරු කඳවුර වෙත රැගෙන එන ලෙසයි. සමහරදාට සෙබළුන්ට එසේ මහ රෑ නාඳුනන තුවක්කුකරුවකුගේ රිවෝල්වර උණ්ඩයකින් මැරී තැන තැන වැටී සිටින දරුණු කොටි ත්‍රස්තවාදීන්ගේ නිසල මළ සිරුරු දහයක් පහළොවක් පමණ කඳවුරට රැගෙන එන්නට සිදුවන බවට වාර්තා ඇත.

කොටි පාලන ප්‍රදේශයකදීම තමිල් චෙල්වම් ගමන් කරමින් සිටි වාහනයට ප්‍රහාරයක් එල්ලවීම, කර්නල් කරුණා, ජෙයම්, බාල්රාජ වැනි අය ඉලක්‌ක කර ප්‍රහාර එල්ල වීම, කර්නල් චාල්ස් සහ චෙලියන් ඇතුළු ත්‍රස්තවාදී පිරිසක් වටකර මරුමුවට පත් කිරීම වැනි කරුණු නිසාත් මුහුදු කොටි නායක ගාන්ධි අමරන් මුලතිව් මුහුදේදී මරා දැමීම, කොටි ගුවන් බළකායේ නිර්මාතෘ වයිතිලිංගම් සෝතිsලිංගම් හෙවත් කර්නල් ශංකර් වැනි භයානක කොටි නායකයන් ඔඩ්ඩුසුඩාන් වලදී මරා දැමීම වැනි කරුණු නිසා ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයන්ට මුතාලිෆ් ගැන මහත් බියක්‌ ඇති විය. ඉහත සියලුම ක්‍රියාන්විතයන් සිදු වූයේ මුතාලිෆ් විසින් අණදුන් මහසෝන් බළකාය මගින් බව කොටි නායකයන් දැන ගෙන සිටියහ. ඒ නිසා මුතාලිෆ් ඉක්‌මනටම රණ බිමෙන් පමණක් නොව මෙලොවින්ම තුරන් කැර දැමීමට පිරබාහරන්ට තදින්ම ඕනෑවී තිබුණි.

2001 වසරේ අග බලයට ආ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ පොලිස් නිලධාරියෙකු වන කුලසිරි උඩුගම්පොල විසින් මෙහෙයවන ලද මුග්ධ මෙහෙයුමක් වූ, මිලේනියම් ආරක්‍ෂක නිවස්න පාවාදීමේ ක්‍රියාව නිසා මුතාලිෆ් ඝාතනය ඉක්මන් විය. එම සිදුවීම නිසා කොටි සංවිධානයේ බුද්ධි අංශයට මෙන්ම සමස්ත ලෝකයටම අපේ හමුදා බුද්ධි අංශ රහස් විවරවීම සිදු වුණි. හමුදාවට ඔත්තු සැපයූ ඉන්µdaමර්ලා මෙන්ම උසස් හමුදා නායකයන් බොහෝමයක් ඝාතනයට ලක් වුණි. මුතාලිෆ්ට මරු කැඳවීම ද ඉක්මන් වූයේ මෙම මහා මිලේනියම් පාවාදීමේ ප්‍රතිපලයක් නිසා බව මතයක් පවතී.

පොල්හේන්ගොඩදී වෙඩි වැදී මිය යන විට මුතාලිෆ් අවුරුදු 39 ක තරුණයෙකි. ඔහු විවාහවී සිටියේ ද යුද හමුදාවේ නිලධාරිනියක වන කුමුදිනී නමැති සිංහල තරුණිය සමගයි. ඇය එකල මේජර් වරියව සිටි අතර මෑතකදී යුද හමුදාවෙන් විශ්‍රාම යන විට ඇය කර්නල්වරියකි. නිසාම් මුතාලිෆ් තනිකර දමා ගියේ සිය බිරිඳ කුමුදිනී පමණක්‌ නොවේ. ඔවුන්ට සාරා නමින් දියණියක ද මාලික් නමින් සුරතල් පුතනුවකු ද සිටියි. මුතාලිෆ් මිය යන විට සාරා දියණියට වයස අවුරුදු නවයකි. පුත් මාලික්‌ යන්තම් අවුරුදු හතර පසු කළා පමණි.

විශ්‍රාමික ලුතිනන් කර්නල් කුමුදිනී අමරසිංහ මුතාලිෆ් මනෝ උපදේශනය පිළිබඳ උසස් ජාත්‍යන්තර පාඨමාලාවක් හදාරා ඇය ලද දැනුම තුළින් අසහනයට සහ පීඩාවට පත් අය සඳහා මනෝ උපදේශනය සේවා සපයයි. ඇය මිතුරු සෙවන මත් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ බාහිර මනෝ උපදේශිකාවක් වශයෙන් ද ගරු ස්වේච්ඡා සේවාවක්ද කරනු ලබයි.

නිසාම් මුතාලිෆ්ගේ දෙමාපියන් ඔවුන්ගේ ගල්කිස්සේ මහ ගෙදර විවේකයෙන් විශ්‍රාම සුවයෙන් කාලය ගත කරයි. මුතාලිෆ් වැනි උදාර, තමාට පෙර රට ගැන සිතා කටයුතු කළ වීරයෙක් බිහිකළ මෙම යුවළට සහ මුතාලිෆ්ගේ පවුලේ අයට අපි දිගාසිරි පතමු.

- මිත්‍ර ශ්‍රී කරුණානායක (දිවයින)

සම්බන්ධිත පුවත් | Related News

"සීනි" කියන්නේ අපේ ජීවිතේට කොච්චර සමීප දෙයක්ද කියලා ඔබ කවදාහරි හිතලා තියෙනවද? උදේට බොන තේ එකේ ඉඳන්, දවල්ට කන බත් එකට දාන සෝස් එක, අතුරුපස, සහ රෑට බොන කිරි එක වෙනකම් හැමදේකම සීනි තියෙනවා.
කොළඹ කොටුවේ චැතම් වීදියේ තියෙන 'New Chinese Shop' එකට කවදාහරි ගිහින් තියෙනවද? එතන ඉන්නවා වින්ග්ලී චෙං මහත්මයා. ඔහුගේ පවුල ලංකාවට ඇවිත් තියෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ. එදා ඉඳන් ඔවුන් මේ රටේ මිනිස්සු. කොළඹ ඉස්කෝල කීපයකටම නිල ඇඳුම් මහන්නේ ඔහු. මේ වගේ කතා ලංකාව පුරාම හැංගිලා තියෙනවා.
නව ප්‍රභූ පන්තියේ වත්කම් හෙළිදරව් වීම වැළැක්වීම සඳහා රජය විසින් නව පනතක් ගෙන ඒමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය කරයි.
ලෝනි විලිසන් (Loni Willison) කියන්නේ "තවත් එක්කෙනෙක්" විතරක් නෙවෙයි.
මීගමුව බන්ධනාගාර ගැටුමට පළිගැනීමක් ලෙස බන්ධනාගාර පොලිස් නිලධාරීන් දිගින් දිගටම රැඳවියන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කළ බව නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න පවසයි.
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න. අසමා රූපණ සරසවියට එන්න..
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න.
සිංහල භාෂාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ලියැවී ඇති පැරණි ලේඛන පිළිබඳව අවධානය යොමු කරමින් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වේ.
ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) මඟින් නිකුත් කරන ලද 2026 නවතම වාර්තාවට අනුව, ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය (Investor Relations and Debt Transparency) යන අංශවලින් ලොව වේගයෙන්ම ප්‍රගතියක් අත්කරගන්නා (Fastest-Improving) රටවල් අතර හතරවැනි ස්ථානය (4th) ශ්‍රී ලංකාවට හිමිව තිබේ...

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.