News Category
From Date
To Date
Maximum Number of Result

සදා සමරමු අපේ යුධ විරුවෝ: කර්නල් මුතාලිෆ් ජීවතුන් අතර හිටිය නම්...

Oct 7, 2024 at 11:57 AM
|

මේ, රට වෙනුවෙන් කැපවී යුද කළ සහ හමුදා නිලධාරීන්ට සහ අයුක්‌තියට අසාධාරණයට එරෙහිවත් මත්ද්‍රව්‍ය ජාවාරමට විරුද්ධවත් සටන් කළ පොලිස්‌ නිලධාරීන් එකා පිට එකා හිරගෙට දක්‌කන කාලයක්‌ යයි සමාජයේ මතයක්‌ පවතී.

මෙහිදී අප දකින විශේෂයක්‌ වන්නේ විවිධ චෝදනා මත මෙසේ සිරගත කරන නිලධාරීන්ට විරුද්ධව සාක්‍ෂි ඉදිරිපත් කරන්නන්ගේ ස්වභාවයයි. අප අසා ඇති පරිදි සමහර නඩුවල ප්‍රධාන සාක්‍ෂිකරු මිනී මරා රටෙන් පැන ගොස් දමිළ ඩයස්‌පෝරාවෙන් යෑපෙන දරුණු ත්‍රස්තවාදියෙකි. නැතහොත් සිංහල කොටියෙක් යෑයි ලේබල් වැදුනු රහස් සංවිධාන සාමාජිකයෙකි. එසේත් නැත්නම් ජඩ අශීලාචාර චෝදනා මත සිරගතව සිටි සමාජ විරෝධී ක්‍රියාවන්හි නිරතව සිටි රැඳවියෙකි. එවන් අයගේ සාක්‍ෂි පිළිගැනීමට තරම් මධ්‍යස්ථ වූ යහපාලනයක් යටතේ සිටීමට තරම් ලාංකිකයා වාසනාවන්ත වී ඇත.

ජඩ ත්‍රස්තවාදය පරාජය කරනු වස් යුද පිටියට පිවිස ලක් මවට උදාර මෙහෙයක් ඉටු කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයේ අනුත්තර අණ දෙන්නාව සිටි කර්නල් තුවාන් නිසාම් මුතාලිෆ් රුදුරු වෙඩි වරුසාවකට ලක්‌ව ජීවිතක්‍ෂයට පත්ව මැයි මස 31 වැනිදාට වසර 13 ක් පිරෙයි. රුදුරු ත්‍රස්‌තවාදය පරදා අප අද සමරන නිදහස වෙනුවෙන් අගනා මෙහෙයක් ඉටු කළ ඒ අභීත සොල්දාදුවා අද බොහෝ දෙනකුට අමතකව ගොස් ඇත.

'මුතාලිෆ් හිටියා නම් අද ෂුවර් එකටම එයත් හිරේ'

මෙසේ හිතන මෙසේ මුමුනන අය අද අනන්තය. මුතාලිෆ් හිටියා නම් අද ඔහු හිර ගෙට දක්‌කන්නට ඇති ප්‍රධානම චෝදනාව වනුයේ භීෂණයෙන් රුධිරයෙන් වසර තිහක්‌ තිස්‌සේ රට විනාශ කළ රුදුරු වනචාරී ලේ පිපාසිත වේළුපිල්ලේ ප්‍රභාකරන් නමැති ම්ලේච්ඡයාව නිතර නිතර තිගස්සවා මර බිය ඇති කර ඒ පාපතරයාගේ ජීවිතයට තර්ජන එල්ල කිරීමයි. යුරෝපයේ ඇතුළු වෙනත් රටවල සිටින කොටි හිතවාදී දමිළ ඩයස්පෝරාව මෙම චෝදනාවට එක හිතෙන් කැමතිව ඇති තරම් පවුම් යුරෝ සහ ඩොලර් මෙරටට පොම්ප කර රටේ සිටින ඉහළම දක්‍ෂම නීතිවේදීන් අල්ලා නඩුව දිනවන්නට කටයුතු කරනු ඇත.

ප්‍රභාකරන් මහත්මයා කියාද දැන් යහපාලන ඇමැතිවරු පවා ආමන්ත්‍රණය කරන ඒ ත්‍රස්තවාදියාගේ ලේ විටින් විට වතුර කරවූ චෝදනාව නම් මුතාලිෆ්ට එරෙහිව ඇත්තේ අනිවාර්යයෙන්ම කර්නල් මුතාලිෆ් නඩුවෙන් පැරදී සිරගෙට යනු ඇත. මක්‌නිසාද එය අසත්‍යයක් නොවූ සත්‍ය වූ චෝදනාවක් නිසාය.

ඇත්තටම ප්‍රභාකරන් මුතාලිෆ්ට බය විය. ඔහුගේ නම ඇසුනු පමණින් තිගැස්සුනි. සුළු දිය පිටවුණා දැයි ද නොදනිමි. ඔහු මුතාලිෆ් නැතිකර දමන්නට හැකි සෑම ප්‍රයත්නයක්ම ක්‍රියාමාර්ගයක්‌ම ගත්තේය. ඒ සඳහා සිය ගණනක්‌ කොටි සාමාජිකයන්ට උපදෙස්‌ සහ අණ දී තිබුණි. වරක් දෙවරක්‌ නොව කීප වතාවක්ම වෙස්වළාගෙන තරුණ නිර්භිත මුතාලිෆ් තම කොටි පාලන වැයික්කියට හොරෙන් රිංගා ඉතා වැදගත් බුද්ධි තොරතුරු රැසක්‌ රැගෙන යළි නිරුපද්‍රිතව කොටි කටෙන් පලා ගියා සේම නැවත කොයි වෙලේ තමා වෙත පැමිණ ප්‍රහාරයක්‌ එල්ල කරාවි දැයි ඔහුට සිහිනෙන් පවා පෙනුණ වාර අප්‍රමාණ විය යුතුය.

අද යුද්ධයක්‌ නැත. හිටපු ජනපති සහ සේනාධිනායක මහින්ද රාජපක්‍ෂට, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභයට, හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ඇතුළු රට වෙනුවෙන් සටනට ගිය සෑම අභීත සෙබළකුටම පින් සිදුවන්නට අද රට පුරා බෝම්බ පුපුරන, කිරි දරුවන් මැරෙන, තරුණ තරුණියන් විනාශ වෙන, රට වළ පල්ලට යන යුද බියක්‌ අද නැත.

එමෙන්ම ලේ බිලි සමඟ රටෙන් තුන්කාලක්‌ වන ඊළම ඉල්ලූ පිරබාහරන්ද අද නැත. තම හැකි උපරිම ශක්‌තියත් දැනුමත් බුද්ධියත් යොදා ත්‍රිවිධ හමුදාවේම බලයෙන් ත්‍රස්‌තවාදීන්ගෙන් රට බේරාගත යුතුය සහ හැකිය යන උදාර ෙච්තනාවෙන් සටන් බිමට බට කර්නල් තුවාන් නිසාම් මුතාලිෆ් ද අද නැත.

කර්නල් මුතාලිෆ් රුදුරු වෙඩි පහරකට ලක්‌ව මිය යන්නේ මෙයට වසර 13 කට පෙර එනම් 2005 මැයි මස 31 වැනිදාය. එවකට ලුතිනල් කර්නල්වරයකුව සිටි නිසාම් මුතාලිෆ් එදා ප්‍රහාරයට ලක්‌වුණේ රත්මලාන කොතලාවල ආරක්‍ෂක පිඨයේ පවත්වන පරිගණක පාඨමාලාවක්‌ සඳහා නාරාහේන්පිට මාර්තා පාරේ පිහිටි තම නිල නිවසේ සිට යන රත්මලාන බලා අවස්‌ථාවේදී පොල්හේන්ගොඩ දීය. ඔහුගේ රියෑදුරු වන සෙබළ හේරත්ට අනුව එදා මුතාලිෆ් හඹා තුවක්‌කුකරුවන් එද්දී ඔහු මර බයෙන් අසුන යටට වැදී සැඟවී නැත. ඔහු තම ඉනේ රැඳි පිස්‌තෝලය එළියට ඇද සටන් කරන්නට සූදානම් වී තිබුණි. නමුත් සතුරාගේ මිනි ඌෂි වර්ගයේ ගිනි අවියෙන් සහ රුදුරු එම් 16 ගිනි අවියෙන් නිකුත් වූ උණ්‌ඩ මුතාලිෆ්ට කලින් ඉස්‌සර වී තිබුණි.

1966 ජූනි මස 12 වැනි දින කළුබෝවිලදී මැලේ ජාතික පියකුට දාව මැලේ මව් කුසක ඉපදෙන නිසාම් කුඩා කල සිට හැදී වැඩෙන්නේ දෙහිවල ප්‍රදේශයේයි. නිසි වයසේදී තම ප්‍රාථමික අධ්‍යාපනය සඳහා දෙමාපියන් විසින් කොළඹ ඩී. එස්‌. සේනානායක විදුහලට ඇතුළත් කරන ඔහු සාමාන්‍ය පෙළ ඉහළින් සමත්ව උසස්‌ පෙළ පන්තියට ද ඇතුල් වෙයි.

මුතාලිෆ් යනු දීප්තිමත් ශිෂ්‍යයෙකි. ඔහු අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවටත් අති දක්‍ෂයෙකි. පාසලේ රගර් කණ්‌ඩායම නියෝජනය කළ ඔහු මලල ක්‍රීඩාවලට ද උපන් සමතෙකි. මෙය ලියන ලියුම්කරු නිසාම් මුතාලිෆ් සමඟ පළමු වැනි ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්‌වා එකම පන්තියේ කීප විටක්‌ වාඩි වෙමින් එකම ශ්‍රෝණියේ සිටි ඔහුගේ ඉතාම කුළුපග මිතුරකුව සිටි නිසා ඒ බව වගකීමෙන් සහතික කළ හැක.

වචනයේ පරිසමාප්තියෙන්ම මුතාලිෆ් දඟකාරයෙකි. අධ්‍යාපන කටයුතුවලදී ක්‍රීඩාවේදී මෙන්ම දඟකාර කටයුතු වලදී ද ඔහු සමඟ හැරෙන්නට කවුරු හරි පාසලේ සිටියා නම් ඒ අත ලොස්සකි. 

ඔහු සියල්ල මනාව බැලන්ස් කළ යෞවනයෙකි. පාඩම් කරද්දී පාඩම් කළේය. සෙල්ලම් කරද්දී සෙල්ලම් කළේය. ගහ බැණ ගනිද්දී ගහ බැණ ගත්තේය. වාද කරද්දී වාද කළේය. කමිස ඉරාගෙන ලේ හලාගෙන අතින් පයින් ගහගත්තේය. අසාධාරණයට එරෙහිව නැඟී සිටියේය. කොල්ලන් සමඟ පාසලින් කට්‌ටි පැන බොරැල්ල ලිඩෝ එකේ හෝ මරදාන රූබි එකේ චිත්‍රපට බලන්නට ගියේය. සගයන් සමඟ ගල්කිස්‌ස මුහුදු වෙරළේ විනෝද විය. සිංහල සාහිත්‍ය සංගමයේ කතා පැවැත්වීය, කවි කීවේය. ගීත ගායනා කළේය. වරක් හතරෙ පන්තියේ සිටිද්දී සිංහල සාහිත්‍ය සංගමයේ රැස්වීමකට ඔහුගේ පන්තියේ සිටි ගාල්ලගේ නමැති කොල්ලා නොහඬන් ලඳුනේ ගීතය ගයද්දී ඔහු විජය කුමරු ශ්‍රී ලංකාවට ගොඩබැස්සා සහ සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව් යන ගී ගැයුවේ ලියුම්කරුද එම කරත්තයට නග්ගා ගනිමිනි. එකල එනම් 70 දශකයේ මුල් කාලයේ ජනතා විමුක්‌ති පෙරමුණේ සිරකර සිටි සහෝදරයන් මහ නඩුව සඳහා උසාවි රැගෙන ගියේ අප උගත් පාසල ඉදිරියෙන් දිවෙන ග්‍රෙගරි පාර හරහාය. 

උන් නිලA පාට බන්ධනාගාර බසයේ උසාවි යද්දී ගයමින් යන සාදුකින් පෙළෙන සිංදුව අපි එකල කට පාඩම් කර ගෙන සිටියේ යම් දවසක ගුරුවරුන් ඉදිරියේ ගයන අදහසිනි.

පාසල් සමයේ අවසාන කාලයේ මුතාලිෆ් යනු හොඳ නරක සහ අන්තිම නරක යන තුන් ඉරියව්වෙන්ම කැපී පෙනුණු චරිතයකි. ඔහු එකල නොකළ වරදක්‌ නැත. නොකැඩූ පණතක් නැත. වරෙක වළේ පතුළටම බැස්සේය. නමුත් හැමෝම ඔහුට ආදරේ කළේය. සැලකුවේය. සියල්ලන් අතර ඔහු කැපී පෙනුන චරිතයක්‌ විය.

පාසල් දිවිය අවසන් වූ වහාම ඔහු තෝරා ගත්තේ හෝටල් රස්‌සාවයි. උසට සරිලන මහත උත්තුංග ශරීරය, අහිංසක නොවුණත් අහිංසක පාට මුහුණ, සමේ ඇති ඡවි වර්ණය, හැඩකාර ගමන බිමන සහ කතා ශෛලිය නිසා ඔහුට හෝටල් කීපයකම රැකියාවේ දොරටු ඇරුණි. ගල්කිස්ස මහ හෝටලයේ මද කලක් කැෂියර්වරයකු ලෙස සිටි ඔහු පසුව අහුන්ගල්ලේ ට්‍රයිටන් හෝටලයේ රැකියාවට ගියේය.

කැඩෙට්වරයකු හෝ හමුදා නිලධාරියකු වශයෙන් යුද හමුදාවට, නාවුක හමුදාවට, ගුවන් හමුදාවට හෝ පොලිසියට බැඳීමේ උණ එකල පැවතියේ මුතාලිෆ්ට පමණක්‌ නොවේ. ප්‍රියංක ප්‍රනාන්දු, අතුල තිරිමාවිතාන, සමන්ත ඕවිටිපාන සුජීව රත්නායක නාගිත නානායක්කාර සහ ලියුම්කරු ද යුද කරනු පිණිස හමුදාවකට බැඳෙන්නට කැමැත්තෙන් සිටියහ. 

අහුන්ගල්ල හෝටලයේ සේවය කරද්දීම මුතාලිෆ්ට යුද හමුදාවේ ප්‍රථම සම්මුඛ පරීක්‍ෂණයට යැමට අවස්‌ථාව හිමිවිය. ලියුම්කරු ද ඔහු සමඟ එදා එකම පෝලිමේ සිටිය ද අවසන් සම්මුඛ පරීක්‍ෂණයෙන් පවා සමත් වුවද, ලියුම්කරුගේ පියා ඡේ. ආර් රජයට ගැති යූ ඇන් පී කාරයකු නොවන නිසා මන්ත්‍රී ලැයිස්තුවෙන් කැපී සහ ගෙදරින් ආ බාධා නිසා හමුදා ආසාව ලත් තැනම ලොප් විය. කලින් සඳහන් කළ සියලු දෙනාම හමුදාවන්ට බැඳුනු අතර ඔවුන් සියල්ලෝම පසුව යුද ජයග්‍රහණයට දායක විය.

1986 දී කැඩෙට්වරයෙක් වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුණු මුතාලිෆ් තම දක්ෂතා මත ඉතාම ඉක්මණින් ඉහළට ගියේය. 1987 දී දෙවැනි ලුතිතන්වරයෙක් වශයෙන් හතර වැනි ගැමුණු රෙජිමේන්තුවේ කොමිෂන් ලබා වඩමාරච්චි මෙහෙයුමට එක්‌ වූ ඔහු 1989 දී ලුතිතන් නිලයට උසස් විය. 1992 දී කපිතාන්වරයකු බවට පත්වූ මුතාලිෆ් 1995 දී මේජර් නිලයට පත්විය.

මිය යැමට මාසයකට පෙර එනම් 2005 මැයි මස 01 වැනි දින මුතාලිෆ් ලුතිතන් කර්නල් ධුරයට උසස්වීම ලද අතර මිය ගිය පසු ඔහුට දෙන ගෞරවයක් වශයෙන් චන්ද්‍රිකා රජය විසින් නිසාන් මුතාලිෆ්ව කර්නල් ධුරයෙන් පුදනු ලැබීය.

තම හමුදා ජීවිතයේ වැඩි කාලයක් බුද්ධි අංශයේ නිලධාරියෙක් ලෙස උතුරු සහ නැගෙහිර පළාත්වල අගනා මෙහෙයක් ඉටුකර ඇති මුතාලිෆ් පකිස්ථානය , බංගලාදේශය, හවායි, ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල හමුදා බුද්ධි මෙහෙයුම් පිළිබඳ උසස් පුහුණු ලබා ඇත.

ඔහු කළ සේවා අගයමින් රණ වික්‍රම පදක්කම, ශ්‍රී ලංකා යුද හමුදා දීර්ඝ සේවා පදක්කම, උතුරු නැඟෙනහිර ක්‍රියාන්විත පදක්‌කම, පූර්ණ භූමි පදක්කම, වඩමාරච්චි ක්‍රියාන්විත පදක්කම, රිවිරැස මෙහෙයුම් සේවා පදක්කම වැනි උපහාර පදක්‌කම් රැසකින් ඔහු පිඳුම් ලබා ඇත.

යුද හමුදාවේ දිගු දුර මෙහෙයුම් බළකාය (LRRP) Long Range Reconnaissance Petrol අරඹා එතුළින් අනගි මෙහෙයක් ඉටුකළ බුද්ධි අංශයේ අනුත්තර අණදෙන්නාව සිටි අප කථානායකයා උතුරු නැඟෙනහිර රණ බිමේ කළ කී දෑ අදටත් හමුදාවේ බොහෝ අය කතා වෙයි .

'පේන්න හිටියෙ නැත්තං මාව හොයන්න එපා.. මං ඉක්‌මනට එනව' යයි තම හමුදා කණ්‌ඩායමේ සෙබළුන්ට කියා මහ රෑ හමුදා කඳවුරෙන් හිටි හැටියේ අතුරුදන් වන මුතාලිෆ් නැවත තම සගයන් වෙත එන්නේ ඉරු නැගෙන උදෑසන අලුයම් ජාමයේයි. මඩ තැවරුණු බූට්ස්. ලේ තැවරුණු ඇඳුම් ආදිය ඉවත් කොට තාමත් දුම් පිටකරන ගිනි රස්නය දෙන රිවෝල්වරය ගලවා කොට්‌ටය යටින් තබා ලදරුවකු මෙන් නින්දට වැටෙන ඔහු මද වෙලාවකින් නැගිට තම සහයකයන්ට අණ දෙන්නේ අහවල් තැන වැටී සිටින කොටි සාමාජිකයන්ගේ මල සිරුරු කඳවුර වෙත රැගෙන එන ලෙසයි. සමහරදාට සෙබළුන්ට එසේ මහ රෑ නාඳුනන තුවක්කුකරුවකුගේ රිවෝල්වර උණ්ඩයකින් මැරී තැන තැන වැටී සිටින දරුණු කොටි ත්‍රස්තවාදීන්ගේ නිසල මළ සිරුරු දහයක් පහළොවක් පමණ කඳවුරට රැගෙන එන්නට සිදුවන බවට වාර්තා ඇත.

කොටි පාලන ප්‍රදේශයකදීම තමිල් චෙල්වම් ගමන් කරමින් සිටි වාහනයට ප්‍රහාරයක් එල්ලවීම, කර්නල් කරුණා, ජෙයම්, බාල්රාජ වැනි අය ඉලක්‌ක කර ප්‍රහාර එල්ල වීම, කර්නල් චාල්ස් සහ චෙලියන් ඇතුළු ත්‍රස්තවාදී පිරිසක් වටකර මරුමුවට පත් කිරීම වැනි කරුණු නිසාත් මුහුදු කොටි නායක ගාන්ධි අමරන් මුලතිව් මුහුදේදී මරා දැමීම, කොටි ගුවන් බළකායේ නිර්මාතෘ වයිතිලිංගම් සෝතිsලිංගම් හෙවත් කර්නල් ශංකර් වැනි භයානක කොටි නායකයන් ඔඩ්ඩුසුඩාන් වලදී මරා දැමීම වැනි කරුණු නිසා ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයන්ට මුතාලිෆ් ගැන මහත් බියක්‌ ඇති විය. ඉහත සියලුම ක්‍රියාන්විතයන් සිදු වූයේ මුතාලිෆ් විසින් අණදුන් මහසෝන් බළකාය මගින් බව කොටි නායකයන් දැන ගෙන සිටියහ. ඒ නිසා මුතාලිෆ් ඉක්‌මනටම රණ බිමෙන් පමණක් නොව මෙලොවින්ම තුරන් කැර දැමීමට පිරබාහරන්ට තදින්ම ඕනෑවී තිබුණි.

2001 වසරේ අග බලයට ආ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ පොලිස් නිලධාරියෙකු වන කුලසිරි උඩුගම්පොල විසින් මෙහෙයවන ලද මුග්ධ මෙහෙයුමක් වූ, මිලේනියම් ආරක්‍ෂක නිවස්න පාවාදීමේ ක්‍රියාව නිසා මුතාලිෆ් ඝාතනය ඉක්මන් විය. එම සිදුවීම නිසා කොටි සංවිධානයේ බුද්ධි අංශයට මෙන්ම සමස්ත ලෝකයටම අපේ හමුදා බුද්ධි අංශ රහස් විවරවීම සිදු වුණි. හමුදාවට ඔත්තු සැපයූ ඉන්µdaමර්ලා මෙන්ම උසස් හමුදා නායකයන් බොහෝමයක් ඝාතනයට ලක් වුණි. මුතාලිෆ්ට මරු කැඳවීම ද ඉක්මන් වූයේ මෙම මහා මිලේනියම් පාවාදීමේ ප්‍රතිපලයක් නිසා බව මතයක් පවතී.

පොල්හේන්ගොඩදී වෙඩි වැදී මිය යන විට මුතාලිෆ් අවුරුදු 39 ක තරුණයෙකි. ඔහු විවාහවී සිටියේ ද යුද හමුදාවේ නිලධාරිනියක වන කුමුදිනී නමැති සිංහල තරුණිය සමගයි. ඇය එකල මේජර් වරියව සිටි අතර මෑතකදී යුද හමුදාවෙන් විශ්‍රාම යන විට ඇය කර්නල්වරියකි. නිසාම් මුතාලිෆ් තනිකර දමා ගියේ සිය බිරිඳ කුමුදිනී පමණක්‌ නොවේ. ඔවුන්ට සාරා නමින් දියණියක ද මාලික් නමින් සුරතල් පුතනුවකු ද සිටියි. මුතාලිෆ් මිය යන විට සාරා දියණියට වයස අවුරුදු නවයකි. පුත් මාලික්‌ යන්තම් අවුරුදු හතර පසු කළා පමණි.

විශ්‍රාමික ලුතිනන් කර්නල් කුමුදිනී අමරසිංහ මුතාලිෆ් මනෝ උපදේශනය පිළිබඳ උසස් ජාත්‍යන්තර පාඨමාලාවක් හදාරා ඇය ලද දැනුම තුළින් අසහනයට සහ පීඩාවට පත් අය සඳහා මනෝ උපදේශනය සේවා සපයයි. ඇය මිතුරු සෙවන මත් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ බාහිර මනෝ උපදේශිකාවක් වශයෙන් ද ගරු ස්වේච්ඡා සේවාවක්ද කරනු ලබයි.

නිසාම් මුතාලිෆ්ගේ දෙමාපියන් ඔවුන්ගේ ගල්කිස්සේ මහ ගෙදර විවේකයෙන් විශ්‍රාම සුවයෙන් කාලය ගත කරයි. මුතාලිෆ් වැනි උදාර, තමාට පෙර රට ගැන සිතා කටයුතු කළ වීරයෙක් බිහිකළ මෙම යුවළට සහ මුතාලිෆ්ගේ පවුලේ අයට අපි දිගාසිරි පතමු.

- මිත්‍ර ශ්‍රී කරුණානායක (දිවයින)

සම්බන්ධිත පුවත් | Related News

හෙළයේ මහැදුරු මහාචාර්ය නලින් ද සිල්වා මැතිඳුන්ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය ඉකුත් දා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.
තමන්ව රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයෙන් ඉවත් කරන ලද්දේ වර්තමාන ආණ්ඩුවට සම්බන්ධ ආචාර්ය සංගම්වල නියෝජිතයන් සහ ආණ්ඩුවට සම්බන්ධ ශිෂ්‍ය සංගම් විසින් බව රුහුණු විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා පවසයි.
බොරුවෙන් බලයට පත්වූ ආණ්ඩුව තමන්ට කප්පම් ගෙවන ව්‍යාපාරිකයන්ට හැරුනු විට වෙනත් කිසිඳු පුද්ගලයකුට ව්‍යාපාරයක් කිරීමට සහන නොදෙන බවත්, අනුර කුමාර ජනාධිපති වී කුඩු, රත්‍රං, ආයුද කන්ටේනර් 320ක් එළියට දැමූ බවත් එක්තරා පුද්ගලයකු විසින් පවසන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
උතුම් දළඳා ප්‍රදර්ශනය සම්පූර්ණයෙන්ම අසාර්ථක, කලබගෑනියක් වීමේ වගකීම පැහැදිලිවම රජය භාරගත යුතුය.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
ඒ මිනිස්සු තමන්ගේ පාඩුවේ කුළියක් මලියක් කරගෙන, එදා වේල හම්බ කරගෙන හිටපු මිනිස්සු. හදිසියේම ජනාධිපති තුමා නුවර ඇවිල්ලා දළදා වන්ඳනාවට දින නියම කළා... ඒක හැම මාධ්‍යයකම ප්‍රචාරය කළා... හැමෝම එන්න එන්න, දන්සල් 100 ගණනක් දෙන්න සූදානම්, හැම තැනම වැසිකිළි පහසුකම්, කසළ බැහැර කිරීමේ පුළුල් වැඩසටහනක් ආරම්භ කරලා තියනවා, පුළුල් ආරක්ෂක වැඩ පිළිවෙලක් තියනවා, සනීපාරක්ෂාව උපරිමයි, මේ අවස්ථාවට සහභාගී නොවීම අකුසලයක් ආදී ලෙස කියලා පුරසාරම් කෝටියයි...

ප්‍රධාන පුවත්

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.