යුක්තිය නවතී.... පාතාලය – මත් ජාවාරම් මර්දනයට විශේෂ මෙහෙයුම්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ආරම්භ කළ ‘යුක්තිය’ මෙහෙයුම නතර කර ඒ සඳහා අනුයුක්ත කර සිටි නිලධාරීන් එම රාජකාරිවලින් ඉවත් කර මින් ඉදිරියට එක් එක් පළාත්, දිස්ත්‍රික්, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ පූර්ණ බලතල මත පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර තිබේ.
පොලිස් ස්ථානාධිපතිවරුන් කැඳවා ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීමට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීමට ප්‍රියන්ත වීරසූරිය මහතා කටයුතු කර ඇත.
යුක්තිය මෙහෙයුම මගින් සාර්ථක ප්‍රතිඵල නෙළා ගත්තද එහි අඩු පාඩු රැසක් දක්නට ලැබෙන නිසා එම මෙහෙයුම මෙසේ නතර කිරීමට කටයුතු කළ බවද වැඩබලන පොලිස්පතිවරයා පවසයි.
යුක්තිය මෙහෙයුම යටතේ ඇතැම් නිලධාරීන් ඉතාම අසාධාරණ ආකාරයේ අත්අඩංගුවට ගැනීම් සහ වැටලීම් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවද ඒ මහතා පවසයි. එවැනි ආකාරයේ නීත්‍යනුකූල නොවන ක්‍රියාවන් කළ නිලධාරීන්ට එරෙහිව විමර්ශන ආරම්භ කරන බවද ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
යුක්තිය මෙහෙයුම නතර කිරීමෙන් පසු පොලිස් ස්ථානවලට සහ කොට්ඨාසවලට අනුයුක්ත කර සිටි විශේෂ රාජකාරි රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලුම නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම විශේෂ රාජකාරිවලින් මුදාහැරීමට කටයුතු කර ඇත.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..