News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපතිවරණය අතුරුදන් කිරීමට ආණ්ඩුව ගහන ගේම් එක විමල් හෙළිකරයි

Nov 1, 2023 at 06:45 AM
|

ස්ථාවර පාර්ලිමේන්තුවක් හැදෙන ඡන්ද ක්‍රමයක් පෙන්වා, ‘විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් අවශ්‍ය නැහැ. අගමැති මූලික කරගත් ක්‍රමයකට යමු!” යන මතයට සියලු පක්ෂ එකඟ කරවා ගෙන, ඊට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතර බලයක් සහ එම මතය ජනමතවිචාරණයකින් ජයග්‍රහණය කරවා, අවසානයේ ජනාධිපතිවරණය අතුරුදහන් කරවා, 2025 අග එන මහ මැතිවරණය තෙක් තම විනාශකාරී ගමනේ ඉදිරියට යාම ආණ්ඩුවේ ප්‍රධානතම ඉලක්කය බවත් එම ඉලක්කය සපුරා ගැනීමට ආණ්ඩුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනටමත් කළමනාකරණය කරගෙන ඇති බවත් සජබ ඇතුළු විපක්ෂයේ සෙසු පක්ෂ ඒ සඳහා කළමනාකරණය කරගනිමින් සිටින බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වාදෙයි.

පෙරේදා (30) රාත්‍රියේ පැවති උත්තර ලංකා සභාගයේ පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා ලබා දුන් පිළිතුරු පහත දැක්වේ.

ජනාධිපතිවරයා කියනවා, ‘මෙවර අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා. පුළුවන්නම් පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමක් කරන්න’ කියලා…

ජනාධිපතිවරයා මොනවා හරි ‘දහම්ගැටයක්’ ගහලා ජනාධිපතිවරණයක් නොපවත්වා, එතැනින් එහාට රටේ අනාගතයක් ගැන නොසිතා යන ගමනක් යෑමටයි සූදානම් වන්නේ. ඒ නිසා කෙටිකාලීන ජනප්‍රිය උත්තර දීලා තමන්ගේ ආසන්න දේශපාලන ඉලක්කය සපුරාගන්න පුළුවන්. අද අපේ රට වැටී තිබෙන්නේ කෙටිකාලීන ‘චූන්පාන්වලින්’ දුවන්න පුළුවන් ගමනකට නෙවෙයි. ‘කෙටිකාලීන චූන්පාන් විකුණාගෙන’ තමයි අපි මේ දේශපාලනය හැමදාම කරලා තිබෙන්නේ. ඒ නිසයි අපට වැරදුණේ. ඒක වහාම නතර කරලා අපි එතැනින්  එළියට එන මාවත තෝරාගන්න ඕනේ. ඒක ජනප්‍රිය නොවෙන්න පුළුවන්. නමුත් කෙටිකාලීනවත් මධ්‍යකාලීන හා දිගුකාලීනවත් මේ රට යහපත් තැනකට ගෙනඑන්න නම් එහෙම කරන්න ඕනේ.

දැන් නිදසුනක් ලෙස විදුලි බල අර්බුදය දෙස බලන්න. මේ පාලකයන්ට තිබෙන එකම සහ අවසාන උත්තරය බවට පත්වෙලා තිබෙන්නේ විදුලි බිල ඉහළ නැංවීමයි. එමගින් කර්මාන්තකරුවා හතරගාතෙන් වැටෙන එකවත් සාමාන්‍ය පාරිභෝගිකයාට ඇති වන පීඩනය, ඒ කියන්නේ කන්න, බොන්න තිබෙන මුදලින් විදුලි බිල ගෙව්වාම හාමතේ මැරෙන්න වෙන එකවත් ගැන මේ පාලකයන්ට කිසිදු වගවිභාගයක් නැහැ. ඒකෙන් පෙනෙනවා, එයාලගේ උත්තරේ කියන්නේ රට ප්‍රපාතයෙන් ප්‍රපාතයට ඇදගෙන යන එකක් එකක් මිස පවතින අර්බුදයෙන් එළියට ගන්න එකක් නොවෙයි, කියා. අපි හිතනවා, ‘මේ නාස්තිකාර ගමනින් මේ රටට මේ ඉරණමෙන් ගැලවෙන්න බැහැ. රටේ පොදු ජනතාව ගැඹුරින් කල්පනා කරලා නව දේශපාලන ගමනකට සූදානම් විය යුතුයි’ කියා.

පාලකයන්ගේ සුරතලුන් “නොගෙවූ විදුලි බිල් – නොගෙවූ බදු” රුපියල් බිලියන ගණනක්. ඒවා අය කරගත්තොත් ණය ගන්න ඕනේ නැහැ නේද?

ඔව්! අපි දන්නවා, බැංකුවලට පොලු තියපු ආණ්ඩුවේ සුරතලුන් ඉන්නවා. ඒ අයගෙන් කිසිදු ලෙසකින් ඒ මුදල් අය කරගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ වගේම ආදායම් බදු නොගෙවූ අය විශාල පිරිසක් ඉන්නවා. ඒ අයගේ ‘ෆයිල්’ හංගලා තිබෙන්නේ. ඒවා නැවත අය කරගන්න විදිහක් බලන්නේ නැහැ. ඒ වගේම විදුලිය පිරිමසන විදියකට මහජනතාව පොළඹවන්නේ නැහැ. ඒ වගේම අඩු පිරිවැය විදුලිය උත්පාදනය ප්‍රවර්ධනය කරන්නේ නැහැ. මේ කිසිවක් නොකර තමයි, ‘සාමාන්‍ය ජනතාවගේ බොටුව මිරිකන – රීරි මාංශය හූරාගෙන කන ප්‍රතිපත්තියක’ මේ ආණ්ඩුව ගමන් කරන්නේ. සොරකම් වැඩිවීම, මන්දපෝෂණය, විරැකියාව ඇතුළු ජීවිතය ගැටගසාගන්න නොහැකිවීම නිසා ඇති වන ගැටලු රැසක් සහිත මහා සමාජ ව්‍යසනයකට අපි ඇද වැටේවි. දැනටමත් අධික පිරිවැය නිසා කර්මාන්ත වැසෙමින් යනවා. ඒ සමග විරැකියාව වැඩි වෙමින් තිබෙනවා.

විදෙස් ආයෝජකයන් ලංකාවට පැමිනේවි ද?

මේ වගේ තත්ත්වයක් එක්ක මොළේ කළඳක් හෝ තිබෙන ආයෝජකයෙකු ලංකාවට පැමිණෙයි, කියා හිතන්න බැහැ. සමහරවිට බදු සහන පැකේජ ලැබෙන විශේෂ ආර්ථික කලාපවලට ඇතැමෙකු පැමිණීමට පුළුවන්. පොදුවේ ගත්තාම මේ රට තිබෙන්නේ ආයෝජකයන්ගේ ආකර්ෂණය දිනාගත හැකි තත්ත්වයක නොවෙයි.

ආණ්ඩුව නියත වශයෙන්ම ඉදිරි මාස 10 ඇතුළත කවර හෝ මැතිවරණයකට මුහුණ දිය යුතුයි. ඒ නිසා ඔවුන් මේ තත්ත්වය වෙනස් කරගනියි නේද?

දැන් බලන්න, මේ ආණ්ඩුව දැනටමත් කැබිනට් පත්‍රිකාවක් මගින් පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ සාකච්ඡාවක් ආරම්භ කරලා තිබෙනවා. ඒ මගින් ආණ්ඩුව පෙන්වන්න හදන්නේ ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළාට පස්සේ ස්ථාවර පාර්ලිමේන්තුවක් ඇති වන ආකාරයේ ඡන්ද ක්‍රමයක් තමයි අපි ගෙනඑන්නේ’ කියලයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පක්ෂ අයට තිබෙන එක ප්‍රශ්නයක් තමයි, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළාම අනුපාත ක්‍රමයටම නම් පාර්ලිමේන්තු ඡන්දය පවත්වන්නේ එමගින් අස්ථාවර පාර්ලිමේන්තුවක් හැදෙන එක. ආණ්ඩුව දැන් පෙන්වන්න හදන්නේ, ‘පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කරමින් අපි ඒකට තමයි මේ විසඳුම ගෙන එන්නේ’ කියලයි.

ඒක කරගත්තොත් ආණ්ඩුව කියයි, ‘දැන් ස්ථාවර පාර්ලිමේන්තුවක් හැදෙන ක්‍රමයක් තිබෙනවා. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් අවශ්‍ය නැහැ. අපි අගමැති මූලික කරගත් ක්‍රමයකට යමු.’ කියලා. ඒ මතය සියලු පක්ෂ පිළිගත්තොත් ඒකට තුනෙන් දෙකක බහුතරය ගන්න පුළුවන් වුණොත් ඒ මතයට ජනමත විචාරණයකදී ජයග්‍රහණය කිරීමට පුළුවන් වුණොත් ඒ කියන්නේ ජනාධිපතිවරණයක් නැහැ. එහෙම වුණොත් අපට එන ඊළඟ මැතිවරණය, 2025 අග එන මහ මැතිවරණයයි. අපට පෙනෙන්නේ ආණ්ඩුව උත්සාහ කරන්නේ ඒ ඉලක්කය සපුරාගන්නයි. පොහොට්ටුව දැනටමත් කළමනාකරණය කරගෙන ඇති නිසා, ආණ්ඩුව දැන් බලන්නේ, ‘ඒකට කොහොමද සජබ ඇතුළු විපක්ෂයේ අනෙකුත් බලවේග කළමනාකරණය කරගන්නේ?’ කියලයි. මේක තමයි ආණ්ඩුවේ එකම දේශපාලන අරගලය වී ඇත්තේ.

මේ ආණ්ඩුවට මේ ගැන හිතනවා හැර රටේ ආර්ථිකය ගැන හිතන්න වෙලාවක් නැහැ. ආර්ථිකය පැත්තෙන් යමක් කරනවා නම් ඒ අර මිල්කෝ වගේ අනගි රාජ්‍ය සම්පත් අමූල් වැනි විදේශ සමාගම්වලට විකුණලා කීයක් හරි යටිමඩි ගහගන්න එකයි ඔවුන් කරන්නේ. යළි අවධාරණය කළොත් දැන් ආණ්ඩුවේ ඔළුව ඇතුළේ වැඩ කරන්නේ ඉහත කී ‘දේශපාලන ගේම් එකයි’. ඒක සාර්ථක වුණොත් ජනාධිපතිවරණයක් නැහැ.

හැබැයි ‘පොහොට්ටුවේ සමහර අය’ දැනටමත් ‘මෙවර අයවැයට අපි විරුද්ධව ඡන්දය පාවිච්චි කරනවා’ කියමින් යනවා…

මමත් දැක්කා අර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියනවා, ‘ජනාධිපතිවරයා දැනගන්න ඕනේ සන්ධානයක් විදියට වැඩ කරනකොට අනෙක් පක්ෂවල අදහස් විමසලා වැඩ කරන්න’ කියලා. නමුත් එදා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ඒ විදියට වැඩ කළා නම් දෙවියනේ අදත් ඒ ආණ්ඩුව තියෙනවානේ. නාමල් රාජපක්ෂගේ කටින් එහෙම කියැවුණු එක දෛවයේ සරදමක්. ඒක ‘දිට්ඨ ධම්ම වේදනීය කර්මය’ පටිසන් දීම නේද? කියා මට සිතුණා.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ආණ්ඩුව සමග තිබෙන ඇත්ත ප්‍රශ්නය කුමක්ද?

මට නම් පෙනෙන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට තිබෙන්නේ ජාතික ප්‍රශ්නයක් නොවෙයි, මහින්ද අමරවීර ඇමතිවරයාගේ ඇමති පට්ටමට තව කෑල්ලක් එල්ලපු එකේ ප්‍රශ්නයයි. ඒක නාමල් රාජපක්ෂ දකින්නේ ‘දිස්ත්‍රික්කේ මට ඉන්න තරගකරුවකු තවත් ශක්තිමත් කරලා’ කියලානේ. ‘ඒක එහෙම කරපු එක වැරදියි. ජනාධිපතිතුමා අඩුම ගාණේ අපෙන් ඒ ගැන අහන්න තිබුණානේ’ වගේ එකක්නෙ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ කියන්නේ.

අයවැයට කලින් තවත් ඇමති ධුර කිහිපයක් බෙදාදෙන්න හදන බව පෙනෙනවා…

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හිටපු ගමන් ‘ඇමති දන්සලක්’ අරිනවා. ටික දෙනෙකුට කවනවා. ආයෙත් බඩගිනිකාරයෝ වැඩිවෙනකොට ‘ඇමති දන්සලක්’ අරිනවා. ඒක තමයි එයාගෙ ක්‍රමය.

දයා ගමගේ මහතා කවර ආණ්ඩුව බලයට ආවත් හොඳින් ඉන්නවානේ…

ඒ මහත්තයා තමයි බැංකුවලට වැඩිම හිඟ තියලා තියෙන කෙනා. ඔවුන් තමයි අද මේ ආණ්ඩුවේ සමීපතමයන් වී සිටින්නේ. එහෙම ආණ්ඩුවකින් රටට යහපතක් වේවි කියලා අපට හිතන්න පුළුවන් ද?

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ


සම්බන්ධිත පුවත් | Related News

කිසියම් පක්‍ෂයක් ඒ ඒ පළාත් පාලන ආයතනයේ බහුතර බලයක් ලබා ගැනීමට අසමත් වුණේ නම් ඊළඟට සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරා පත් කර ගත යුත්තේ ඡන්දයකින් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පවසයි.
(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)
හිටපු රුසියානු ජනාධිපතිවරයා මෙන්ම රුසියානු ආරක්ෂක කවුන්සිලයේ වත්මන් නියෝජ්‍ය සභාපතිවරයා වන දිමිත්‍රි මෙදෙව්දෙව් දීර්ඝ තීසීයක් ඉදිරිපත් කරමින් නව ජාත්‍යන්තර අපරාධ අධිකරණයක අවශ්‍යතාවය පෙන්වා දෙයි.
නව නාසිවාදී බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් වීරෝධාර රණවිරුවන්ට උපහාර පුදන 'යුගන්ධර' විජයග්‍රහණයේ රණවිරු ප්‍රණාමය මැයි 18 වැනි දා සවස 3 ට කොළඹ 07 පදනම් ආයතනයේ දී පැවැත් වේ.
ලංකා විදුලිබල මණ්ඩලය පාඩු බව ඔප්පු කිරීම සඳහා චේතාන්විතවම ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බවත්, ජනවාරි මාසය තෙක්ම ලංකා විදුලි බල මණ්ඩලය ලාභ ලබා ඇති බව දත්ත අනුව පැහැදිලි වන බවත්, ජනවාරියේ සිට අප්‍රේල් මාසය දක්වා එහි පාඩුව රුපියල් කෝටි 2000ක් වී ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
පේරාදෙණිය විශව විද්‍යාල සිසුන් වසරක් පාසා ගලහා හන්දියේ නිර්මාණය කළ පහන් කූඩුව විශ්ව විද්‍යාල පාලන අධිකාරය තහනම් කර ඇති බවට පුවතක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වේ.
ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ප්‍රධාන පුවත්

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.