
මහා කළු සිංහලයන්ගේ පළායාම සහ ඉතිහාසය නොදන්නා පරපුරක ආගමනය
'අන්න මහ කළු සිංහලයා පලා යනෝ'...
මෙවැනි වචනයක් ඇත්තේ අපේ ඉතිහාසය තුළය.
හැබැයි ඒ ඉතිහාසය වර්තමාන පරපුර දන්නේ නැත.
ඔවුන් වැඩිපුරම දන්නේ නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සහ තව කෙනකුට අපහාස කිරීම පමණි.
සොළී හමුදාව වළගම්බා රජු පසුපස හඹා එන විට ගැබ්බර සෝමාදේවිය සමඟ රජු ආරක්ෂා වීම සඳහා පලායන්නේය.
රජු පලායන විට සොළීන්ට ඇසෙන්නට ගිරිනම් නිගණ්ඨයා උස් හඬින් කිව්වේ අන්න මහා කළු සිංහලයා පලා යන බවයි.
එසේම මාස කිහිපයක් ගැබ්බර සෝමා දේවිය රජු සමග ගමන් කළේය දේවිය සමඟ යාමෙන් බර වැඩි කම නිසා කරත්තේ සෙමින් සිදුවීම හේතුවෙන් රජු සොලීන්ට හසුවේයැයි දේවිය කල්පනා කළේය.
එබැවින් රාජ්‍යයේ ආරක්ෂාව උදෙසා රජු ආරක්ෂා කිරීම පිණිස සහ සොළීන් නොමග යවනු පිණිස දේවිය කරත්තයෙන් බැස රජුට පලායාමට දේවිය ඉඩ සැලසුවේය.
එයින් පසුව රජු සැඟව ගොස් නැවත සේනා සංවිධානය කොට රාජ්‍යයේ ආරක්ෂාව තහවුරු කල බව අතීත කතාවන් මගින් අප අසා ඇත්තෙමු.
ගැබ්බර සෝමා දේවිය සොළීන්ට හසු වූයේ තමන්ගේ ජීවිතය පවා පූජා කරමිනි.
එදා ගැහැණියකට කළ හැකිව තිබූ දේ අද මේ රටේ ගැහැණුන් පමණක් නොව පිරිමින් දහසකටවත් කළ හැකිදැයි අපේ හදවත් වලින් විමසිය යුතුව ඇත.
එවන් අතීතයක් තිබූ අප අද බඩ රැක ගැනීමට අපගේ භාවිතාව තුළින් ඉඩ ලබාදෙමින් පවතී.
ඉතිහාසය කන්න දැයි විමසමින් ඉතිහාසය විෂය ධාරාවන් ධර්මිෂ්ඨ රාජ්‍යයක් යටතේ ඉවත් කිරීමේ ප්‍රතිඵල අද වන විට ලැබෙමින් පවතී.
විශ්ව විද්‍යාල වල විශාල උපාධි ප්‍රමාණයක් ලබාගෙන සිටින විශේෂයෙන් දකුණේ බෞද්ධයයි කියාගන්නා ඇතැම් දේශපාලන කණ්ඩායම් වල නායකයන් ඉතිහාසය කෙසේ වෙතත් තමන්ගේ බුදු දහමේ මූලික ඉගැන්වීම්වල තිබෙන ධර්ම සංගායනාවන් පැවැත්වූයේ කිනම් කාලෙකදැයි දන්නෙවත් නැත.
එවන් රජුන්ගෙන් අපේ රටේ ධර්මය ආරක්ෂා කරගත හැකිද?.
එදා රජුන් ධාර්මිකව රට පාලනය කලද අප රටේ පසුගිය කාලයේ සිටි පාලකයන් රාජ්‍ය ධනය භාණ්ඩාගාරයෙන් සොරාගෙන කමින් රට අස්ථාවර කර රට පාවාදීමට කටයුතු කර ඇත්තේය.
එබැවින් පසුගිය කාලයේ රට පාලනය කළ සොර මුලට මේ රටේ මහජනතාව පිළිතුරු ලබාදී ඇතත් එමගින් රට අස්ථාවර වීමට ඉඩ ලබාදිය යුතු නැත.
රටට වින කටින ලද සොරුන් නැවත පත් කිරීමට අප උත්සාහ කළ යුතු නැත.
එහෙත් එදා අපේ මුතුන් මිත්තන් රට ආරක්ෂා කළාක් මෙන් සිහිනුවණින් වර්තමානයේ අපේ රට බඩ ගැන නොසිතා ආරක්ෂා කළ යුතුව ඇත.
එබැවින් මේ රටේ ආරක්ෂක හමුදාවන් පාවාදෙන,සමරිසි සම ලිංගික ගණිකා වෘත්තිය නීතිගත කළ රාජ්‍යයක් ක් බිහි කරන මේ රට අනාගමික රාජ්‍යයක් කර රට කෑලි වලට කඩා බෙදා පාලනය කිරීමට අප කිසිසේත් ඉඩ දිය යුතු නැත.
මේ අපගේ පමණක් නොව ඔබගේත් රටයි අපේ දරුවන් පවා පමණක් නොව ඔබගේ දරුවනුත් අනාගතයේ සුරක්ෂිතව ජීවත් විය යුතුව ඇත.
එබැවින් මේ රට සූරා කන හොරකමට දූෂණයට වංචාවට විරුද්ධ වන්න එය අයිතියකි.
එහෙත් ඔබ ඉපදුනු මාතෘ භූමියට විරුද්ධ නොවන්න.
එය කෑලි වලට කැඩීමට ඉඩ නොදෙන්න.
එය අනාගත ඔබේ දරුවාගේ ද අනාගතය විනාශ කරවන්නක් බව තේරුම් ගැනීමට ඉහල සාක්ෂරතාවයක් ඇති ඔබ හට හැකි වේ යැයි සිතමු.
එසේම මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 230 වෙනි පිටුවෙහි සඳහන් වන්නේ 2015-2019 යහ පාලන කාලයේ ගෙන එන ලද ව්‍යවස්ථාව ගෙන එන බවයි.
එදා රනිල් මෛත්‍රී පාලනය යටතේ ජයම්පති වික්‍රමරත්න ලාල් විජේනායක හරිනි අමරසූරිය විසින් දායකත්වය ලබාදී සකසන ලද එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකසන ලද අයවලුන් පිළිවෙලින් සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ සාමාජිකයන් බවට හඳුනාගත යුතුව ඇත.
ඔවුන් විසින් සකසන ලද රටට එරෙහි එම වාර්තාව ඉදිරි පාර්ලිමේන්තුවකදී එම දෙපිරිස විසින්ම එකතුව තුනෙන් දෙකක බලයක් ලබා දී අනුමත කරනු නොහැකි යැයි කිසිවෙකුට සහතික ලබාදිය නොහැක.
අපි ඔබට සෝමා දේවිය මෙන් වීමට යැයි නොකියමු ..සෝමා දේවිය තම කුසේ සිටි දරුවා ගැනවත් අමතක කර රට ගැන සිතුවේය.
අප ඔබට යෝජනා කරන්නේ ඔබගේ දරුවා ගැන සිතා රටට එරෙහි එම ව්‍යවස්ථා කෙටුම්පත පරාජය කිරීමට දැන් සිටම සිහියට තබාගත යුතු බවයි.
- මහජන යුතුකම් කේන්ද්‍රය
ලාල් විජේනායකලාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුපතේ පිටපත් සහ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 230 පිටුව පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
