
ඔහොම ගියාම ගහන්න හිතෙන්නේ නැද්ද මල්ලි...?
එයාලා පෝස්ටර් අලවන්න එන්නේ සෙට් පිටින් පැජරෝවල. අපේ අය යන්නේ ෆුට් බයිසිකලේ. පාප්ප බාල්දි එල්ලගෙන, දෙන්නෙක් ෆුට් සයිකලේ ඩබල් දාලා ගිහින්, බයිසිකලේ ලයිට් කණුවකට හේත්තු කරලා නවත්තලා, අපි ඔහොමනේ පෝස්ටර් අලවන්නේ... ඉතින් ඕවා දැක්කාම උන්ට ගහන්න හිතෙන්නේ නැද්ද? ඔහොම ගිහින් ගුටි නොකා ආවොත් තමයි පුදුමේ...
ඒ නිසා පෝස්ටර් අලවන්න යද්දි අඩු ගානේ හතර පස්දෙනෙක්වත් යන්න. වෙන යන්න වාහනයක් නැතිම නම් ෆුට් බයිසිකලේ ගියාට කමක් නෑ. හැබැයි ෆුට් සයිකලේ යන එක මහා වීරකමක් කියලා සලකන්න එපා. ඒ නිසා වාහන නැත්නම් මෝටර් බයික් එකක්වත් හොයාගන්න බලන්න.
ඊළඟට ඔය ගෙවල්වලට කැන්වසින් ගියාම මේ ගෝලීයකරණයයි, නව ලිබරල්වාදයයි, මාක්ස් ලෙනින්වාදයයි ඔය අපබ්‍රංස කතා කරන්න යන්න එපා. අපේ අය ඕවා ගැන පොත් කියවලා හොඳට කට පොලිෂ් කරගෙනනේ ඉන්නේ මේවා ටික අතාරින්න තැනක් හම්බවෙන කල්. ඒවා වෙන තැනක බෙදාහදා ගන්න. හැබැයි ගෙවල්වලට ගියාම මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් අපිට ඡන්දෙ දෙන්න කියන පණිවිඩේ දුන්නාම ඇති.
අනික කැන්වසින් යද්දි බුලත් විට කකා, හඬු ඇඳුම් ඇඳගෙන, සෙරෙප්පු කෑලි දාගෙන යන්න එපා. අපි පක්ෂේ වෙනුවෙන් හරි දුෂ්කරතා විඳින මිනිස්සු කියලා බලෙන් පෙන්නන්න යන එකත් අපේ අයගේ පොඩි විලාසිතාවක්නේ. හැබැයි ඒවා රටේ මිනිස්සුන්ට හරි යන්නේ නෑ. ඒ නිසා දත කට මැදගෙන, තියන එක ඇඳුම හරි හෝදලා මැදලා ඇඳගෙන මනුස්සයෝ වගේ පිළිවෙළකට ගෙවල්වලට යන්න.
👉 මේ 2000 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ජවිපෙ ඉහළ සහෝදරයෙකු සිය සාමාජික පිරිසක් අමතමින් කී කතා ටිකකි.
👉 එදා මමද මේ සාකච්ඡාවට සහභාගී වී සිටි අතර, එවකට මගේ වයස අවුරුදු දහඅටකි.
👉 එදා ඒ සහෝදරයා ඉතා සිනාමුසු මුහුණින් හාස්‍ය හා උපහාසය සහිතව කියූ මේ කතා මට දැනුණේ මගේ පපුවට එල්ල කළ පිහි පහරවල් සේය.
👉 ඒ මෙහි ඔහු උපහාසයෙන් බැහැර කළ ජෙවීපී කාරයන්ට අදාළ සියලු විකාර ලක්ෂණ මා තුළද නොඅඩුව පැවති නිසාය.
👉 එදා සිය පක්ෂ සාමාජිකයන් හාස්‍යයට ලක් කරමින් මා ලැඡ්ජාවට පත් කළ ඒ සහෝදරයා අද රටේ නව වැනි විධායක ජනාධිපති බවට පත් වී තිබේ.
👉 අද මා ජවිපෙ හෝ කිසිදු පක්ෂයක සාමාජිකයෙක් නොවුණද, එදා සිට අද දක්වා බොහෝ බාධක මැද අඛණ්ඩව ජවිපෙ තුළ රැඳී සිටි ඔහු අද එහි නායකයා වීමෙන් නොනැවතී රටේ නායකයා බවටද පත්වීම අපූරු සිදුවීමකි.
👉 අනුර සහෝදරයාගේ ඇතැම් අදහස් උදහස් ක්‍රියාකාරකම් ගැන නොයෙක් ප්‍රශ්න විවේචන තිබුණද, අපේ මතවාදවලට කරළිය විවර කර දී ඔහු ඇනගන්නා වන තුරු බලාසිටීම මගේ ප්‍රතිපත්තිය නොවේ.
👉 ඒ වෙනුවට මගේ ප්‍රාර්ථනාව ඔහු සාර්ථක වනු දැකීමය. ඒ මන්දයත් ඔහු අසාර්ථක වුවහොත් අසාර්ථක වන්නේ ඔහු පමණක් නොව සමස්ත රටම වන බැවිනි.
👉 ඒ අනුව දේශපාලන මතවාද පසෙක තබා මිහිරි අතීත මතකයන්ගේ ආස්වාදයද සහිතව මම නව ජනාධිපති සහෝදරයාට සුබ පතමි.
- ඉසුරු ප්‍රසංග
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
