ඔහොම ගියාම ගහන්න හිතෙන්නේ නැද්ද මල්ලි...?
එයාලා පෝස්ටර් අලවන්න එන්නේ සෙට් පිටින් පැජරෝවල. අපේ අය යන්නේ ෆුට් බයිසිකලේ. පාප්ප බාල්දි එල්ලගෙන, දෙන්නෙක් ෆුට් සයිකලේ ඩබල් දාලා ගිහින්, බයිසිකලේ ලයිට් කණුවකට හේත්තු කරලා නවත්තලා, අපි ඔහොමනේ පෝස්ටර් අලවන්නේ... ඉතින් ඕවා දැක්කාම උන්ට ගහන්න හිතෙන්නේ නැද්ද? ඔහොම ගිහින් ගුටි නොකා ආවොත් තමයි පුදුමේ...
ඒ නිසා පෝස්ටර් අලවන්න යද්දි අඩු ගානේ හතර පස්දෙනෙක්වත් යන්න. වෙන යන්න වාහනයක් නැතිම නම් ෆුට් බයිසිකලේ ගියාට කමක් නෑ. හැබැයි ෆුට් සයිකලේ යන එක මහා වීරකමක් කියලා සලකන්න එපා. ඒ නිසා වාහන නැත්නම් මෝටර් බයික් එකක්වත් හොයාගන්න බලන්න.
ඊළඟට ඔය ගෙවල්වලට කැන්වසින් ගියාම මේ ගෝලීයකරණයයි, නව ලිබරල්වාදයයි, මාක්ස් ලෙනින්වාදයයි ඔය අපබ්‍රංස කතා කරන්න යන්න එපා. අපේ අය ඕවා ගැන පොත් කියවලා හොඳට කට පොලිෂ් කරගෙනනේ ඉන්නේ මේවා ටික අතාරින්න තැනක් හම්බවෙන කල්. ඒවා වෙන තැනක බෙදාහදා ගන්න. හැබැයි ගෙවල්වලට ගියාම මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් අපිට ඡන්දෙ දෙන්න කියන පණිවිඩේ දුන්නාම ඇති.
අනික කැන්වසින් යද්දි බුලත් විට කකා, හඬු ඇඳුම් ඇඳගෙන, සෙරෙප්පු කෑලි දාගෙන යන්න එපා. අපි පක්ෂේ වෙනුවෙන් හරි දුෂ්කරතා විඳින මිනිස්සු කියලා බලෙන් පෙන්නන්න යන එකත් අපේ අයගේ පොඩි විලාසිතාවක්නේ. හැබැයි ඒවා රටේ මිනිස්සුන්ට හරි යන්නේ නෑ. ඒ නිසා දත කට මැදගෙන, තියන එක ඇඳුම හරි හෝදලා මැදලා ඇඳගෙන මනුස්සයෝ වගේ පිළිවෙළකට ගෙවල්වලට යන්න.
👉 මේ 2000 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ජවිපෙ ඉහළ සහෝදරයෙකු සිය සාමාජික පිරිසක් අමතමින් කී කතා ටිකකි.
👉 එදා මමද මේ සාකච්ඡාවට සහභාගී වී සිටි අතර, එවකට මගේ වයස අවුරුදු දහඅටකි.
👉 එදා ඒ සහෝදරයා ඉතා සිනාමුසු මුහුණින් හාස්‍ය හා උපහාසය සහිතව කියූ මේ කතා මට දැනුණේ මගේ පපුවට එල්ල කළ පිහි පහරවල් සේය.
👉 ඒ මෙහි ඔහු උපහාසයෙන් බැහැර කළ ජෙවීපී කාරයන්ට අදාළ සියලු විකාර ලක්ෂණ මා තුළද නොඅඩුව පැවති නිසාය.
👉 එදා සිය පක්ෂ සාමාජිකයන් හාස්‍යයට ලක් කරමින් මා ලැඡ්ජාවට පත් කළ ඒ සහෝදරයා අද රටේ නව වැනි විධායක ජනාධිපති බවට පත් වී තිබේ.
👉 අද මා ජවිපෙ හෝ කිසිදු පක්ෂයක සාමාජිකයෙක් නොවුණද, එදා සිට අද දක්වා බොහෝ බාධක මැද අඛණ්ඩව ජවිපෙ තුළ රැඳී සිටි ඔහු අද එහි නායකයා වීමෙන් නොනැවතී රටේ නායකයා බවටද පත්වීම අපූරු සිදුවීමකි.
👉 අනුර සහෝදරයාගේ ඇතැම් අදහස් උදහස් ක්‍රියාකාරකම් ගැන නොයෙක් ප්‍රශ්න විවේචන තිබුණද, අපේ මතවාදවලට කරළිය විවර කර දී ඔහු ඇනගන්නා වන තුරු බලාසිටීම මගේ ප්‍රතිපත්තිය නොවේ.
👉 ඒ වෙනුවට මගේ ප්‍රාර්ථනාව ඔහු සාර්ථක වනු දැකීමය. ඒ මන්දයත් ඔහු අසාර්ථක වුවහොත් අසාර්ථක වන්නේ ඔහු පමණක් නොව සමස්ත රටම වන බැවිනි.
👉 ඒ අනුව දේශපාලන මතවාද පසෙක තබා මිහිරි අතීත මතකයන්ගේ ආස්වාදයද සහිතව මම නව ජනාධිපති සහෝදරයාට සුබ පතමි.
- ඉසුරු ප්‍රසංග
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..