අනුරට ගිය රට
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 230 වැනි පිටුවේ අලුත් ව්‍යවස්ථාවක් හදන හැටි කියනවා. 2015-2019 යහපාලන කාලයේ ගෙන ගිය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන වැඩපිළිවෙළ ප්‍රකාරව එම අලුත් ව්‍යවස්ථාව හදන බවට අනුර පොරොන්දු වෙනවා. එම වැඩපිළිවෙළ කුමක්ද?
ලාල් විජේනායක කමිටු වාර්තාව ලෙස ඉදිරිපත් වුණේ එම වැඩපිළිවෙළෙහි නිර්දේශ. එම වාර්තාවේ 17 වැනි පිටුවේ කියනවා “ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතුය” කියලා. ඒ කියන්නේ කිසිම ආගමක් නැති යන්නයි. වර්තමාන ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියේ සඳහන් වන “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය” යන වගන්තිය ඉවත් කිරීමට තමයි ඒ නිර්දේශය කරන්නේ. ඒ නිර්දේශය කරන්නේ කවුද? එම කමිටුවේ හිටිය ජාතික ජන බලවේගයේ අගමැති අපේක්ෂිකාව වන පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය.
මාලිමාවේ හරිනි අමරසූරිය කියන ආකාරයට මාලිමා ආණ්ඩුවක් යටතේ හදන අලුත් ව්‍යවස්ථාවේ “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමිය යුතු නැහැ වගේම බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කළ යුතුත් නැහැ”. ලාල් විජේනායක වාර්තාවේ තැන් කිහිපයකම “අනාගමික රාජ්‍යයක්” සඳහා නිර්දේශ ඉදිරිපත් කර තිබෙන්නේ මාලිමාවේ අගමැති වෙන්න ඉන්න හරිනි අමරසූරිය.
එම වාර්තාවේ 11 වැනි පිටුවේ ජාතික ධජය ගැන නිර්දේශ දෙනවා. එතනදිත් අනුර කුමාරගේ අගමැතිනිය වන හරිනි අමරසූරිය කියන්නේ “අනාගමික රාජ්‍යයකට සුදුසු නව ධජයක් නිර්මාණය” කරනවා කියලයි. මාලිමාවේ නායිකාව වන හරිනි අමරසූරිය කියන ආකාරයට මාලිමා ආණ්ඩුවක් යටතේ ලංකාවේ ධජයෙන් සිංහයා ඉවත් කළ යුතු වෙනවා.
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 193 වැනි පිටුවේ “නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් - ශ්‍රී ලාංකේය ජාතික සාමග්‍රියක්” ලෙස සඳහන් වෙනවා. නමුත් එහි ඉංග්‍රීසි මුද්‍රණයේ 109 වැනි පිටුවේ තියෙන්නේ “A newer constitution - A United Sri Lankan nation” කියලයි. “United” කියන්නේ “එක්සත්”. ඔය සෙල්ලමම තමයි සුමන්තිරන් 2015-19 අලුත් ව්‍යවස්ථාව හදන බෙදුම්වාදී වැඩපිළිවෙළ තුළ “ඔරුමිත්තනාඩු” කියන වචනය දාලා කළේ. එහි අර්ථයත් “එක්සත්”. සිංහල පිටපතේ “සාමග්‍රිය” කියලා වචනයක් දාලා, ඉංග්‍රීසි පිටපතේ “එක්සත්” කියලා දාලා අනුර කුමාර කරන්නේ ජනතාව රැවටීමක් බව ඔබට පැහැදිලි විය යුතුයි.
වත්මන් ව්‍යවස්ථාවේ 2 වැනි වගන්තියේ සඳහන් වෙන්නේ “ශ්‍රී ලංකා ජනරජය ඒකීය රජයකි” යනුවෙන්. ලාල් විජේනායක වාර්තාවේ ඒ වගන්තිය ඒ ආකාරයටම තබා ගැනීමට හරිනි අමරසූරිය විරුද්ධ වෙනවා (පිටු 23-24). ඒ කියන්නේ මාලිමාවේ ආණ්ඩුවක් යටතේ ලංකාවේ ඒකීය භාවය නැති කරලා “එක්සත්” ෆෙඩරල් රටක් කරනවා. හරියටම කිව්වොත් ෆෙඩරල් වලටත් එහා ගිය රාජ්‍යයන් දෙකක් සහිත කොන්ෆෙඩරේශන් (Confederation) එකක් කරනවා.
මේ සෑම කාරණයක්ම ඔබටම කියවා බලන්න පුළුවන්. පිටු අංක එක්කම දීලා තියෙනවා. ලාල් විජේනායක වාර්තාව ඉන්ටර්නෙට් එකේ තියෙනවා. හොයාගන්න අමාරු නම් එවන්නම් ගිනිහුළ පාඨක සමූහයට. මාලිමවේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඔවුන්ගේ වෙබ් අඩවියෙන් බලන්න පුළුවන්. සිංහල සහ ඉංග්‍රීසි දෙකේ වචන වෙනස් කරලා අනුර කුමාර කරන වංචාව ඔබටම බලා ගන්න පුළුවන්.
අනුරට ඡන්දය දෙන සෑම කෙනෙකුම ඡන්දය දෙන්නේ මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කරන්න. ඒ කියන්නේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම ඉවත් කරන්නත්, බුද්ධ ශාසනය පෝෂණය නොකරන්නත්, සුරක්ෂිත නොකරන්නත්, ජාතික ධජයෙන් සිංහයා ඉවත් කරන්නත්, ලංකාවේ ඒකීය භාවය නැති කරලා ෆෙඩරල් රාජ්‍යයක් හදන්නත් තමයි මාලිමාවට ඡන්දය දෙන්නේ. ඒ ජන වරම අනුව මාලිමාවට අවස්ථාව ලැබෙනවා ඔවුන්ගේ ඔය අලුත් ව්‍යවස්ථාව හදන්න.
ධර්මය ඔබට මග වේවා!
- එරන්ද ගිනිගේ
(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..