
අනුරට ගිය රට
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 230 වැනි පිටුවේ අලුත් ව්‍යවස්ථාවක් හදන හැටි කියනවා. 2015-2019 යහපාලන කාලයේ ගෙන ගිය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන වැඩපිළිවෙළ ප්‍රකාරව එම අලුත් ව්‍යවස්ථාව හදන බවට අනුර පොරොන්දු වෙනවා. එම වැඩපිළිවෙළ කුමක්ද?
ලාල් විජේනායක කමිටු වාර්තාව ලෙස ඉදිරිපත් වුණේ එම වැඩපිළිවෙළෙහි නිර්දේශ. එම වාර්තාවේ 17 වැනි පිටුවේ කියනවා “ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතුය” කියලා. ඒ කියන්නේ කිසිම ආගමක් නැති යන්නයි. වර්තමාන ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියේ සඳහන් වන “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය” යන වගන්තිය ඉවත් කිරීමට තමයි ඒ නිර්දේශය කරන්නේ. ඒ නිර්දේශය කරන්නේ කවුද? එම කමිටුවේ හිටිය ජාතික ජන බලවේගයේ අගමැති අපේක්ෂිකාව වන පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය.
මාලිමාවේ හරිනි අමරසූරිය කියන ආකාරයට මාලිමා ආණ්ඩුවක් යටතේ හදන අලුත් ව්‍යවස්ථාවේ “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමිය යුතු නැහැ වගේම බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කළ යුතුත් නැහැ”. ලාල් විජේනායක වාර්තාවේ තැන් කිහිපයකම “අනාගමික රාජ්‍යයක්” සඳහා නිර්දේශ ඉදිරිපත් කර තිබෙන්නේ මාලිමාවේ අගමැති වෙන්න ඉන්න හරිනි අමරසූරිය.
එම වාර්තාවේ 11 වැනි පිටුවේ ජාතික ධජය ගැන නිර්දේශ දෙනවා. එතනදිත් අනුර කුමාරගේ අගමැතිනිය වන හරිනි අමරසූරිය කියන්නේ “අනාගමික රාජ්‍යයකට සුදුසු නව ධජයක් නිර්මාණය” කරනවා කියලයි. මාලිමාවේ නායිකාව වන හරිනි අමරසූරිය කියන ආකාරයට මාලිමා ආණ්ඩුවක් යටතේ ලංකාවේ ධජයෙන් සිංහයා ඉවත් කළ යුතු වෙනවා.
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 193 වැනි පිටුවේ “නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් - ශ්‍රී ලාංකේය ජාතික සාමග්‍රියක්” ලෙස සඳහන් වෙනවා. නමුත් එහි ඉංග්‍රීසි මුද්‍රණයේ 109 වැනි පිටුවේ තියෙන්නේ “A newer constitution - A United Sri Lankan nation” කියලයි. “United” කියන්නේ “එක්සත්”. ඔය සෙල්ලමම තමයි සුමන්තිරන් 2015-19 අලුත් ව්‍යවස්ථාව හදන බෙදුම්වාදී වැඩපිළිවෙළ තුළ “ඔරුමිත්තනාඩු” කියන වචනය දාලා කළේ. එහි අර්ථයත් “එක්සත්”. සිංහල පිටපතේ “සාමග්‍රිය” කියලා වචනයක් දාලා, ඉංග්‍රීසි පිටපතේ “එක්සත්” කියලා දාලා අනුර කුමාර කරන්නේ ජනතාව රැවටීමක් බව ඔබට පැහැදිලි විය යුතුයි.
වත්මන් ව්‍යවස්ථාවේ 2 වැනි වගන්තියේ සඳහන් වෙන්නේ “ශ්‍රී ලංකා ජනරජය ඒකීය රජයකි” යනුවෙන්. ලාල් විජේනායක වාර්තාවේ ඒ වගන්තිය ඒ ආකාරයටම තබා ගැනීමට හරිනි අමරසූරිය විරුද්ධ වෙනවා (පිටු 23-24). ඒ කියන්නේ මාලිමාවේ ආණ්ඩුවක් යටතේ ලංකාවේ ඒකීය භාවය නැති කරලා “එක්සත්” ෆෙඩරල් රටක් කරනවා. හරියටම කිව්වොත් ෆෙඩරල් වලටත් එහා ගිය රාජ්‍යයන් දෙකක් සහිත කොන්ෆෙඩරේශන් (Confederation) එකක් කරනවා.
මේ සෑම කාරණයක්ම ඔබටම කියවා බලන්න පුළුවන්. පිටු අංක එක්කම දීලා තියෙනවා. ලාල් විජේනායක වාර්තාව ඉන්ටර්නෙට් එකේ තියෙනවා. හොයාගන්න අමාරු නම් එවන්නම් ගිනිහුළ පාඨක සමූහයට. මාලිමවේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඔවුන්ගේ වෙබ් අඩවියෙන් බලන්න පුළුවන්. සිංහල සහ ඉංග්‍රීසි දෙකේ වචන වෙනස් කරලා අනුර කුමාර කරන වංචාව ඔබටම බලා ගන්න පුළුවන්.
අනුරට ඡන්දය දෙන සෑම කෙනෙකුම ඡන්දය දෙන්නේ මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කරන්න. ඒ කියන්නේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම ඉවත් කරන්නත්, බුද්ධ ශාසනය පෝෂණය නොකරන්නත්, සුරක්ෂිත නොකරන්නත්, ජාතික ධජයෙන් සිංහයා ඉවත් කරන්නත්, ලංකාවේ ඒකීය භාවය නැති කරලා ෆෙඩරල් රාජ්‍යයක් හදන්නත් තමයි මාලිමාවට ඡන්දය දෙන්නේ. ඒ ජන වරම අනුව මාලිමාවට අවස්ථාව ලැබෙනවා ඔවුන්ගේ ඔය අලුත් ව්‍යවස්ථාව හදන්න.
ධර්මය ඔබට මග වේවා!
- එරන්ද ගිනිගේ
(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
