පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන හෙට (15 දා) ඉරිදා දිනයේ දරුවන්ගේ විභාග කටයුතුවලට බාධා වන අයුරින් විභාග මධ්‍යස්ථාන අවට ශබ්ද විකාශන යන්ත්‍ර යොදා මැතිවරණ ප්‍රචාරක කටයුතු නොපවත් වන ලෙස විභාග කොමසාරිස් ජනරාල් දමිත් ජයසුන්දර මහතා සියලු ජනාධිපති ධුර අපේක්‍ෂකයන්ගෙන් ඉල්ලීමක් කළේය.
ඒ මහතා එම ඉල්ලීම කළේ ඊයේ (13 දා) පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කියා සිටියේය.
‘පහේ ශිෂ්‍යත්ව විභාගය පවත්වන්න සියල්ල සූදානම්. 15වැනිදා ඉරිදා මුලින්ම තියෙන්නේ දෙවැනි ප්‍රශ්න පත්‍රය. එය පෙරවරු 9.30 සිට පෙරවරු 10.45 දක්වා පැවැත් වෙනවා. ඉන් පසු 1 වැනි ප්‍රශ්න පත්‍රය ආරම්භ වෙන්නේ පෙරවරු 11.15ට. ඒක පැයක ප්‍රශ්න පත්‍රයක්. එය දහවල් 12.15 ට අවසන්. පෑනෙන් විභාගය ලියනවා නම් කලු හෝ නිල් පෑනක් විතරයි පාවිච්චි කරන්න පුළුවන්. අපි වෙනත් වර්ණ පාවිච්චි කරන්න අවසර දෙන්නේ නැහැ. දරුවන් පැන්සලෙන් ලියනවා නම් කිසි බාධාවක් නැහැ. ලාවට ලියැවෙන පැන්සල් පාවිච්චි කරන්න එපා කියන එක මං විශේෂයෙන් දරුවන්ට මතක් කරනවා. පැන්සලෙන් ලියන දරුවන්ට පැන්සල් කීපයක්වත් යවන්න කියලා මං දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. මකන කෑල්ලක්, අඩි කෝදුවක් වගේ ගෙනි යන්න පුළුවන්. වතුර බෝතලයක් රැගෙන යෑමේ වරදක් නැහැ.
“ෆයිල් කවර අපි ගෙනියන්න දෙන්නේ නැහැ. ස්මාර්ට් වර්ගයේ අත්ඔරලෝසු පාවිච්චි කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ.
“ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වෙලා ඉන්න සියලු ජනාධිපති ධුර අපේක්‍ෂකයන්ගේ ඉල්ලා සිටිනවා සැප්තැම්බ්ර් 15 දා (ඉරිදා) විභාගය පැවැත්වෙන කාලය තුළ ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කරමින් කටයුතු කරන්න එපා කියා.
2024 පහ ශ්‍රේණිය විභාගය සඳහා සුදුසුකම් ලබා ඇති අයැදුම්කරුවන් තුන් ලක්ෂ විස්තුන් දහස් අටසිය හැත්තෑ නවදෙනකු පෙනී සිටීමට නියමිතය.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2849කදී විභාගය පැවැත්වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..