ඡන්ද කටේ පුද්ගල ආදායම් බදු අඩු කරන්නත් තීරණය කරලා
2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි පුද්ගල ආදායම් බදු ව්‍යුහය සඳහා සංශෝධන සිදුකිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
බදුගෙවන්නන් සඳහා සහන සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක රජයේ වැඩසටහන යටතේ මෙම පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඔවුන් නිකුත් කළ නිවේදනයේ මෙසේ දැක්වේ.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ කළ සාකච්ඡාවලින් අනතුරුව, පුද්ගල ආදායම් බදු ව්‍යුහය සඳහා යෝජිත සංශෝධන, ඇමැති මණ්ඩල සංදේශයක් මගින් ඉදිරිපත් කර තිබේ.
2022 වසරේ මැද භාගයේදී හඳුන්වා දුන් බදු ප්‍රතිසංස්කරණ, රටේ ආර්ථික අර්බුදයට ප්‍රතිචාර වශයෙන් රාජ්‍ය ආදායම ඉහළ නැංවීමේ පුළුල් උපාය මාර්ගයේ අංගයකි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගෙන ඇති විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ, 2025 වසර අවසන් වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටියි.
මෙම ඉලක්කයට ළඟාවීම සඳහා 2025 වසර වන විට රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 14%ක් දක්වා ඉහළ නංවා ගැනීමට සැළකිව යුතු බදු ආදායමක් අවශ්‍ය වේ.
මූලික ප්‍රතිසංස්කරණ සඳහා වසරකට රුපියල් මිලියන 1.2 බැගින් වූ බදු රහිත සීමාවක්, රුපියල් 500,000 බැගින් වූ බදු පරාසයන් සහ බදු අනුපාතය 6%ක අවමයක් සහ 36%ක උපරිමයක් ඇතුළත් විය.
කෙසේවෙතත්, විශේෂයෙන් මධ්‍යම ආදායම් ලබන්නන් සඳහා සහන ලබාදෙන ලෙස ඉදිරිපත් කළ ඉල්ලීම් අනුව, ශ්‍රී ලංකාව සිය මූල්‍ය ඉලක්ක සපුරාලීමට පටන් ගත් 2024 මැද භාගයේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ මේ පිළිබඳ නැවත සාකච්ඡාවල නිරත වීමට රජය කටයුතු කළේය.
ඒ අනුව බදු මට්ටම රුපියල් 500,000 සිට රුපියල් 720,000 දක්වා ඉහළ නංවන අතර, බදු රහිත සීමාව රුපියල් මිලියන 1.2ක් ලෙස තබා ගැනීම සහ ඉහළම බදු අනුපාතය වන 36% ඇතුළුව සෑම මට්ටමකම ආන්තික බදු අනුපාත පවත්වා ගැනීමට රජය යෝජනා කර තිබේ.
2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සඳහා සිදුකරන සංශෝධනවලින් අනතුරුව මෙම ගැළපීම 2025 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.
බදු බර වැඩි වශයෙන් ප්‍රකාශිත බදු තීරුවල මධ්‍යයේ සිටින පිරිසට සහන සැළසීම මෙම බදු ගැළපීම මගින් අවධානය යොමු කර තිබේ. නිදසුනක් වශයෙන්, මසකට රුපියල් 150,000ක ආදායමක් ලබන පුද්ගලයකුගෙන් අය කළ බදු මුදල 14%කින් අඩුවන අතර ඉහළ ආදායම් ලබන්නන්ට වඩාත් සීමිත සහනයක් හිමිවේ.
මෙම ගැළපුම මගින් මෙරට සමස්ත ආදායමට ඇතිවන බලපෑම දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.07%ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, 2025 දී වාහන ආනයනය සීමා ලිහිල් කිරීමෙන් ලැබෙන ආදායම යන කරුණු සැළකිල්ලට ගනිමින් මෙම සහනය සැළසීම පිළිබඳ අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර තිබේ.
යෝජිත සංශෝධන මගින් රාජ්‍ය මූල්‍ය විනය පවත්වාගැනීමේ අවශ්‍යතාව මෙන්ම විශේෂයෙන්ම මධ්‍ය ආදායම් ලබන්නන් සඳහා සහන සළසන ලෙස ජනතාව සිදුකළ ඉල්ලීම ඉටුවන බව මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..