සත්‍ය සෙවීමේ කොමිසම පනත් කෙටුම්පත ගැන අපේක්ෂක මතය රටට කියන්න – කීර්ති වික්‍රමරත්න ඉල්ලයි
රටට බලවත් ලෙස අනර්ථකාරී වන 13 වන සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට පවා අවකාශය සැලසෙන සත්‍ය සෙවීමේ කොමිසම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පක්ෂද? විරුද්ධද යන්න ගැන තම මතය ප්‍රකාශ කරන්නැයි අපේ ජනබල පක්ෂයේ ජනාධිපති අපේක්ෂක කීර්ති වික්‍රමරත්න මහතා ජනාධිපති අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
2015 සම්මත කළ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව මගින් එම පනත සම්මත කළ යුතු බව පළමුව රජයට බලකර සිටි බවද වික්‍රමරත්න මහතා සඳහන් කරයි.
එම කොමිසම දකුණු අප්‍රිකාවේ සත්‍ය සෙවීමේ කොමිසමට සමාන කිරීමට යම් පුද්ගලයන් උත්සාහ කළ ද ශ්‍රී ලංකාවේ නීතිය මගින් පිහිටුවීමට නියමිත කොමිසමට ප්‍රතිසන්ධානය ද අයත් වේ. ඒ අනුව වගවීම එනම් යුද අපරාධ චෝදනා එල්ල වන රණවිරුවන්ට දඬුවම් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ගැටුම් නැවත ඇතිවීම වැළැක්වීම මෙන්ම වින්දිතයන්ට වන්දි ගෙවීම ද එම ක්‍රියාවලියට අයත් වේ. ගැටුම් නැවත ඇති නොවීම යටතේ 13 වන සංශෝධනය බලාත්මක කිරීම සඳහා මැදිහත්වීම ද අයත් වන බව ඔබ ඉතා හොඳින් දන්නා කරුණකි. එම නීතිය අනුව කොමිසමට උපදෙස් දීමට ජාත්‍යන්තර නියෝජිතයන් පත් කළ හැකි බැවින් රට තුළ සිටිමින් 13 වැනි සංශෝධනය බලාත්මක කරවීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමකට අවකාශය සැලසේ.
මෙම නීතිය මගින් සාක්ෂි ආඥා පනත අදාළ නොවන ලෙස සහ අණදීමේ වගකීම අදාළ වන ලෙස චෝදනා සහ සාක්ෂි ගොනු කිරීමේ බලය කොමිසමට ලැබේ. ඒ අනුව ඩයස්පෝරාවේ බලපෑම මත විවිධ පුද්ගලයන් විසින් ලබාදෙන ගොතන ලද සාක්ෂි සහ මුදලට ගත හැකි යම් පිරිස් විසින් සිදු කරන පාපොච්චාරණයන් මත පදනම්ව ආරක්ෂක හමුදා සාමාජිකයන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමේ බලය කොමිසමට ලැබේ. ජාත්‍යන්තර උපදේශකයන්ගේ බලපෑම මත එම ක්‍රියාවලිය සිදුවන ආකාරය තුළ හෙළිදරව් නොකරන සාක්ෂිකරුවන් මගින් චෝදනා කර්මාන්ත ශාලාවක් නිර්මාණය කිරීමේ හැකියාව තිබෙන බව ඔබට වටහාගත හැකි යැයි මම විශ්වාස කරමි.
මේ වනවිට ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනකු විසින් 13 වැනි සංශෝධනය බලාත්මක කරන බවට තමාට පොරොන්දු ලබාදුන් බව බෙදුම්වාදී දේශපාලන නායකයෝ පවසති. සත්‍ය සෙවීමේ කොමිසම එම ක්‍රියාවලියේම දිගුවක්, එනම් බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුම බව ඔවුහු ඉතා හොඳින් දනිති. එම නිසා සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව බෙදුම්වාදී ම්ලේච්ඡ යුද්ධයෙන් ගලවා ගත් රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීම සහ ඒ මගින් ආරක්ෂක හමුදා දුර්වල කිරීමේ සූක්ෂම බෙදුම්වාදී මෙහෙයුම පිළිබඳව විශේෂයෙන්ම එම අපේක්ෂකයන් විසින් තම මතය ප්‍රකාශ කිරීම ඉතා වැදගත් වේ.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවට බැරි බෙදුම්වාදය පරාජය කිරීමේ වගකීම බාරගන්න අපි සූදානම්.. - 'රණවිරු ජනපවුර' ආණ්ඩුවට කියයි..
ඉහළ උසාවිවල විනිසුරු පුටු අටක් හිස්..
සාම ගිවිසුමක් සඳහා අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවකට ආවා - පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්
ගෝඨාභය රාජපක්ෂ ඇත්ත මහමොළකරු තේරුම් ගත්තා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
යුක්රේන ගැටුමේදී රුසියාව සමස්ත බටහිර කඳවුරට එරෙහිව තනිව සටන් කරනවා – පුටින්
“පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ නිලධාරීන් දැන් මට එරෙහිව පරීක්ෂණ මෙහෙයවනවා”..- සලේ අභියාචනාධිකරණයට කියයි
අලුත් පාස්කු මහ මොළකරුවෙක් සොයාගත්තා නම් FBI, Interpol, Scotlandyard, AFU ආයතනවලටත් දන්වන්න.. - දිලිත් කියයි
ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් අනුගමනය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් S ධගාරියන්
ඊශ්‍රායලයේ ඉඳලා මෙරට ළමයි එවන ඩොලර් ටික එක ආයතනය හිරවෙලා.. - තවත් හැකර් ප්‍රහාරයක් ගැන ඩී.වී චානක හෙළිකරයි..
සලේගේ පෙත්සම සලකා බැලීම ජූලි 10 දක්වා කල් යයි.. සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ දෘෂ්ටිවාදය මෙරට තුළ ක්‍රියාත්මක වූ ආකාරය ගැනත් කරුණු හෙළිකරයි..
MCC ගිවිසුම නැවතත් ශ්‍රී ලංකාවට ගේන්න යනවා.. – හර්ෂ ද සිල්වා
ලෝකයේ බලශක්ති අර්බුදයක් ඇති වීමට හේතුව අමෙරිකාව සහ චීනයේ බල ඝට්ටනය ද?.. - ගෝලීය බලශක්ති අර්බුදයේ ඇත්ත කතාව ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
සුරේෂ් සලේ කියන්නේ අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීමට කිසිඳු සාක්ෂියක් නොමැති නිර්දෝෂී අයෙක්.. ගනේද්‍ර සහ ශානි ගහපු ගේම් එක මෙන්න.. - නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි
මහාභාණ්ඩාගාර කොල්ලයට මහබැංකුවත් වගකිව යුතුයි.. නන්දලාල්ටත් වැඩ වරදියි.. - මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ කියයි
සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමට අධිකරණයෙන් නියෝග..
සුරේෂ් සලේ වදකාගාරයක දමා මරා දැමීමට හැදූ කුමන්ත්‍රණය සත්‍යග්‍රහය නිසා වැළකුණා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර