රෝගීන්ට ඖෂධ දුන් වරදට වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන ජවිපෙ විසින් ඝාතනය කර වසර 26 යි
මීට හරියටම දවස් 06 කට කලින් ජාතික ජන බලවේගයෙ හෙද හෙදියන්ගෙ සමුළුව තිබ්බා..
අනුර කුමාර දිසානායක මේකෙදි වැඩියෙන්ම කතා කරේ ඖෂධ ගැන. ඖෂධ හිඟය ගැන. ඖෂධ නැතුව මේ රටේ මිනිස්සු විඳින දුක ගැන..
මේ කතා අහනකොට ඖෂධ හිඟය සහ ජනතා විමුක්ති පෙරමුණ ගැන මට අතීත මතකයක් සිහියට ආවා..
ඒ 1988/89 ජවිපෙ භීෂණ සමයයි...
ඒ ජවිපෙ විසින් ලේක්හවුස් පත්තර බැලීම, රජයෙ රූපවාහිනිය බැලීම, රජයෙ ගුවන් විදුලිය ඇසීම, ඉන්දියානු නිෂ්පාදන මිල දී ගැනීම සහ පාවිච්චි කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමා තිබු යුගයයි.
වර්තමානයෙ වගේම එදාත් ලංකාවට ඖෂධ ගෙනාවෙ ඉන්දියාවෙන්. ඉන්දියාවට අද කියන්නෙ "ලෝකයෙ ෆාමසිය" කියලා.
ඉන්දියාවෙන් ගේන පරිප්පු ඇටේ, බීළුණු ගොඩියෙ සිට ඉන්දියානු ඖෂධ ගෙන්වීම පවා තහනම් කර තිබුණා.
රටේ විශාල ඖෂධ හිඟයක් ඇති වුනා. ඉස්පිරිතාල රෝගීන්ගෙන් පිරී ඉතිරී ගියා.
මේ වෙලාවෙ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිනිය ලෙස වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන පත් කරනවා.
වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන කියන්නෙ කවුද..?
ග්ලැඩිස් ජයවර්ධන කියන්නෙ විශේෂඥ කායික වෛද්‍යවරියක්. ඇය පාසල් අධ්‍යාපනය ලබන්නේ කොලඹ කාන්තා විද්‍යාලයෙන්. පසුව කොලඹ වෛද්‍ය පීඨයෙන් ඇය සිය වෛද්‍ය උපාධිය ලබා ගන්නවා.
ඉන්පසුව ඇය එංගලන්තයේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් පරපෝෂිත විෂය ( Parasitology ) සම්බන්ධයෙන් ආචාර්‍ය උපාධියක් ලබා ගන්නවා. එම විෂය සම්බන්ධයෙන් ආචාර්‍ය උපාධියක් ලබාගත් පලවෙනි ලාංකික කාන්තාව වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන.
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (MRI) අධ්‍යක්ෂ ධූරයට පත් වුණ පළමු කාන්තාව බවට ඇය 1980 පත්වුණා.
ඇය 1988 සිට ඇය රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිනියයි. කලින් ආනයනය කළ නිෂ්පාදනයක් වන දැන් අප ‘ජීවනී’ යයි හඳුන්වන ඖෂධය දේශීයව නිෂ්පාදනය කිරීම ආරම්භ කළේ ඇගේ පාලන කාලයේදීයි..
එවන් සේවාවක් මේ රටට සිදු කළ ඇයට මොකද උනේ...?
ඉන්දියාවෙන් ගෙන ආ ඖෂධ කන්ටේනර් රේගුවෙ ගොඩ ගැහිලා. හැබැයි මේවා නිෂ්කාශනය කරන්න නිලධාරින් හිටියෙ බයෙන්.
මොකද අද වගේම එදත් වරායෙ ජවිපෙ ක්‍රියාකාරකම් අති ප්‍රබලයි. ඔවුන් මේවා නිදහස් කරගන්න දුන්නෙ නෑ. ඒ වගේම ඒ මොහොතේ වරාය සේවකයන් වෑඩ වර්ජනයකත් නිරත වෙමින් හිටියා.
වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධනප මෙම බහාලුම් නිදහස් කර ගැනීමට නාවික හමුදාවෙ සහය පතනවා. ඒ මේ රටේ දුක් විඳින මිනිස්සුන්ට බෙහෙත් ටික දෙන්න ඕන නිසා.
එම කාර්යයට නායකත්වය දෙන්නෙ කපිතාන් අජිත් බෝයගොඩ.
අජිත් බෝයගොඩ පසුව මෙහෙම කියලා තිබුණා
" වැඩ කිරීමට කැමති, එහෙත් ජවිපෙට බය වරාය සේවකයන් සමග මම එකඟතාවකට එනවා මම ඔවුන්ට කිව්වා නාවික හමුදාව විසින් තුවක්කු බලයෙන් බලහත්කාරයෙන් වැඩ ගත්තා කියලා කියන්න කියලා "
ඒ 1989 සැප්තැම්බර් 12 වෙනි දායි...
එම මෙහෙයුම සාර්ථක වෙනවා..
නාවික හමුදාව විසින් මුදාගත් ඖෂධ බහාලුම් රාජ්‍ය ඖෂධ සංස්ථාවෙ තොග ගබඩා වෙත ගෙන ඒමටත් ප්‍රථම ජනතා විමුක්ති පෙරමුණේ මිනීමරු වෙඩික්කරුවන් කොම්පඤ්ඤ වීදියේදි වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධනව වෙඩි තබා ඝාතනය කරනවා.
එය මිහිකත කම්පා කල ඝාතනයක්...
කුරා කුහුඹියෙකුටවත් වරදක් නොකල ඇය දුප්පත් මිනිස්සුන්ට බෙහෙත් ටික දෙන්න ඖෂධ කන්ටේනර් නිදහස් කිරීමෙ වරදට මහපාරේ මැරුම් කනවා.
ඇය අවසන් රාජකාරිය ලෙස කර තිබුනේ එම මෙහෙයුම සම්බන්ධයෙන් ස්තුති කර අජිත් බෝයගොඩට ලිපියක් ලිවීමයි. ඒ ලිපිය අජිත් බෝයගොඩට ලැබී තිබුනේ ඇගේ මරණයෙන් දිනකට පසුවයි.
අදටත් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් වාර්ෂිකව පරපෝෂිත විද්‍යාව පිළිබඳ රන් පදක්කමක් ඇගේ නමින් පිරිනමනවා.
මේ ඝාතනයෙන් ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට උදා කර දුන් විමුක්තිය කුමක්දැයි මගේ හිත අදත් මගෙන් ප්‍රශ්ණ කරනවා.
අද ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක එදා ජවිපෙ ශිෂ්‍ය සංගමය වූ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරුයි..
එදා 1989 සැප්තැම්බර් 12 ඇයව මරා දමනවා.මෙදා 2024 සැප්තැම්බර් 21 ජනාධිපතිවරණය පැවැත්වෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ අද ජාතික ජන බලවේගය නමින් ඊට තරඟ කරනවා..
මේ ඝාතන සාධාරණ නම් සමහරවිට අනුර කුමාර දිසානායක මෙවර ජයග්‍රහණය කරනවා. වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන මහත්මියත් සුරලොව ඉදන් ඔහුට සුබ පතාවි.
- නිලන්ත සත්සර ගමගේ
(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..