විවාදයකටවත් එන්නෙ නැති පුද්ගලයින්ගෙන් පවතින පාලන ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තු විය නොහැකියි - අරුන් සිද්ධාර්ත්
තමන් වරදක් සිදුකර නැතිනම් ජනතාව හමු වී ඔවුන් අසන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට බිය වීමට කිසිදු හේතුවක් නොමැති බව මව්බිම ජනතා පක්ෂයේ උත්තරීතර මණ්ඩල සාමාජික සහ යාපනය දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ, පසුගිය 07 වනදා ජනාධිපති අපේක්ෂකයන් වෙනුවෙන් පැවැත්වූ විවාදයට නොපැමිණි අපේක්ෂකයන් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
ඔහු පෙන්වා දෙන්නේ, විවාදයකට සහභාගීවිමට පවා නොහැකි පුද්ගලයින්ගෙන් ජනතාවට පවතින පාලන ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තු විය නොහැකි බවය.
ඊයේ (10) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අරුන් සිද්ධාර්ත් මහතා,
"අපි දැක්කා අමෙරිකාවේ මේ විවාද, ලෝකේ වටේ මේ විවාද සිදුවෙනවා. ජර්මන්වල, ෆ්‍රාන්ස්වල, මෙක්සිකොවල, එංගලන්තයේ වගේ දියුණු වෙච්ච රටවල ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෝ සෘජුව විවාද කරන එක සංස්කෘතියක්. එ් සිස්ටම් චේන්ජ් එක අපිත් බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ විවාදයට මේ කිසිම කෙනෙක් සහභාගි වුණේ නෑ. මේ අය හැමකෙනාම පස්ස ගැහුවා. ඒකම තරුණයන්ට හොඳ සලකුණක්. දිලිත් ජයවීර මැතිතුමා ඇරෙන්න, අර අනිත් අපේක්ෂකයෝ පස්දෙනාම මේ චූටි චෙන්ජ් එකවත් කර ගන්න බැරි වුණ අය. කොහොමද අනිත් ඒවා වෙනස් කරයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ. තමන් ළඟ වරදක් නැත්තන් ඇයි මිනිස්සු හම්බ වෙන්න බය වෙන්නේ. මිනිස්සු අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න බය වෙන්නේ."
"සමාජ මාධ්‍යවල කියනවා දිලිත් ජයවීර මහත්තයා ඇන්ටිජන් හොරකම් කළා කියලා, නැත්තන් නයි පෙන්නුවා කියලා. ඔය ප්‍රශ්න ටික අහන්න තිබුණා නේ විවාදයට ඇවිලා. ඒ ෆයිල් ටික ගෙනැල්ලා අනුර කුමාර මත්තයාට කෙලින්ම ඇවිල්ලා දාන්න තිබුණා නේ. ෆයිල් එකතු කරන්න හොඳ දක්ෂ මිනිස්සුනේ. ඒ නිසා නැවත වතාවක් අපෙන්නම් අහන්න එපා මේ ඇන්ටිජන් කතාවයි, නයි කතාවයි. 07 වෙනිදායින් පස්සේ ඒක වලංගු නෑ."
"අනුර කුමාර මහත්තයා යාපනේ ඇවිල්ලා කරපු ප්‍රකාශයක් තියෙනවා. දකුණේ ජනතාව අපිට තමයි ඡන්දේ දාන්නේ, අපි අනිවාර්යයෙන් ජය ගන්නවා. ඒ ජයග්‍රහණයේදී උතුරේ ජනතාවත් අපිට අනිවාර්යයෙන් ඡන්දේ දාන්න ඕනේ නැත්තන් දකුණේ අය හතුරෝ හැටියට සලකයි කියලා. බය කරලා, තර්ජනය කරලා, මිනිස්සුන්ගෙන් ඡන්දෙ ගන්නේ ඒ වගේ කතාවක් තමයි කියලා ගියේ. ඒ කතාව අපි පැහැදිලිව දෙතුන්පාරක් ඇහුවා. අර ලාල්කාන්තලා දෙන්නේ පුස් ටෝක්. මිනිස්සුන්ව බය කරලා ඡන්දෙ ගන්න. ඒ වගේ කතාවක් ඕක. චණ්ඩිකම් පෙන්නලා ඡන්දෙ ගන්න බෑ අනුර මහත්තයා."
"අපිට ප්‍රතිපත්තියක් තියෙනවා. අපි බලයට ආවොත් කරන දේ කියලා තියෙනවා. මේකට එකඟ නම් අපිට ඡන්දෙ දාන්න කියලා තමයි අපි කියන්නේ. එක තමයි හරි කතාව. ඒ චණ්ඩිකම් දකුණේ තියා ගන්න. උතුරට ඇවිල්ලා දාන්න එපා. දකුණෙත් තියාගන්න එපා. දකුණෙත් ඕවාට අහුවෙන්නේ නෑ."
- දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..