පුනර්ජනනීය බලශක්තිය හරහා වසරකට රුපියල් බිලියන 125 ක් රටට ඉතිරි කර දුන්නා - කීර්ති වික්‍රමරත්න
‘සූර්ය බල සංග්‍රාමය’ හරහා මෙගාවොට් 1000ක සූර්ය බල ශක්තියක් ප්‍රධාන විදුලිබල ප්‍රවාහයට එක්කරදීම සඳහා මූලිකත්වය ගනිමින් වසරකට රුපියල් බිලියන 125 බැගින් රටට ඉතිරි කර දුන් බව සුනිත්‍ය බල ශක්ති අධිකාරියේ හිටපු සභාපති ජනාධිපති අපේක්ෂක කීර්ති වික්‍රමරත්න මහතා පැවසීය.
ඩීසල්, ගෑස් හා ගල්අඟුරු සඳහා විශාල වශයෙන් විදෙස් විනිමය ගලායෑම නැවැත්වීම සඳහා පුනර්ජනනීය බලශක්ති (සුළං,ජල, සූර්ය, භූගත තාප හා මුහුදු ජල තරංග බල) භාවිත කිරීම හැකි තරම් වැඩි කිරීම තුළින් නිෂ්පාදන වියදම අඩු කිරීමත්, දැනට පවතින අධික විදුලි බිල අඩු කිරීම තුළින් ජීවන වියදම අඩු කිරීමත්, රටේ පවතින ඉතා ඉහළ ප්‍රවාහන වියදම් අඩු කිරීමත්, මෙම පුනර්ජනනීය බලශක්තිය තුළින් ළඟා කර ගැනීමට හැකි වන බවද අපේ ජනබල පක්ෂයේ ජනාධිපති අපේක්ෂක කීර්ති වික්‍රමරත්න මහතා කියා සිටියේය.
එමෙන්ම ‘ආලෝක පූජා’ සංකල්පය යටතේ සියලු පූජනීය ස්ථානවලට නොමිලේ විදුලි බලය ලබාදීම හා ‘සැමට සෝලා’ සංකල්පය යටතේ සමෘද්ධිලාභීන්ට හා අනෙකුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සේවකයන් සඳහා ඉතාමත් අඩු මිලට සූර්ය බලශක්තිය ඇතුළු පුනර්ජනනීය බල ශක්තිය ලබාදීම. ‘ගමන – බිමන හිරු එළියෙන්’ සංකල්පය යටතේ කාර්, බස්, ත්‍රිරෝද හා යතුරුපැදි සඳහා ෑඪ බැටරි තාක්ෂණය හඳුන්වාදීමටත් කටයුතු කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අපේක්ෂක කීර්ති වික්‍රමරත්න මහතා මෙසේද කීය.
“අපි දැනටමත් සෝලා පැනල් හදන කර්මාන්තශාලා සමග කාලයක සිට වැඩ කරනවා. ඒ කර්මාන්ත ශාලා සඳහා අපි තිරිවානා ඇතුළු අවශ්‍ය කරන ප්‍රධාන සංඝටක යම් ප්‍රමාණයකට අගය එකතු කරල යවනවා මේ වන විටත්. ඒගොල්ලන් මේ රටේ සෝලා පැනල් හදන්න ආවේ. හැබැයි මේ රටේ උද්ඝෝෂණය කරල ඒවා විරුද්ධවාදීන් විසින් නවත්වා දැම්මා. අපිට බලය ලැබුණාම අපිට ඉදිරියේදී පුළුවන් වෙනවා ඒ අය ලංකාවට ගෙනල්ලා සෝලා පැනල් දෙන්න.
එතකොට මේ රටට ඉතා අඩු මිලකට සෝලා දෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි විදුලි වාහනවලට අවශ්‍ය බැටරි නිෂ්පාදනය කරන්න අපිට හැකි වෙනවා. එම බැටරි අපේම මිනිරන්වලින් නිෂ්පාදනය කිරීමේ හැකියාව අපට තියෙනවා. එමගින් ජනතාවට අවශ්‍ය ගමන් බිමන් අඩු වියදමට හෝ වියදමක් නැතිව කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒක නිසා විශාල ප්‍රගතියක් වෙනවා මේ රටේ පරිසරය සංරක්ෂණයට හා රටේ ඩොලර් ඉතිරි කරගැනීමට."
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවට බැරි බෙදුම්වාදය පරාජය කිරීමේ වගකීම බාරගන්න අපි සූදානම්.. - 'රණවිරු ජනපවුර' ආණ්ඩුවට කියයි..
ඉහළ උසාවිවල විනිසුරු පුටු අටක් හිස්..
සාම ගිවිසුමක් සඳහා අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවකට ආවා - පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්
ගෝඨාභය රාජපක්ෂ ඇත්ත මහමොළකරු තේරුම් ගත්තා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
යුක්රේන ගැටුමේදී රුසියාව සමස්ත බටහිර කඳවුරට එරෙහිව තනිව සටන් කරනවා – පුටින්
“පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ නිලධාරීන් දැන් මට එරෙහිව පරීක්ෂණ මෙහෙයවනවා”..- සලේ අභියාචනාධිකරණයට කියයි
අලුත් පාස්කු මහ මොළකරුවෙක් සොයාගත්තා නම් FBI, Interpol, Scotlandyard, AFU ආයතනවලටත් දන්වන්න.. - දිලිත් කියයි
ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් අනුගමනය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් S ධගාරියන්
ඊශ්‍රායලයේ ඉඳලා මෙරට ළමයි එවන ඩොලර් ටික එක ආයතනය හිරවෙලා.. - තවත් හැකර් ප්‍රහාරයක් ගැන ඩී.වී චානක හෙළිකරයි..
සලේගේ පෙත්සම සලකා බැලීම ජූලි 10 දක්වා කල් යයි.. සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ දෘෂ්ටිවාදය මෙරට තුළ ක්‍රියාත්මක වූ ආකාරය ගැනත් කරුණු හෙළිකරයි..
MCC ගිවිසුම නැවතත් ශ්‍රී ලංකාවට ගේන්න යනවා.. – හර්ෂ ද සිල්වා
ලෝකයේ බලශක්ති අර්බුදයක් ඇති වීමට හේතුව අමෙරිකාව සහ චීනයේ බල ඝට්ටනය ද?.. - ගෝලීය බලශක්ති අර්බුදයේ ඇත්ත කතාව ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
සුරේෂ් සලේ කියන්නේ අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීමට කිසිඳු සාක්ෂියක් නොමැති නිර්දෝෂී අයෙක්.. ගනේද්‍ර සහ ශානි ගහපු ගේම් එක මෙන්න.. - නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි
මහාභාණ්ඩාගාර කොල්ලයට මහබැංකුවත් වගකිව යුතුයි.. නන්දලාල්ටත් වැඩ වරදියි.. - මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ කියයි
සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමට අධිකරණයෙන් නියෝග..
සුරේෂ් සලේ වදකාගාරයක දමා මරා දැමීමට හැදූ කුමන්ත්‍රණය සත්‍යග්‍රහය නිසා වැළකුණා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර