පාස්පෝට් එකෙන් මෙගා ගැහිල්ලක් කොටුකර ගනී… පාස්පෝට් හිඟය කෘත්‍රිමව නිර්මාණය කරලා
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාස්පෝට් නිකුත් කිරීම සම්බන්ධයෙන් මහා පරිමාණ දූෂණයක් සිදුව ඇතැයි ලැබුණු පැමිණිලි මත ඒ ගැන පූර්ණ විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් දූෂණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශය පුවත්පතට පවසා තිබේ.
දැනට පවත්නා පාස්පෝට් හිඟය කෘත්‍රිම ලෙස නිර්මාණය කරන ලද්දක් බව මේ දක්වා ඒ ගැන සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වූ බවද ඔහු සඳහන් කළේය. මේ දිනවල පාස්පෝට් ලබාගැනීම සඳහා පැමිණෙන පිරිස් කිලෝමීටරයක් තරම් දිගු පෝලිමක රැඳී සිටින බවත් අත යටින් මුදල් ලබාගෙන පාස්පෝට් නිකුත් කිරීමේ ජාවාරමක් ගැන ලැබුණු තොරතුරු අනුව ඒ ගැන පරීක්ෂාවට නිලධාරින් පිරිසක් යෙදවූ බවත් අල්ලස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා කීය.
දැනට කරන ලද පරීක්ෂණ අනුව දිනකට පාස්පෝට් 3,000 ක් පමණ නිකුත් කළ යුතු බැවින් පවත්නා ඉල්ලුම ලබන වසරේදීවත් සපුරාලිය නොහැකි වන ලෙසට හිඟයක් මවා පෑ දේශපාලන බලධාරින් හා නිලධාරින් ළඟදීම නීතියේ රැහැනට කොටු කරගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ආගමන හා විගමන පාලකවරයා සහ විෂය භාර අමාත්‍යංශ ලේකම්වරයා කොමිසමට කැඳවා ඇත. ඒ අතර මේ දූෂණයට සම්බන්ධ එක් නිලධාරියකු රාජකාරි ගමනක් යන මුවාවෙන් රට පැනීමේ උත්සාහයක් ඇතැයි පැමිණිලි ලැබී තිබෙන වග ද හෙතෙම සඳහන් කළේය.
පාස්පෝට් කාර්යාලය අසල තිබෙන දිගු පෝලිම්වල රැඳී සිටින ජනතාව දැඩි ලෙස කෝපයට පත්ව සිටින අතර මෙය බරපතළ ආරක්ෂක අනතුරක් නිර්මාණය කර ඇති වග ද එම ප්‍රකාශකයා කීය. කෙසේ හෝ පාස්පෝට් නිකුතුව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයේ දී දූෂණයට අදාළ සාක්ෂි දැනටමත් ලැබී තිබෙන බැවින් වගකිවයුත්තන් කොටුකර ළඟදීම ඔවුනට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කිරීමට ද අපේක්ෂා කරන්නේ යැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
– Deshaya
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..