රටේ ආර්ථිකය ගැන මහ බැංකු අධිපති පාර්ලිමේන්තු මන්ත්‍රීලා දැනුවත් කරයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ කර්තව්‍ය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, පාලක මණ්ඩලයේ හා මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින්, නියෝජ්‍ය අධිපතිවරුන් ඇතුළු මහ බැංකුවේ උසස් නිලධාරීන් මෙන්ම පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ පාර්ලිමේන්තු කාර්යමණ්ඩල නිලධාරීහු පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වූහ.
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80(2)(අ) වගන්තියෙහි විධිවිධාන ප්‍රකාරව, මහ බැංකුවේ අධිපතිවරයා, පාලක මණ්ඩලයේ සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින්, මහ බැංකුවේ සෑම නියෝජ්‍ය අධිපතිවරයෙකු ම පාර්ලිමේන්තුවේ ඉල්ලීම මත, පාර්ලිමේන්තුව විසින් හෝ එහි යම් කමිටුවක් විසින් මහ බැංකුවේ කර්තව්‍ය සම්බන්ධයෙන් සෑම මාස හතරකට ම වරක් විමසීමට ලක් කරනු ලැබිය යුතු බවට වන නීතිමය අවශ්‍යතාවය සම්පූර්ණ කරමින් මෙම රැස්වීම පැවැත්විණි.
පැවති තත්ත්වයට සාපේක්ෂව මෙරට උද්ධමනය සියයට 5ක අගයක් දක්වා පහතට ගෙනඒමට හැකිවූ බව ද ප්‍රතිපත්ති පොලී අනුපාතය පහතට ගෙන ඒමට හැකිවූ බවද ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය. එසේම සංචිත ශක්තිමත් කිරීම හරහා විනිමය අනුපාතය ස්ථාවර කරමින් රුපියල ශක්තිමත් කිරීමට හැකිවූ බව ද ඒ මහතා සඳහන් කළේය.
රටේ මූල්‍ය පද්ධතිය ස්ථාවර කිරීමට අදාළ කරුණු මහ බැංකු අධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විශේෂයෙන් ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද මෙරට බැංකු පද්ධතිය කඩාවැටීම වළක්වා ගැනීමට හැකිවීම සුවිශේෂි කරුණක් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. ඒ සදහා නව මහබැංකු පනත මෙන්ම බැංකු පද්ධතිය නියාමනය වෙනුවෙන් හදුන්වා දුන් නව නීති ඉවහල්වූ බව ද ඒ මහතා සඳහන් කළේය. එසේම බැංකු පද්ධතිය හා බැංකු නොවන මුල්‍ය පද්ධතිය මෙන්ම කොටස් වෙළඳපොල හා රක්ෂණ ක්ෂේත්‍රය ඇතුළු සමස්ත මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සඳහා නව මහ බැංකු පනත මගින් මුල්‍ය පද්ධති අධීක්ෂණ කමිටුවක් පත්කිරීම ඇතුළු මෙරට මූල්‍ය පද්ධතිය ස්ථාවර කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් තාක්ෂණික කරුණු පැහැදිළි කිරීම සිදුවිය. එසේම වත්මන් මූල්‍ය තත්ත්වය සහ ඊට අදාළ කරුණු පිළිබඳව මන්ත්‍රීවරු ඉදිරිපත් කළ ගැටලුවලට මහබැංකු අධිපතිවරයා විසින් පිළිතුරු ලබාදීම ද සිදුවිය.
මහ බැංකුවේ කාර්යභාරය සහ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ විනිවිදභාවයෙන් සහ වගවීමෙන් යුතුව පාර්ලිමේන්තුව දැනුවත් කිරීම සහ මෙලෙස සාකච්ඡා කිරීම ඉතා වැදගත් බව මෙම රැස්වීමට සහභාගී වූ මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන්හ. 2024 Global Finance’s Central Banker වාර්තා අනුව ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාට ගෞරවනීය පිළිගැනීමක් ලැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔහුට සුබ පැතූහ.
– media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..