උතුර දකුණ මාරුවුනු අයට ඡන්දෙ දුන්නොත් සිදුවෙන්නේ තුන්වෙනි ලෝකෙ රට යම ලෝකෙට යන එකයි - දිලිත් කියයි
ජනාධිපතිවරණ අපේක්ෂකයින් විවිධ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කර ඇති නමුත් ජනතාවගේ ජීවිතය යහපත් කිරීමේ කිසිදු කරුණක් හෝ එහි සඳහන්ව නොමැති බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ ''දිලිත් ගමට'' ආසන රැස්වීම් මාලාව යටතේ කැස්බෑව ප්‍රදේශයේ අද (05) පස්වරුවේ පැවති ජනහමුවට එක් වෙමිනි.
"ඔය ඉදිරිපත් වෙලා ඉන්න මේ හතර පස්දෙනාම පොත් ගහලා තියනවා... ප්‍රතිපත්ති ප්‍රකාශ කියලා. කොළ පාටිනුත් ගහලා තියනවා, දම් පාටිනුත් ගහලා තියනවා, කොළ පාටයි කහ පාටිනුත් ගහලා තියනවා. එහි ඔබගේ ජීවිතය වෙනස් කරන එක වාක්‍යක්වත් නැහැ. මේ අය පුරුද්දක් විදිහට පොත් ගහලා බෙදලා දීලා ඔබව රැවටීමේ ව්‍යාපාරය දිගටම පවත්වාගෙන යනවා.
අරගලයෙන් පස්සේ ඔක්කොම දිව්ව නිසා තමන් ආවා කියපු අපේ ජනාධිපතිතුමා ගෑස් මිල 4 ගුණයකින් වැඩි කළා. තෙල් මිල 4 ගුණයකින් වැඩි කළා, විදුලි බිලත් හතර ගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩි කළා. වැඩි කරලා කිව්වා... බලන්න මං ආවට පස්සේ පෝලිම් නැහැ කියලා. ලංකාවේ ගෑස් පරිභෝජනය 40%කින් අඩුවෙලා. අන්න ඒ ගෑස් සිලින්ඩරය උස්සගෙන ඇවිල්ලා තමයි ගහන්න කියන්නේ කතිරේ. මේ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය දිගටම කරගෙන ගිය නිසා තමයි අද මේ රටට කෙළවෙලා ගියත් හරි අර මොකක්ද උතුරු දකුණ මාරුවෙලා ගිය එකකට ගහනවා කියලා මිනිස්සු කියන්නේ. හැබැයි ඒකට ගැහුවොත් වෙන්නේ තුන්වෙනි ලෝකේ රට යම ලෝකෙට යන එකයි. ඒකයි අපි කියන්නේ ඒකට ගහන්න එපා ඔබේ වටිනා ඡන්දය."
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..