සත්‍ය සෙවීමේ පනත රණවිරුවන් දඩයම් කිරීමට ගෙන ආ පනතක් - විශ්‍රාමික ලුතිතන් ජෙනරාල් ජගත් ඩයස් / සත්‍ය සෙවීමේ පනතින් සමස්ථ ව්‍යුහයටම විශාල බලපෑමක් එල්ල වෙනවා - විශ්‍රාමික බ්‍රිගේඩියර් අතුල ද සිල්වා (වීඩියෝ)
සත්‍ය සෙවීම හා ප්‍රතිසන්ධාන කොමිසමට පෙර තවත් පනත් 7ක් සම්මත කරගත් බවත්, ඉදිරිපත් කර තිබෙන මෙම 8 වෙනි පනත අතිශයෙන් භයානක පනතක් බවත් විශ්‍රාමික ලුතිතන් ජෙනරාල් ජගත් ඩයස් මහතා පවසයි.
රූපවාහිනී සංවාදයකට සහභාගි වෙමින් ඒ මහතා පවසන්නේ කිසිම රටක පිළිගත් හමුවදාවකට විරුද්ධව මෙවැනි ආකාරයේ කොමිසම් පත්කර ඇති බවක් අසා නැති බවය.
යුද්ධය අවසන් වුවද බෙදුම්වාදී ව්‍යාපෘතිය අවසන් නොවූ බව පැහැදිලිව දැකගත හැකි බවත්, මේ සූදානම් වන්නේ රණවිරුවන් දඩයම් කිරීමට බවත් ඒ මහතා පවසයි.
මෙම රූපවාහිනී සංවාදයේ දී විශ්‍රාමික බ්‍රිගේඩියර් අතුල ද සිල්වා මහතා ද අදහස් දැක්වූ අතර, ඒ මහතා මෙහිදී පැවසුවේ මෙම පනතින් සමස්ථ ව්‍යුහයටම විශාල බලපෑමක් එල්ලවන බවයි.
1983 සිට 2009 දක්වා කාලය පමණක් නොව ඊට පෙර කාලය ගැනද සොයා බැලිය යුතු බවත්, 1981 දී යාපනය පුස්තකාලයට ගිනි තැබුවේ කවුදැයි ප්‍රශ්න කළ යුතු බවත්, 83ට පෙර සමයේ සිදුවූ විනාශයන් ගැන සෙවීමේ දී දැන් බලයේ සිටින නායකයන් ද හසුවන බවත් පවසන ඒ මහතා සත්‍ය සෙවිය යුත්තේ මේ ආකාරයෙන් නොවන බවත් පැහැදිලි කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවට බැරි බෙදුම්වාදය පරාජය කිරීමේ වගකීම බාරගන්න අපි සූදානම්.. - 'රණවිරු ජනපවුර' ආණ්ඩුවට කියයි..
ඉහළ උසාවිවල විනිසුරු පුටු අටක් හිස්..
සාම ගිවිසුමක් සඳහා අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවකට ආවා - පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්
ගෝඨාභය රාජපක්ෂ ඇත්ත මහමොළකරු තේරුම් ගත්තා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
යුක්රේන ගැටුමේදී රුසියාව සමස්ත බටහිර කඳවුරට එරෙහිව තනිව සටන් කරනවා – පුටින්
“පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ නිලධාරීන් දැන් මට එරෙහිව පරීක්ෂණ මෙහෙයවනවා”..- සලේ අභියාචනාධිකරණයට කියයි
අලුත් පාස්කු මහ මොළකරුවෙක් සොයාගත්තා නම් FBI, Interpol, Scotlandyard, AFU ආයතනවලටත් දන්වන්න.. - දිලිත් කියයි
ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් අනුගමනය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් S ධගාරියන්
ඊශ්‍රායලයේ ඉඳලා මෙරට ළමයි එවන ඩොලර් ටික එක ආයතනය හිරවෙලා.. - තවත් හැකර් ප්‍රහාරයක් ගැන ඩී.වී චානක හෙළිකරයි..
සලේගේ පෙත්සම සලකා බැලීම ජූලි 10 දක්වා කල් යයි.. සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ දෘෂ්ටිවාදය මෙරට තුළ ක්‍රියාත්මක වූ ආකාරය ගැනත් කරුණු හෙළිකරයි..
MCC ගිවිසුම නැවතත් ශ්‍රී ලංකාවට ගේන්න යනවා.. – හර්ෂ ද සිල්වා
ලෝකයේ බලශක්ති අර්බුදයක් ඇති වීමට හේතුව අමෙරිකාව සහ චීනයේ බල ඝට්ටනය ද?.. - ගෝලීය බලශක්ති අර්බුදයේ ඇත්ත කතාව ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
සුරේෂ් සලේ කියන්නේ අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීමට කිසිඳු සාක්ෂියක් නොමැති නිර්දෝෂී අයෙක්.. ගනේද්‍ර සහ ශානි ගහපු ගේම් එක මෙන්න.. - නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි
මහාභාණ්ඩාගාර කොල්ලයට මහබැංකුවත් වගකිව යුතුයි.. නන්දලාල්ටත් වැඩ වරදියි.. - මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ කියයි
සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමට අධිකරණයෙන් නියෝග..
සුරේෂ් සලේ වදකාගාරයක දමා මරා දැමීමට හැදූ කුමන්ත්‍රණය සත්‍යග්‍රහය නිසා වැළකුණා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර