බදුල්ල මහ රෝහලේ උග්‍ර බෙහෙත් හිඟය ගැන මාධ්‍ය ප්‍රකාශ නිකුත් කළා යැයි වෛද්‍ය පාලිත රාජපක්ෂට එරෙහිව ආණ්ඩුව යටින් ගේමක... හෙට සිට රජයේ වෛද්‍ය නිලධාරීන් රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ මාලාවක්
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද පිළිබඳ ජනතාවට සත්‍ය හෙළි කරන වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක විනය පරීක්ෂණ ඇතුළු ක්‍රියාමාර්ගයන්ට එරෙහිව විරෝධය පළ කිරීම සඳහා රට පුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් රෝහල් ඉදිරිපිට විරෝධතා මාලාවක් පැවැත්වීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
2022 වර්ෂයේ සැප්තැම්බර් මාසය වන විට බදුල්ල රෝහලේ තිබුණු ඖෂධ හිඟයත්, ඒ හරහා සෞඛ්‍ය සේවාවන්ට සිදුවන බලපෑමත් සම්බන්ධයෙන් මාධ්‍ය හරහා ජනතාවට තොරතුරු හෙළිදරව් කිරීම බරපතල වැරැද්දක් සේ හුවා දක්වමින්, බදුල්ල ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කරන, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාට එරෙහිව ද අසාධාරණ සහ පක්ෂග්‍රාහි විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක කරමින් ඇති බවත් එම සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
අදාළ නිවේදනය පහළින්...
මාධ්‍ය නිවේදනයයි
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද පිළිබඳ ජනතාවට සත්‍ය හෙළි කරන වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක විනය පරීක්ෂණ ඇතුළු ක්‍රියාමාර්ගයන්ට එරෙහිව විරෝධය පළ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග.
ශ්‍රී ලාංකීය සෞඛ්‍ය පද්ධතිය, ඉතිහාසයේ දරුණුම අර්බුදයට මුහුණ දෙමින් පවතින මේ මොහොතේදී පවා මෙරට වෛද්‍යවරුන් තම සායනික කැපවීම් සහ සාමාන්‍ය රාජකාරී සීමාවන් ඉක්මවා සේවාවන්හි සහ ක්‍රියාකාරකම් වල යෙදෙමින් සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරයි. එහිදි ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සමානාත්මතාවයෙන් යුක්තව සැපයීමෙහිලා තීරණාත්මකම කාර්යභාරය සිදුකරනුයේ වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි.
එසේ වුවත් සෞඛ්‍ය පද්ධතිය තුල සහ ඉන් පරිබාහිර පාර්ශවයන්ගේ මැදිහත් වීමෙන් වෛද්‍යවරුන් පීඩාවට සහ අධෛර්‍යයට පත් කිරීමේ අරමුණින් අඛණ්ඩව ක්‍රියාත්මක වන පටු න්‍යාය පත්‍ර සහ වැඩපිළිවෙළ වැළැක්වීමට දේශපාලන නායකත්වය, සෞඛ්‍ය බලධාරීන් ඇතුළු වගකිවයුත්තන් සාධනීය මැදිහත්වීම් නොකිරීම අවාසනාවන්ත තත්ත්වයකි.
වෘත්තීය සමිති නායකයින්ට මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වීමට ආයතන සංග්‍රහය තුළ අඩංගු නීතිමය ප්‍රතිපාදන වලට අනුකූලව, ඉතිහාසය පුරාම මෙරට සෞඛ්‍ය පද්ධතියේ ගැටලු සහ විෂමාචාර පිළිබඳව ජනතාව ඇතුළු පාර්ශව දැනුවත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කටයුතු කර ඇත.
වැරදිකරුවන්ට දඬුවම් කිරීම පසෙකලා, වංචා දුෂණ සහ වැරදි පිළිබඳ තොරතුරු සපයන්නන් නිහඬ කිරීම ඉලක්ක කර ගනිමින්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු පිළිබඳව ජනතාවට තොරතුරු හෙළි කරන වෘත්තීය සමිති නායකයින්ට එරෙහිව පිළිගත නොහැකි ලෙස අසාධාරණ සහ පක්ෂග්‍රාහි විනය පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රවණතාවය අඛණ්ඩව පවති.
වෘත්තීය සමිති නායකයෙකු ලෙස, 2022 වර්ෂයේ සැප්තැම්බර් මාසය වන විට බදුල්ල රෝහලේ තිබුණු ඖෂධ හිඟයත්, ඒ හරහා සෞඛ්‍ය සේවාවන්ට සිදුවන බලපෑමත් සම්බන්ධයෙන් මාධ්‍ය හරහා ජනතාවට තොරතුරු හෙළිදරව් කිරීම බරපතල වැරැද්දක් සේ හුවා දක්වමින්, බදුල්ල ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කරන, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාට එරෙහිව ද අසාධාරණ සහ පක්ෂග්‍රාහි විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක කරමින් ඇත.
මෙහි මූලික විමර්ශනයේ සිටම මෙම පරීක්ෂණය පවත්වා ඇති ආකාරය පිළිබඳව ගැටලු ගණනාවක් ඇති අතර වෛද්‍ය පාලිත රාජපක්ෂට, වෘත්තිය සමිති නායකයෙකු ලෙස මාධ්‍ය ඉදිරියේ තම රාජකාරියට බාධා කරන ගැටලු පිළිබඳ අදහස් දැක්වීමට ඇති නීතිමය අයිතිය ද මෙම විමර්ශනය හරහා අහුරා දැමීමට උත්සාහ කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් එම විනය පරීක්ෂණය අවසන් කිරීමට අවශ්‍ය නිර්දේශය රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කල ද, එම නිර්දේශ නොසලකා විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට කොමිෂන් සභාව විසින් නියෝග කිරීමේ තීරණය පිටුපස යම් අදිසි දේශපාලන හස්තයක් පවතින බවටද බරපතල සැකයක් පවතියි.
මෙම අසාධාරණ සහ පක්ෂග්‍රාහි විනය පරීක්ෂණය වහාම ඉවත් කර ගනිමින් වෛද්‍ය පාලිත රාජපක්ෂට සාධාරණය ඉටු කිරීමට සහ වෘත්තීය සමිති නායකයින්ට මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වීමට ඇති අයිතිය තහවුරු කිරීමට මැදිහත් වන මෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු සියලු වගකිවයුතු බලධාරීන්ට මෙන්ම දේශපාලන නායකත්වයට ද දිගින් දිගටම ඉල්ලීම් කළත්, තවමත් ඒ සම්බන්ධයෙන් කිසිදු සාධනීය මැදිහත්වීමක් සිදුකරන බවක් පෙනෙන්නට නොමැත.
වගකිවයුත්තන් මෙම ගැටලු විසඳීමට වහාම මැදිහත් නොවන පසුබිමක මෙම ගැටලුව විසඳිමට බල කරමින් විරෝධතා සහ වෘත්තිය ක්‍රියාමාර්ග වලට එළඹීමට පසුගිය සතියේදි රැස් වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් ඒකමතිකව තීරණය කරන ලදි.
ඒ අනුව මෙම ගැටලුව විසඳීමෙහිලා ධනාත්මක මැදිහත්වීමක් සිදු කිරීමට බලධාරීන් අපොහොසත් වීම සහ එම වගකීම මගහැරීමට විරෝධතාවය පළ කරමින්, හෙට දිනයේ දී රට පුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් රෝහල් ඉදිරිපිට වෛද්‍යවරුන්ගේ සහභාගිත්වය සහිතව විරෝධතා මාලාවක් පැවැත්වීමට තීරණය කර ඇත.
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ෂණ අංශය තුල සෞඛ්‍ය සේවාව පිළිබඳ කිසිදු තාක්ෂණික දැනුමක් නොමැති නිලධාරීන් විසින් සිදු කරන විමර්ෂණ හරහා දිගින් දිගටම වෛද්‍යවරුන් අසාධාරණයට හා අගතියට පත් විම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ෂණ අංශය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් විය යුතු බවද අපගේ විශ්වාසයයි.
මෙම විරෝධතාවයන් හරහා ලබා දෙන සංඥාව සහ පණිවිඩය, දේශපාලන නායකත්වය මෙන්ම වගකිවයුත්තන් වහාම වටහා ගත යුතු බව අපි විශ්වාස කරමු. අසාධාරණ සහ පක්ෂග්‍රාහී විනය පරීක්ෂණ විසඳා වෛද්‍ය පාලිත රාජපක්ෂට සාධාරණය ඉටු කිරීමටත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ෂණ අංශය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීමටත් බලධාරීන් වහාම ක්‍රියාත්මක විය යුතුය.
අසාධාරණ සහ පක්ෂග්‍රාහී විනය පරීක්ෂණ වහාම හකුලා ගැනීමට සහ වෘත්තීය සමිති අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට වගකිවයුත්තන් වහාම අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට අපොහොසත් වන්නේ නම්, ඉදිරියේදී වඩා තීව්‍ර වෘත්තීය ක්‍රියාමාර්ගවලට පවා එළැඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුබට නොවන අතර ඉදිරි සතියේදි රැස්වීමට නියමිත හදිසි මධ්‍යම කාරක සභා රැස්විමේදි මේ පිළිබඳ ඉදිරි තීරණ ගැනීමට නියමිතය.
ස්තූතියි.
මීට විශ්වාසී,
වෛද්‍ය ප්‍රභාත් සුගතදාස,
ලේකම්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..