චෝදනා එල්ලවූ නීතීඥ සංගමයේ සභාපති, ඉල්ලා අස්වීමට එන බලපෑම් ගැන ජ්‍යෙෂ්ඨයන් සමග සාකච්ඡාවක
ඉල්ලා අස්වීමට එන බලපෑම් හමුවේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න ඔහුගේ මීළඟ පියවර පිළිබඳ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ කමිටුවක් විසින් ගෙන ඇති පියවර ‘පෞද්ගලික පළිගැනීමක්’ ලෙස තමන් හඳුන්වන බවයි.
“මේ අය මගෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටින්නේ දේශපාලන අරමුණු වෙනුවෙන් පුවරු අල්ලාගෙන උද්ඝෝෂණ කිරීමට මා දිරිමත් නොකරන නිසයි. මෙහෙම කරන්නේ මා ඉල්ලා අස්වීමට අවශ්‍ය රාජ්‍ය නොවන සංවිධානවල සහාය ඇති දේශපාලන අභිප්‍රේරිත අතලොස්සක් පමණයි,” යනුවෙන් නවරත්න චෝදනා කර තිබේ.
ඔහුගේ ඉල්ලා අස්වීම සඳහා ඉල්ලීම් පැමිණෙන්නේ සමස්ත නීතීඥ ප්‍රජාවෙන් හෝ සමස්ත නීතීඥ මණ්ඩලයෙන් නොව, සුළුතරයකින් බවට ඔහු තර්ක කරයි.
“මට ඒකමතිකව ඡන්දය ලැබුණා, නමුත් අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට නොහැකි වූ ප්‍රතිවාදී කීපදෙනාම දැන් මට විරුද්ධ වන්නේ මැතිවරණය ළඟ නිසා.” යනුවෙන් නවරත්න සඳහන් කරයි.
ජපාන අන්තර්ජාතික සහයෝගීතා නියෝජිතායතනය (JICA) සමඟ ගනුදෙනුවලට අදාළ විස්තරාත්මක වාර්තාවකින් පසු ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට නීතීඥ සංගමය කළ ඉල්ලීම් අනුව මෙම අදහස් පළ විය.
නවරත්න ප්‍රකාශ කර ඇත්තේ අදාළ කරුණ සම්බන්ධයෙන් කිසිදු ‘මුල්‍ය අවභාවිතයක්’ හෝ ‘සාපරාධී ක්‍රියාවක්’ සිදුවී නොමැති බවට නීතීඥ සංගමය විසින් පත් කරන ලද කමිටුව විසින් මතයක් ප්‍රකාශ කර ඇති බවයි.
තමන් කෙරෙහි තැබූ විශ්වාසය කඩ කළ බවට කමිටුව විසින් මතයක් ගොඩනගා ඇති බව නවරත්න සඳහන් කර තිබේ.
“ඇත්ත වශයෙන්ම මම එම මතය වැරදියි යන ස්ථාවරයේ සිටිනවා,” යනුවෙන් නවරත්න පවසයි.
කෙසේවෙතත්, නීතිඥ සංගමයේ සාමාජික, ජනාධිපති නීතීඥ තාරපති ජයනාග පවසන්නේ “ජයිකා වෙතින් ඔවුන්ට මුදල් දී තිබෙනවා. ඔවුන්ගෙන් හතර දෙනෙකු හෝ පස් දෙනෙකු එය ඔවුන් අතර බෙදාගෙන තිබෙනවා,” යනුවෙනි.
ජනාධිපති නීතීඥ තාරපති ජයනාගට අනුව මෙලෙස ලැබී ඇති මුදල මිලියන 6කි.
ජයනාග පවසන පරිදි ජයිකා ගනුදෙනුව සම්බන්ධයෙන් නවරත්න නීතිඥ සංගමය හෝ විධායක කමිටුව සමඟ සාකච්ඡා කළ යුතුව තිබූ නමුත් ඔහු එසේ කිරීමට අපොහොසත් වී තිබේ.
ඒ අනුව ඉල්ලා අස්වන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටින බවත් ඔහු ඉවත් නොවන්නේ නම් ඔහු නෙරපා හරිනු ඇති බවත් ජයනාග පවසා ඇත.
පරීක්ෂණයකින් පසු අගෝස්තු 31 වැනි දින නිගමනය වූයේ නවරත්න ගිවිසුම්ගත විධිවිධාන සහ සම්පත්දායකයන් තෝරා ගැනීම සම්බන්ධයෙන් විනිවිද භාවයක් පවත්වා ගෙන නොතිබීම නිසා විශ්වාසය කඩ වී ඇති බවයි.
- The Morning
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..