News Category
From Date
To Date
Maximum Number of Result

සත්‍ය සෙවීමේ නාමයෙන් දියත් වන රණවිරුවන් පාවාදීමේ මෙහෙයුම පරාජය කිරීම සඳහා දිවි හිමියෙන් කැපවන බවට ප‍්‍රතිඥාවක් ලබා දුන් දිලිත්ට ජාතියේ ප‍්‍රණාමය හිමි විය යුතුයි! -"අපි වෙනුවෙන් අපි" රණවිරු හමුවෙන් යෝජනාවක්

Sep 2, 2024 at 09:15 AM
|

සත්‍ය සෙවීමේ නාමයෙන් දියත් වන රණවිරුවන් පාවාදීමේ දුෂ්ට මෙහෙයුම පරාජය කිරීම සඳහා දිවි හිමියෙන් කැපවන බවට  ප‍්‍රතිඥාවක් ලබා දුන් ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාට ජාතියේ ප්‍රණාමය  හිමි විය යුතු බවට අද(01) කොළඹ  සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැති "අපි වෙනුවෙන් අපි" රණවිරු හමුවේදී  යෝජනා සම්මත විය. 

රණවිරුවන් යුද අධිකරණවලට ගෙනයාමට පාර කපන  "සත්‍යය  සෙවීම සහ ප්‍රතිසන්ධාන කොමිසම පනත" මගින් ආරක්ෂක හමුදා පාවාදීමේ දුෂ්ට මෙහෙයුම පරාජය කිරීම තේමා කරගත් එකඟතා ලියවිල්ලකට ඉකුත් 29 දා සර්වජන බලය සහ ජාතික සංවිධාන නියෝජිතයින් අත්සන් තැබීම සිදු වූ අතර එහිදී සත්‍ය සෙවීමේ නාමයෙන් දියත් වන රණවිරුවන් පාවාදීමේ දුෂ්ට මෙහෙයුම පරාජය කිරීම සඳහා දිවි හිමියෙන් කැපවන බවට  මෙවර ජනාධිපතිවරණයට "තරුව" ලකුණෙන් තරග වදින, "සර්වජන බලය" දේශපාලන එකමුතුවෙහි අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතා ප‍්‍රතිඥාවක් ලබා දුන්නේ ය. 

සර්වජන ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාට සහයෝගය පළ කරමින් පැවැති "අපි වෙනුවෙන් අපි" රණවිරු හමුවේදී   සම්මත කරගන්නා ලද දස වැදෑරුම් යෝජනා මෙසේය.

"1. රණවිරුවන් පාවාදීම සහ අපකීර්තියට පත් කිරීම මෙන්ම අවසානයේදී රට බෙදා වෙන් කිරීමේ ජාත්‍යන්තර මෙහෙයුමේ ප‍්‍රධාන දේශීය උපාංගයක් වන සත්‍ය සෙවීමේ කොමිසම පනත් කෙටුම්පත පරාජය කිරීම සඳහා අප වෙත පැවරී ඇති ඓතිහාසික වගකීම දිවිහිමියෙන් ඉටු කළ යුතුය.

2. ආරක්ෂක අමාත්‍යාංශයේ චක‍්‍රලේඛ මගින් කප්පාදු කර ඇති දිවි පිදූ රණවිරුවන්ගේ යැපෙන්නන්ට සහ ආබාධිත රණවිරුවන්ට මෙන්ම ඔවුන්ගේ යැපෙන්නන්ට හිමි විය යුතු සියලූම දීමනා සහ වරප‍්‍රසාද නැවත හිඟ මුදල් සමග ලබා දිය යුතු ය.

3. සේවයේ නියුක්ත ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ වරප‍්‍රසාද කප්පාදු කරමින් සේවාව හැරයාම සඳහා දිරිමත් කිරීම සහ විදේශීය බලපෑම්වලට යටත් වී ආරක්ෂක හමුදා පිරිස් බලය අඩු කිරීම සඳහා ගනු ලබන ක‍්‍රියාමාර්ග මගින් සිදුකෙරෙන ආරක්ෂක හමුදා ශක්තිය දුර්වල කිරීමේ ක‍්‍රියාවලිය වහාම අත්හිටුවා ආරක්ෂක හමුදා නැවත ශක්තිමත් කළ යුතු ය.

4. ආරක්ෂක හමුදා සතු සම්පත් යොදා ගනිමින් හමුදා සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට නවීන තාක්ෂණික සහ වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාව නිර්මාණය කළ යුතු බවට මෙන්ම එම පාඨමාලා විශ්ව විද්‍යාල අධ්‍යාපනය  දක්වා දිර්ඝ කිරීම සඳහා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය යටතේ ප‍්‍රාදේශීය විවෘත විශ්ව විද්‍යාල පීඨ ජාලයක් ස්ථාපිත කළ යුතු ය.

5. ආරක්ෂක හමුදා පිරිස් බල අවශ්‍යතාවන්ට බලපෑමක් ඇති නොවන ලෙස වෘත්තීය පුහුණුව ලැබූ සාමාජිකයන්ට වැටුප් රහිත නිවාඩු මත විදේශීය රැකියා අවස්ථා ලබා

ගැනීම සඳහා අවසර ලබා දිය යුතුය.

6. ආරක්ෂක හමුදා දුර්වල කිරීම මගින් සූක්ෂ්ම ලෙස රට බෙදුම්වාදයේ ගොදුරක් බවට පත් කිරීම සඳහා දියත් වන ක‍්‍රියාවලිය තුළ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සහ ඊට අදාළ සෙසු ක‍්‍රියාමාර්ග සඳහා දායක වන සහ එම ක‍්‍රියාවලියට නිහඬව සහය දෙන සියලුදෙනා 30,000ක් වූ දිවි පිදූ රණවිරුවන් සහ 15,000කට ආසන්න පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන් මෙන්ම ඔවුන් වෙනුවෙන් කැපකිරීම් සිදුකළ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට නිගරු කරන්නන් ලෙස සහ තම මව්බිම සහ රාජ්‍යය පාවාදීමේ වරද මත දේශද්‍රෝහීන් සහ රාජ්‍ය ද්‍රෝහීන් ලෙස ප‍්‍රකාශයට පත් කළ යුතු ය.

7. විශ‍්‍රාමික ආරක්ෂක හමුදා නිලධාරීන් මෙන්ම හමුදාවන් හැර ගිය නිලධාරීන් සියලුදෙනා සතු අත්දැකීම් සහ දැනුම රටේ අනාගත අභිවෘද්ධිය සඳහා යොදා ගැනීමේ අරමුණු සහිතව ජාතික ස්වේච්ඡා ආර්ථීක සංවර්ධන බලකායක් පිහිටුවිය යුතු ය.

8. 2015 ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ කොමසාරිස් වාර්තාව මගින් ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සාමාජිකයනට එරෙහිව එල්ල කරනු ලැබූ යුද අපරාධ චෝදනාවලට ස්වාභාවික යුක්තිය මූලධර්මය යටතේ විධිමත්ව පිළිතුරු බැඳීම සඳහා අවස්ථාව ඉල්ලා සිටිය යුතු අතර ඒ සඳහා මිත‍්‍ර රටවල සහයෝගය ලබාගත යුතු ය.

9. අතුරුදහන් කිරීම් පිළිබඳ සොයා බැලීම සඳහා පත්කරන ලද මැක්ස්වෙල් පරණගම ජනාධිපති කොමිෂන් සභාවේ ක‍්‍රියාකාරීත්වය නැවත සක‍්‍රීය කළ යුතු බවට සහ ඊට සමගාමීව අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනත අහෝසි කළ යුතුය.

10. සත්‍ය සෙවීමේ නාමයෙන් දියත් වන රණවිරුවන් පාවාදීමේ දුෂ්ට මෙහෙයුම පරාජය කිරීම සඳහා දිවි හිමියෙන් කැපවන බවට ජාතියට ප‍්‍රතිඥාවක් ලබා දුන් ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතාට රටේ සමස්ත ජනතාවගේ ප‍්‍රණාමය පුද කළ යුතුය."

මෙම සුවිශේෂී රණවිරු සමුළුවට පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමි ඇතුළු මහා සංඝරත්නය, සර්වජන ජනාධිපති අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර, සර්වජන බලය විධායක සභිකයෝ වන ජාතික  නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර   යන මහත්වරු ද එක්ව සිටියහ.

එසේම ජාතික සංවිධාන එකමුතුව නියෝජනය කරමින් එහි කැඳවුම්කරු සාහිත්‍යසූරී වෛද්‍ය ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු විද්වත්හු පිරිසක් ද "අපි වෙනුවෙන් අපි" රණහිරු හමුවේ සාමාජිකත්වය ද එක්ව සිටියහ.

මාධ්‍ය අංශය,
සර්වජන බලය,















සම්බන්ධිත පුවත් | Related News

මහ භාණ්ඩාගරයෙන් අතුරුදන්වූ ඩොලර් මිලියන 2.5ක මුදල් වංචාව සම්බන්ධව මේ වන විට මාස 8කට වැඩි කාලයක් ගතවි ඇතත් ඒ පිළිබඳව කිසිදු නිල වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ව්‍යවස්ථාදායකය අසමත් වී ඇති බව Free Lawyers සංවිධානය පවසයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ගේ සෞඛ්‍ය තත්ත්වය අද (13) වන විට අතිශය අන්තරායකර තත්ත්වයකට පත්ව ඇත.
පසුගිය වසර 30ක යුද්ධයේදී සන්නද්ධ හමුදාවන් සිය වගකීම 100%ක්ම ඉටු කරමින් රට දෙකකට බෙදීමේ තර්ජනයෙන් මුදාගත් බවත්, එලෙස දිනාගත් යුද ජයග්‍රහණය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා බෙදුම්වාදී මතවාද පරාජය කිරීමේ වගකීම බාර ගැනීමට විශ්‍රාමික රණවිරුවන් කිසිසේත් පසුබට නොවන බවත් "රණවිරු ජනපවුර" සංවිධානය අවධාරණය කරයි.
‘නීතියේ ආධිපත්‍යය තහවුරු කරමු‘ යන සිරස්තලයෙන් යුතුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
ඔන්ඩෙන්සෙට්‍රෝන් ඇතුළු ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඖෂධ කාණ්ඩ දහයකට ආසන්න ප්‍රමාණයක් භාවිතයෙන් තාවකාලිකව ඉවත් කර වසරකට ආසන්න කාලයක් ගත වුවද, මේ දක්වා එම ඖෂධ සම්බන්ධ ප්‍රමිති සහතික නිකුත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වර්තමාන සභාපතිවරයා අපොහොසත් වී ඇති බව ජාතික සිවිල් පෙරමුණ චෝදනා කරයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු අටක් දීර්ඝ කාලයක් තිස්සේ නොපිරවීම හේතුවෙන් අධිකරණ පද්ධතියේ නඩු ගොඩගැසීමෙන් යුක්තිය පසිඳලීමේ කටයුතු වලට බාධා මතුව ඇතැයි අධිකරණ සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්ධන සහනාධාරය ලබා දීම සඳහා රජය වෙන් කරන ලද ප්‍රතිපාදන ජුනි මාසයෙන් අවසන් වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සභාපති ජනක රාජකරුණා මහතා අනාවරණය කරයි.
මැදපෙරදිග කලාපීය යුද්ධය අවසන් කිරීමේ සාම ගිවිසුමක් සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවසන් එකඟතාවයකට පැමිණ ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් පවසයි.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේදී ඇතැම් පාර්ශවයන් විසින් විවිධ බාධා කිරීම් සිදුකළ ද, ඒ පිළිබඳව බියක් ඇති කරගත යුතු නොවන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.

ප්‍රධාන පුවත්

ආණ්ඩුවට බැරි බෙදුම්වාදය පරාජය කිරීමේ වගකීම බාරගන්න අපි සූදානම්.. - 'රණවිරු ජනපවුර' ආණ්ඩුවට කියයි..

පසුගිය වසර 30ක යුද්ධයේදී සන්නද්ධ හමුදාවන් සිය වගකීම 100%ක්ම ඉටු කරමින් රට දෙකකට බෙදීමේ තර්ජනයෙන් මුදාගත් බවත්, එලෙස දිනාගත් යුද ජයග්‍රහණය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා බෙදුම්වාදී මතවාද පරාජය කිරීමේ වගකීම බාර ගැනීමට විශ්‍රාමික රණවිරුවන් කිසිසේත් පසුබට නොවන බවත් "රණවිරු ජනපවුර" සංවිධානය අවධාරණය කරයි.

ඉහළ උසාවිවල විනිසුරු පුටු අටක් හිස්..

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු අටක් දීර්ඝ කාලයක් තිස්සේ නොපිරවීම හේතුවෙන් අධිකරණ පද්ධතියේ නඩු ගොඩගැසීමෙන් යුක්තිය පසිඳලීමේ කටයුතු වලට බාධා මතුව ඇතැයි අධිකරණ සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.

සාම ගිවිසුමක් සඳහා අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවකට ආවා - පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්

මැදපෙරදිග කලාපීය යුද්ධය අවසන් කිරීමේ සාම ගිවිසුමක් සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවසන් එකඟතාවයකට පැමිණ ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ඇත්ත මහමොළකරු තේරුම් ගත්තා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

යුද්ධය අවසන් වූවද බෙම්වාදීන්ගේ මාර්ග සිතියම අවසන් වී නොමැති බවත්, බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුම යාමට බිඳවැටුනු ආරක්ෂක හමුදාවක් අවශ්‍ය බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

යුක්රේන ගැටුමේදී රුසියාව සමස්ත බටහිර කඳවුරට එරෙහිව තනිව සටන් කරනවා – පුටින්

යුක්රේනය සහ රුසියාව අතර පවතින ගැටුමේදී රුසියාව ඊනියා “සාමූහික බටහිර” (Collective West ) කඳවුරට එරෙහිව තනිව සටන් කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළේය.

“පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ නිලධාරීන් දැන් මට එරෙහිව පරීක්ෂණ මෙහෙයවනවා”..- සලේ අභියාචනාධිකරණයට කියයි

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ බවට විවිධ විමර්ශන මඟින් හඳුනාගෙන ඇති ෂානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක්, මේ වන විට තමන්ට එරෙහිව විමර්ශන මෙහෙයවමින් සිටින බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිය නීතිඥවරයා මාර්ගයෙන් පෙරේදා (11) අභියාචනාධිකරණයට දැනුම්දී ඇත.

අලුත් පාස්කු මහ මොළකරුවෙක් සොයාගත්තා නම් FBI, Interpol, Scotlandyard, AFU ආයතනවලටත් දන්වන්න.. - දිලිත් කියයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකානු එෆ්.බී.අයි (FBI) ආයතනය, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය, ස්කොට්ලන්ඩ් යාඩ් සහ ඉන්ටර්පෝල් වැනි ලෝක ප්‍රකට විමර්ශන ආයතන සොයාගත් කරුණු වලට අමතරව නව කරුණු මෙරට බලධාරීන් සොයාගෙන තිබේ නම්, වහාම ඒ බව එම ආයතනවලට දැනුම් දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් අනුගමනය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් S ධගාරියන්

ජූනි මස 12 වනදාට යෙදී තිබෙන රුසියානු දිනය වෙනුවෙන් කොළඹ රුසියානු තානාපති කාර්යාලය සංවිධානය කළ උත්සවයක් පසුගිය 10 වනදා ගාලු මුවදොර පිහිටි රත්නදීප හෝටලයේදී පැවැත්වීය.

ඊශ්‍රායලයේ ඉඳලා මෙරට ළමයි එවන ඩොලර් ටික එක ආයතනය හිරවෙලා.. - තවත් හැකර් ප්‍රහාරයක් ගැන ඩී.වී චානක හෙළිකරයි..

ඊශ්‍රායලයේ සිට මෙරට ශ්‍රමිකයන් එවනු ලබන ඩොලර් අප්‍රේල් මාසයේ සිට එක් ආයතනයක සිරවී ඇති බවත්, වැඩිම විදේශ ප්‍රේෂන ප්‍රමාණයක් මෙරටට එවනු ලබන්නේ ඊශ්‍රායලයේ සිටින මෙරට ශ්‍රමිකයන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා පවසයි.

සලේගේ පෙත්සම සලකා බැලීම ජූලි 10 දක්වා කල් යයි.. සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ දෘෂ්ටිවාදය මෙරට තුළ ක්‍රියාත්මක වූ ආකාරය ගැනත් කරුණු හෙළිකරයි..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා ජූලි මස 10 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

MCC ගිවිසුම නැවතත් ශ්‍රී ලංකාවට ගේන්න යනවා.. – හර්ෂ ද සිල්වා

ඇමරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් කිරීමට යෝජිතව තිබූ MCC ගිවිසුම නැවතත් ශ්‍රී ලංකාවට ලබාගැනීමේ අවස්ථාවක් උදාවී ඇතැයි තමන් දන්නා පරිදි වාර්තා වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පළමු වරට අනාවරණය කර තිබෙනවා.

ලෝකයේ බලශක්ති අර්බුදයක් ඇති වීමට හේතුව අමෙරිකාව සහ චීනයේ බල ඝට්ටනය ද?.. - ගෝලීය බලශක්ති අර්බුදයේ ඇත්ත කතාව ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට පහරදීමත් සමග අස්ථාවර වූ ලෝක ආර්ථිකය තවමත් යථා තත්ත්වයට පත්නොවී ඇති පසුබිමක ලෝකයම මේ වන විට බලශක්ති අර්බුදයක සිරවී සිටින බවත්, අමෙරිකාව සහ චීනය අතර ඇති වී තිබෙන බල ඝට්ටනයද ලෝකයේ අර්බුද රැසක් නිර්මාණය කර ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සුරේෂ් සලේ කියන්නේ අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීමට කිසිඳු සාක්ෂියක් නොමැති නිර්දෝෂී අයෙක්.. ගනේද්‍ර සහ ශානි ගහපු ගේම් එක මෙන්න.. - නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි

සුරේෂ් සලේ යනු අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීමට කිසිඳු සාක්ෂියක් නොමැති නිර්දෝෂී අයෙකු බවත්, එනිසාම ඔහු වෙනුවෙන් පෙනීසිටින නීතිඥවරුන් කිසිඳු ගාස්තුවක් අය නොකර ඔහු වෙනුවෙන් පෙනී සිටින බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

මහාභාණ්ඩාගාර කොල්ලයට මහබැංකුවත් වගකිව යුතුයි.. නන්දලාල්ටත් වැඩ වරදියි.. - මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ කියයි

රජයේ භාණ්ඩාගාරයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ද වගකීම දැරිය යුතු බවට මහා භාණ්ඩාගාරය සකස් කළ වාර්තාවක දක්වා ඇතැයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි.

සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමට අධිකරණයෙන් නියෝග..

රඳවාගෙන ප්‍රශ්න කෙරෙන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා අත්අඩංගුවේදී වද හිංසාවලට භාජනය වී තිබේ දැයි පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පංච පුද්ගල විශේෂඥ මානසික අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් පත්කර ඇත.

සුරේෂ් සලේ වදකාගාරයක දමා මරා දැමීමට හැදූ කුමන්ත්‍රණය සත්‍යග්‍රහය නිසා වැළකුණා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා වදකාගාරයක් තුළ මියයන තත්ත්වයට හෝ සියදිවි නසාගන්නා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කළ බවත්, එහෙත් ඔහු වෙනුවෙන් ක්‍රියාත්මක වූ සත්‍යග්‍රහය නිසා එම උත්සාහය ව්‍යර්ථ වූ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.