
ෆොන්සේකා, සජිත්ව දිනවන්න බැහැ කියයි... රනිල්ට හොඳ කියයි
ඉදිරි ජනාධිපතිවරණයකදී, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දිනවීම වෙනුවෙන් තමන් ක්‍රියාකාරී ලෙස වැඩ නොකරන බව සමගි ජන බලවේගය සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සජබ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට කෙළින්ම පවසා ඇති බව වාර්තා වේ.
ෆොන්සේකා මහතා පක්ෂයට විරුද්ධව සිදු කරනු ලබන විවිධ ප්‍රකාශ සම්බන්ධයෙන් විමසීමට සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ජ්‍යෙෂ්ඨ උප සභාපති ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්ගෙන් සමන්විත පිරිසක් සමග පසුගියදා පාර්ලිමේන්තු කාමරයකදී පැවැති විශේෂ සාකච්ඡාවකදී හෙතෙම මේ බව ප්‍රකාශ කර ඇත.
සමගි ජන බලවේගය පසුගිය කාලයේදී ගනු ලැබූ විවිධ දේශපාලන තීන්දු සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී ෆොන්සේකා මහතා දැඩි විවේචනයට ලක් කළ බව මෙම සාකච්ඡාවට සහභාගි වූ සජබ ජ්‍යෙෂ්ඨයෙක් පවසයි.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා ගැනීමේ ඡන්දයේදී සජබය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කිරීම වැරදි සහගත බව කියමින් ඒ පිළිබඳ පක්ෂ නායකත්වය ගනු ලැබූ තීරණය ප්‍රධාන වශයෙන්ම ෆොන්සේකා මහතා විසින් දැඩි දෝෂ දර්ශනයට ලක් කර ඇත. එම අවස්ථාවේ ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ලෙස පත්වූයේ නම් ජනාධිපති වී මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා කරනු ලබන කාර්යභාරය සිදු කිරීමට ඔහුට හැකි දැයි කියා ෆොන්සේකා මහතා ප්‍රශ්න කර තිබේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාට අගමැති ධුරය ලබා ගන්නා ලෙස කළ ඇරැයුම ප්‍රතික්ෂේප කිරීම ද ඔහුගේ විවේචනයට ලක් වී තිබේ. පක්ෂයේ සිටින තවත් මන්ත්‍රීවරුන් තිදෙනකුට ද එහිදී ෆොන්සේකා මහතා දැඩි ලෙස චෝදනා කර ඇති අතර “එම ආර්ථික ඔස්තාර්ලාගේ කීම අසා සජිත් ප්‍රේමදාස මහතා දේශපාලන තීන්දු ගැනීම ඉතා වැරදියි” යැයි ඔහු සඳහන් කර ඇත.
මෙම සාකච්ඡාවේදී සරත් ෆොන්සේකා මහතා යම් තරමකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්මන් පාලනයට සහාය පළ කරන අන්දමින් අදහස් පළ කළ බව ඉහත ජ්‍යෙෂ්ඨයා කීය.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
