ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් අගමැති දිනේෂ් හමුවෙයි... ඉන්දු-ලංකා සහයෝගීතාව ඉහළ නැංවීමට ථෙරවාදී ආර්ථික මාවත අවශ්‍ය බව කියයි
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඉමහත් විභවයක් පවතින බැවින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා ද්විපාර්ශ්වික සබඳතා තහවුරු කළ යුතු බව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ (29) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදීය.
ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට ඉන්දියාවට අවශ්‍ය බව පැවසූ ඩොවාල් මහතා ප්‍රමුඛ අවශ්‍යතා පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසා සිටියේය.
බලශක්ති ක්ෂේත්‍රය එක් ක්ෂේත්‍රයක් බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා මහා පරිමාණ සහ කුඩා පරිමාණ විකල්ප බලශක්ති ව්‍යාපෘති සඳහා සහය දැක්වීම සම්බන්ධයෙන් ඉන්දියාවට ස්තුතිය පළ කළේය.
විදුලිබල උත්පාදනය සහ බෙදාහැරීම සඳහා පෞද්ගලික අංශයේ සහභාගිත්වය පහසු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩල රෙගුලාසි සංශෝධනය කිරීමට රජය පියවර ගෙන ඇති බවත් සූර්ය හා සුළං බලශක්ති ව්‍යාපෘති සඳහා ඉන්දීය ආයෝජන වැඩි කළ හැකි බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
දිගු කාලීනව ශ්‍රී ලංකාවට දේශීය අවශ්‍යතාවයට වඩා වැඩි විදුලි ප්‍රමාණයක් නිපදවිය හැකි බවත්, අතිරික්ත විදුලිය ඉන්දියාවට විකුණා විශාල මූල්‍ය ප්‍රතිලාභ ලබා ගත හැකි බවත් ඩොවාල් මහතා පැවසීය.
භූතානය විශාල වශයෙන් ජල විදුලිය නිපදවන අතර එය ඉන්දියාවට අලෙවි කරන බවත් එය එරට විශාලතම ආදායම බවත් ඔහු පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ ථෙරවාදී ආර්ථික ප්‍රතිපත්තිය පදනම් වී ඇත්තේ සියවස් 25 කට පෙර ගෞතම බුදුන් වහන්සේගේ සමයේ ඉන්දියාවේ පැවති ආර්ථික පිළිවෙත් අනුව බවත් එය ආර්ථික වර්ධනයට අනුපූරකයක් වනු ඇති බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
සන්නද්ධ හමුදා සාමාජිකයින්ට සහ රාජ්‍ය සේවකයින්ට ඔවුන්ගේ කුසලතා සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ලබා දෙන පුහුණුව පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉන්දියාවට ස්තූති කළේය.
ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, අතිරේක ලේකම් පුනීත් අග්‍රවාල් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන අක්ෂේ ජෝෂි, ගෞරව් අළුවාලියා සහ තේජා චන්දන් ඇතුළු ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් මෙම අවස්ථාවට එක් විය.
අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන සහ උපදේශක සුගීස්වර සේනාධිර යන මහත්වරු ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.
- අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..