බංග්ලාදේශ අවාමි ලීගයේ ප්‍රබලයෙකුගේ මළ සිරුරක් ඉන්දියාවෙන් සොයාගැනේ... අරගලයෙන් හින්දු ජාතිකයන් දහසකට අධික පිරිසක් ඝාතනය කරලා
බංග්ලාදේශ සිසු අරගලයෙන් පසු බලයෙන් පහ කෙරුණු අවාමි ලීගය පක්ෂයේ ප්‍රබලයෙකුගේ මළ සිරුරක් ඉන්දියාවේ දී සොයාගෙන තිබේ.
බංග්ලාදේශයේ අවාමි ලීගයේ ප්‍රමුඛයෙකු මෙන්ම දැඩි හසීනා හිතවාදියෙකු වන ඉෂාක් අලී ඛාන්ගේ නරක් වූ මළ සිරුර ඉන්දියා - බංග්ලාදේශ දේශසීමාවේ පිහිටි ඉන්දීය මේගලායා ප්‍රාන්තයේ බුලත් වගාවක තිබියදී මෙලෙස හමුව ඇත.
ගෙල සිරකර ඔහු මරාදමා ඇති බව අනාවරණය වී ඇති අතර මළ සිරුරේ අනන්‍යතාව හෙළිකරගෙන ඇත්තේ ඔහුගේ ගුවන්ගමන් බලපත්‍රයෙනි.
බංග්ලාදේශයේ ඇතිවූ රාජ්‍ය විරෝධී අරගලයෙන් පසුවද එල්ලවූ දැඩි ජනතා විරෝධය හමුවේ ඔහු ඉන්දියාවට පලායමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව පැවසෙයි.
අරගලකරුවන් විරෝධතා අතරතුර පාර්ලිමේන්තුව ආක්‍රමණය කිරීම සහ එරට අධිකරණ ක්ෂේත්‍රයටද අත පෙවීම ආන්දෝලනාත්මක කරුණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
රැකියා කෝටාව පදනම් කරගනිමින් හසීනා රජයට එරෙහිව ඇතිවූ අරගලය පසුව ජාතිවාදී හා ආගම්වාදී මුහුණුවරක් ගනිමින් එරට සුළුතර හින්දු ජාතිකයන් පීඩාවට පත්වීම ලොවපුරා විවේචනයටද ලක්විය.
අන්තර්වාර රජයේ සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රධානියා පවසා ඇත්තේ, ගෙවුණු ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වූ අරගලය අතරතුර හින්දු ජාතිකයින් දහසකට අධික ප්‍රමාණයක් ඝාතනය වී ඇති බවය.
- අද දෙරණ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..