යාපනයේ දුපත් තුනකට ලයිට් දෙන හයිබ්‍රිඩ් විදුලි ව්‍යාපෘතියට ඉන්දියාව සල්ලි දෙයි
යාපනයට ඔබ්බෙන් වූ දූපත් තුනක දෙමුහුන් විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ පළමු ගෙවීම ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා විසින් විදුලිබල හා බලශක්ති ලේකම් සුලක්ෂණ ජයවර්ධන සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති රංජිත් සේපාල වෙත භාර දී තිබේ.
ඩෙල්ෆ්ට්, නයිනතිව් සහ අනලතිව් දූපත්වල දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමක් ඉන්දීය ජනරජයේ රජය සහ ශ්‍රී ලංකා රජය අතර 2022 මාර්තු මාසයේදී අත්සන් කරන ලදී.
ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ විසින් U Solar Clean Energy Solutions පෞද්ගලික සමාගම සමඟ 2024 මාර්තු 01 දින අත්සන් කරන ලදී.
ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ නොවන එම දූපත් තුනේ ජනතාවගේ බලශක්ති අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගත් මෙම ව්‍යාපෘතිය මඟින් සූර්ය සහ සුළං යන දෙවර්ගයම ඇතුළුව විවිධ ආකාරයේ බලශක්ති ඒකාබද්ධ කරමින් ධාරිතාව සැපයීමට නියමිතය.
මෙම ස්ථාන තුනෙහි මූලික කටයුතු ආරම්භ කර ඇති අතර, ව්‍යාපෘතිය 2025 මාර්තු මස මුලදී අවසන් කර 2025 අප්‍රේල් අග වන විට භාරදීමට නියමිතව තිබේ.
මෙම ව්‍යාපෘතිය ඉන්දීය රජයේ අමෙරිකානු ඩොලර් මිලියන 11ක ප්‍රදානයක් යටතේ ක්‍රියාත්මක වන අතර බලශක්ති ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව සඳහා ඉන්දියාවේ කැපවීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ ඉන්දියාවේ සංවර්ධන හවුල්කාරිත්වය යළි තහවුරු කරයි.
ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ දී මෙම ව්‍යාපෘතිය චීන රජය විසින් ශ්‍රී ලංකාව සඳහා යෝජනා කරන ලද්දකි.
එහෙත් ඉන්දියාව ඊට දැක්වූ විරෝධය හමුවේ ශ්‍රී ලංකාව එම ව්‍යාපෘතිය චීනයට ලබා නොදීමෙන් පසු චීනය එම ව්‍යාපෘතිය මාලදිවයිනට රැගෙන යන ලදී.
පසුව එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව ඉදිරිපත් විය.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..