ඊනියා සත්‍ය සෙවීමේ පනත මගින් රණවිරුවන් පාවාදීමේ දුෂ්ඨ මෙහෙයුම පරාජය කිරීම වෙනුවෙන් සර්වජන බලය, රණවිරු සංවිධාන සහ ජාතික සංවිධාන අතර එකඟතාව අත්සන් කෙරේ
ඊනියා සත්‍ය සෙවීමේ පනත මගින් ආරක්ෂක හමුදා පාවාදීමේ දුෂ්ඨ මෙහෙයුම පරාජය කිරීම වෙනුවෙන් සර්වජන බලය, රණවිරු සංවිධාන සහ ජාතික සංවිධාන අතර එකඟතාව අත්සන් කිරීම අද (29) උදේ 9.00 ට මිරිහාන - නුගේගොඩ (ජුබිලි කණුව අසල) රැෆල්ස් උත්සව ශාලාවේ දී සිදු විය.
මෙම අවස්ථාව වෙනුවෙන් සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ආචාර්ය ගුණදාස අමරසේකර, විශ්‍රාමික බ්‍රිගේඩියර් අතුල ද සිල්වා, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර, ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක අධ්‍යක්ෂ කමල් ලියනගේ, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, නීතිඥ චරිත සිරිවර්ධන, නීතිඥ මධුමාලි අල්විස්, මහජන යුතුකම් කේන්ද්‍රයේ කැඳවුම්කරු වසන්ත අල්විස්, ස්පර් ඕස්ට්‍රේලියානු සංවිධානයේ කීර්ති ජයසූරිය, , ලක්මව දියණියෝ සංවිධානයේ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල, නිමල් තිස්ස විජේතුංග, තුෂාර වීරසිංහ යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.
මෙහිදී ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක අධ්‍යක්ෂ කමල් ලියනගේ මහතා විසින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය මගින් සකස් කළ "රණවිරු විත්ති වාචිකය" සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා වෙත පිළිගන්වනු ලැබූ අතර, ජාතික විද්වත් භික්ෂු සංසදය හා ජාතික සංවිධාන විසින් ඉදිරිපත් කළ " අනාගත ආණ්ඩුවක ප්‍රමුඛතා න්‍යායපත්‍රය නොහොත් 60 වැදෑරුම් සමාජ සම්මුතිය" ලියැවිල්ල ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් දිලිත් ජයවීර මහතා වෙත පිළිගැන්වීම ද සිදු විය.
ඡායාරූප පහළින්...





සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවට බැරි බෙදුම්වාදය පරාජය කිරීමේ වගකීම බාරගන්න අපි සූදානම්.. - 'රණවිරු ජනපවුර' ආණ්ඩුවට කියයි..
ඉහළ උසාවිවල විනිසුරු පුටු අටක් හිස්..
සාම ගිවිසුමක් සඳහා අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවකට ආවා - පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්
ගෝඨාභය රාජපක්ෂ ඇත්ත මහමොළකරු තේරුම් ගත්තා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
යුක්රේන ගැටුමේදී රුසියාව සමස්ත බටහිර කඳවුරට එරෙහිව තනිව සටන් කරනවා – පුටින්
“පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ නිලධාරීන් දැන් මට එරෙහිව පරීක්ෂණ මෙහෙයවනවා”..- සලේ අභියාචනාධිකරණයට කියයි
අලුත් පාස්කු මහ මොළකරුවෙක් සොයාගත්තා නම් FBI, Interpol, Scotlandyard, AFU ආයතනවලටත් දන්වන්න.. - දිලිත් කියයි
ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් අනුගමනය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් S ධගාරියන්
ඊශ්‍රායලයේ ඉඳලා මෙරට ළමයි එවන ඩොලර් ටික එක ආයතනය හිරවෙලා.. - තවත් හැකර් ප්‍රහාරයක් ගැන ඩී.වී චානක හෙළිකරයි..
සලේගේ පෙත්සම සලකා බැලීම ජූලි 10 දක්වා කල් යයි.. සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ දෘෂ්ටිවාදය මෙරට තුළ ක්‍රියාත්මක වූ ආකාරය ගැනත් කරුණු හෙළිකරයි..
MCC ගිවිසුම නැවතත් ශ්‍රී ලංකාවට ගේන්න යනවා.. – හර්ෂ ද සිල්වා
ලෝකයේ බලශක්ති අර්බුදයක් ඇති වීමට හේතුව අමෙරිකාව සහ චීනයේ බල ඝට්ටනය ද?.. - ගෝලීය බලශක්ති අර්බුදයේ ඇත්ත කතාව ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
සුරේෂ් සලේ කියන්නේ අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීමට කිසිඳු සාක්ෂියක් නොමැති නිර්දෝෂී අයෙක්.. ගනේද්‍ර සහ ශානි ගහපු ගේම් එක මෙන්න.. - නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි
මහාභාණ්ඩාගාර කොල්ලයට මහබැංකුවත් වගකිව යුතුයි.. නන්දලාල්ටත් වැඩ වරදියි.. - මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ කියයි
සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමට අධිකරණයෙන් නියෝග..
සුරේෂ් සලේ වදකාගාරයක දමා මරා දැමීමට හැදූ කුමන්ත්‍රණය සත්‍යග්‍රහය නිසා වැළකුණා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර