ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව දෙගුණ වෙලා... මූලික නිදහසට තර්ජන... මානව හිමිකම් කවුන්සිලයේ දී නව යෝජනාවක් ගෙනආ යුතුයි - හියුමන් රයිට්ස් වොච් කියයි
ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට දරිද්‍රතාව දෙගුණ වී ඇති බවත්, මේ වන විට ජනගහණයෙන් තුනෙන් එකක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව එක්සත් ජාතින්ගේ වාර්තා පෙන්නුම් කරන බවත් "හියුමන් රයිට්ස් වොච්" සංවිධානය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මෙම අදහස් පළ කර ඇත.
එම නිවේදනය මගින් ඔවුන් තවදුරටත් සඳහන් කරන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ කොමසාරිස්වරයා විසින් නිකුත් කර ඇති ආසන්නතම වාර්තාවෙන් මෙරට මූලික නිදහසට තවදුරටත් තර්ජන පවතින බවය.
මෙරට මානව හිමිකම් තත්ත්වය විමර්ශනයටත් සාක්ෂි රැස්කිරීමටත් විවිධ ක්‍රම හරහා ඇති වන බාධා කිරීම් විමර්ශනයට ජාත්‍යන්තර ප්‍රජාවගේ මැදිහත්වීම සඳහා දැනට ඇති යෝජනාව යාවත්කාලීන කළ යුතු බව මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයා සිය වාර්තාවෙන් සාමාජික රටවලින් ඉල්ලීමක් ද කර ඇති බව එම සංවිධානය සඳහන් කර ඇත.
කෙසේවෙතත් සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයේදී පවතින යෝජනාව යාවත්කාලීන කිරීමට අමතරව තවත් කරුණු ඇතුළත් කර මෙරට සම්බන්ධයෙන් නව යෝජනාවක් ගෙන ආ යුතු බවද හියුමන් රයිට්ස් වොච් සංවිධානය සඳහන් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..