මාලිමාවට ඡන්දය දෙන්න රටින් එන අය මෙහෙම නවතින්න... නැවතිලා කට්ට කන්න - රාජිත කියයි
විදෙස්ගත සිටින ශ්‍රී ලාංකිකයින් මැතිවරණ දිනේට ලංකාවට පැමිණ අනුර කුමාර දිසානායකට කතිරය ගසනවා නම් නැවත පිටරට නොයන ලෙසත්, ලංකාවේ පදිංචි වී අනුර දිනවා ඉන්පසුව එළඹෙන ඛේදවාචකයට මුහුණ දෙන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතා පවසයි.
අනුර කුමාර දිසානායක වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීම සඳහා මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ට මන්ත්‍රිවරයා මෙලෙස අනතුරු ඇඟවීමක් කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (27 වැනිදා ) පැවැති මාධ්‍ය හමුවකදීය.
"මම මේ සිරිකොත කාර්යාලයට මාධ්‍ය හමුවක් සඳහා එන්නේ වසර හතරකට පසුව. කුනාටුවේ තිබුණු අලාභහානි තාම ඉවර කරලා නෑ. මෙවර ඔබ ඡන්දය ලබාදිය යුත්තේ රනිල් වික්‍රමසිංහට නොව තමන්ටමයි. අද ලංකාව ගෙවන්න තියෙන විදේශ ණය වගේ පස් ගුණයක විනාශයක් කළේ ලංකාවට, ඩොලර් මිලියන 200ක පාඩුවක් මේ එල්ටීටීඊ එකයි ජේවීපී එකයි කළේ. ඡන්ද කිට්ටු වෙනකොට පිටරට ඉන්න අපේ ඉම්පෝටඩ් ශ්‍රී ලංකන් මහත්තුරු එන්න පුළුවන්. ඒගොල්ලෝ අපිට තීන්දු තීරණ දීලා ඇඩ්වයිස් දීලා යනවා. එයාලා ගිහින් රෑට ගෙවල්වල ප්‍රවෘත්ති බල බල "හෙල් ඔෆ් අ තින්ග් හැපන් නෝ" කිය කිය බයිට් කාලා විස්කි බීල ඉන්නවා. ඒ අයියලාට මම කියන්නේ ගිය සැරේ වගේ පෝලිමේ එන්න එපා. ගිය සැරේ කිව්වා අපි අතින් ටිකට් අරගෙන ගෝඨාභයට ජන්දේ දෙන්න ආවේ කියලා. මේ සැරෙත් ඇවිත් අපිට වැඩේ දීලා යන්න. එතකොට ඔබට පුළුවන් කකා බිබී එහේ ඉන්න. එනිසා කරුණාකර ඔය එන මහත්තුරු මෙහේ පදිංචි වෙන්න. අපිත් එක්කම එකට පෝලිමේ ඕගොල්ලොත් හිටගන්න. මෙහෙ ඉඳලා ආපහු ආපු රටට යන්න එපා. එනිසා කරුණාකර ඔය මහත්වරු ඔහේට වෙලා ඉන්න."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..