යහපාලන ආණ්ඩුව යටතේ හොරු ඇල්ලීමේ වගකීම භාරගත්තේ ජනතා විමුක්ති පෙරමුණ... ඒත් හොරු අල්ලගත්තේ නැහැ.... මීයෝ ඇල්ලන්න නම් දත් තිබෙන බළලෙකු සිටිය යුතුයි - ජනපති රනිල් කියයි
තමන් සමඟ සිටින ආර්ථික කණ්ඩායම අභිබවා යා හැකි කණ්ඩායමක් වෙනත් කිසිදු පක්ෂයක නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එම පක්ෂවල සිටින ඇතැමුන් තමන් විසින් දේශපාලනයට ගෙන ආ පුද්ගලයන් බැවින් තමා ඒ බව හොඳාකාරව දන්නා බව සඳහන් කළ ජනාධිපතිවරයා, සටන තිබෙන්නේ ජනාධිපතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව නොව, ජනතාව ජීවත් කරවීම පිළිබඳව බවත්, මෙවර ඡන්දය ලබාදිය යුත්තේ ගෑස් සිලින්ඩර් සොයමින් ගිය යුගයෙන් ඉවත් වීම සඳහා බවත් සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ නීතිඥ වෘත්තීයවේදීන් සමඟ ඊයේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති හමුවට එක් වෙමිනි.
‘ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් නීතිඥයෝ ’ යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම හමුවට ජේ්‍යෂ්ඨ ජනාධිපති නීතිඥවරුන්, ජ්‍යෙෂ්ඨ නීතිඥයින් ඇතුළු නීතිඥ ප්‍රජාව නියෝජනය කරන විශාල පිරිසක් එක්ව සිටියහ.
හොරු ඇල්ලීම පිළිබඳව එල්ල කරන චෝදනා පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා 2015 වසරේ යහපාලන ආණ්ඩුව යටතේ හොරු ඇල්ලීමේ වගකීම භාරගත් ජනතා විමුක්ති පෙරමුණ පොලිස් නිලධාරියකු හෝ නීතිඥයකු ද නොවූ ආනන්ද විජේපාල මහතාව ඒ සඳහා පත් කර ගනිමින් ලිපිගොනු 400ක් ගෙන ක්‍රියා කළ බව පැවසීය.
අග්‍රාමාත්‍යවරයා ලෙස තමා සිදු කළේ එම කටයුතු සඳහා ප්‍රතිපාදන සැපයීම පමණක් බව පැවසූ ජනාධිපතිවරයා මීයෝ ඇල්ලීමට නම් දත් තිබෙන බළලෙකු සිටිය යුතු බවත් බළලාට දත් නැත්නම් තමාට බැණ වැදී ඵලක් නොවන බවත් කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.
“අද ඔබ සියලු දෙනා මෙතැනට පැමිණීම පිළිබඳ පළමුවෙන්ම මගේ ස්තූතිය පිරිනමනවා. අපි මෙතැනට පැමිණ සිටින්නේ පොදු වැඩ කටයුත්තකටයි. සියලුදෙනා එක්ව මේ රට ආරක්ෂා කර ගැනීමටයි.
ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා එදා මට කිව්වේ බලයේ හිඩැසක් තියන්න එපා කියලයි. ඒකයි මම එදා ගිහින් අගමැතිකම භාරගත්තේ. එදා රටේ පැවති තත්ත්වය දිගටම තිබුණානම් ඇතිවිය හැකිව තිබූ තත්ත්වය අමුතුවෙන් කිවයුතු නැහැ. බංග්ලාදේශයේ ඒ හිඩැස තිබුණා. ෂෙයික් හසිනා මැතිනිය පිටවී යද්දී ආණ්ඩුව ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියා ඔවුන්ට අදහසක් තිබුණේ නැහැ. ඒ හිඩැස නිසා ඔවුන්ට විශාල පාඩුවක් සිදුවේවි.
එදා මේ රටේ අගමැතිකම භාර ගන්න කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ. නමුත් මම පාර්ලිමේන්තුවේ තනි ආසනයක් තිබූ මන්ත්‍රීවරයෙක්. මට කිව්වා අගමැතිකම භාරගන්න කියලා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..