News Category
From Date
To Date
Maximum Number of Result

හමුදාව යුද ජයග්‍රහණයේ ආරම්භය ලබාගන්නා අවස්ථාවේදී LTTEයේ සහායට ජවිපෙ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කළා - පාඨලී චම්පික රණවක

Aug 27, 2024 at 07:03 AM
|

එදා LTTE සංවිධානය මාවිල්ආරු සොරොව්ව වසා සිදු කිරීමට ගිය ව්‍යසනය නවතා දමමින් අප රටේ හමුදාව යුද ජයග්‍රහණයේ ආරම්භය ලබාගන්නා අවස්ථාවේදී ඒ සියල්ල විනාශ කර දැමීමට 2017 වසරේදී ලාල්කාන්ත ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ රට පුරා සමස්ත මහා වැඩ වර්ජනයක් කැඳවා LTTE යට සහාය දැක්වීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ “විරු පවුර – සමගි ජනරජයක් වෙනුවෙන්..” යන මැයෙන් එක්සත් ජනරජ පෙරමුණු පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සංවිධානය කර තිබූ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පොලිස් හා සිවිල් ආරක්ෂක විශ්‍රාමික නිලධාරීන් ඇගයීමේ වැඩසටහනකට සම්බන්ධ වෙමිනි.

එහිදී විරු පවුර සභාපති දේශමාන්‍ය දේශබන්දු කපිතාන් ගයාන් විතානගේ මහතාත්, රණවිරු පවුල් වෙනුවෙන් එක්සත් ජනරජ පෙරමුණේ මධ්‍යම කාරක සභික ප්‍රියදර්ශනී ආරියරත්න මහත්මිය හා විරු පවුර අනුශාසක සහ කැඳවුම්කරු මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන මහතා සිය අදහස් පලකරනු ලැබූ අතර බොහෝ විශ්‍රාමික හමුදා නිලධාරීන් මේ සඳහා සම්බන්ධ විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා:

“ඔබතුමාලට මේ යුද්ධයේ කතාව කියන්න ඕන නෑ. යුද්ධයේ කතාව ඔබ හැමෝම ජීවමානව අත්දැකලා තියෙනවා. මේ ගැටුම සෑහෙන කාලෙක ඉඳන් තිබිච්ච දෙයක්. ඒ දේශපාලකයා මේ ගැටුම තේරුම් ගත්තේ නැති නිසාත්, විදේශ මැදිහත්වීම් නිසා මේක දික් ගැහිච්ච ප්‍රශ්නයක් බවට පත්වුණා. මේ ගැටුම මට පෞද්ගලිකව තීරණාත්මකව දැනුණේ 1990 දශකයේ අන්තිම බාගෙදී. LTTE ය කොළඹ විශාල පිපිරීම් ගණනාවක් කළා. නමුත් සාමයේ නාමයෙන් කියලා ඒවා ඉවසා වදාර සිටින තත්ත්වයක් අපේ ආණ්ඩු ගෙන ගියා. LTTE ය තහනම් වුණේ දළදා මාලිගාවට පහර දීපු අවස්ථාවේදී බොහෝ දෙනෙක් හිතුවා සිංහල මිනිස්සු, දෙමළ ජනයාට හින්දු කෝවිල් වලට හිරිහැර කරයි කියලා. අපි චන්ද්‍රිකා මැතිණියගෙන් ඒ වෙලාවේ ඉල්ලා හිටියා LTTE ය වහාම තහනම් කරන්න තවත් ගනුදෙනු කරන්න ඉඩ තියන්න එපා කියලා. එදා තමයි එතුමිය ඒක තහනම් කළේ. මහා දැවැන්ත භික්ෂු පෙළපාළියක් මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් සිදු කරලා. එංගලන්තේ අපේ ජනතාව සංවිධානය කරලා Tony Blair ට බෑ කියලා විශාල කැම්පේන් එකක් ගෙනිච්චා. ඇමරිකා එක්සත් ජනපදයේත් ගෙනිච්චා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි එංගලන්තෙයි, ඇමරිකා එක්සත් ජනපදයෙයි, LTTE තහනම් වුණේ. ඒකෙන් LTTE ය සුළු ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් තියෙනවායි කියලා කියපු පිළිගැනීම නැතිවෙලා, ත්‍රස්තවාදී සංවිධානයක් බව හුඟාක් රටවලට අවබෝධ කරවන්න අපේ ජනතාවට පුළුවන් වුණා.

1999 යේදී වන්නියේ සිදු වෙච්ච විශාල පසුබැසීමත් එක්ක අපට තේරුණා දැන් මේ යුද්ධය ඉතාමත්ම තීරණාත්මක තැනකට ඇවිල්ලා තියෙනවා කියලා. චන්ද්‍රිකා මැතිණිය ඉන්දියාවේ නාවුක හමුදාවෙන් උදව් ඉල්ලුවා යාපනයේ හිර වෙලා හිටපු අපේ තිස් දහසක පමණ සෙබළු කොළඹට ගෙන එන්න.

රොහාන් දළුවත්ත මහත්තයා හිටියේ ප්‍රධානියා හැටියට. ඒ වගේම මතක ඇති ඇන්ටන් බාලසිංහම් ප්‍රකාශයක් කරා මිනී පෙට්ටි තිස්දාහක් ලෑස්ති කරගන්න කියලා 2000 දී. අලිමංකඩ කඳවුර බිඳ වැටිලා අපේ හිටපු ප්‍රධන මේජර් ජෙනරාල්තුමාවත් ඝාතනය කරලා යාපනය දෙසට වේගයෙන් LTTE ය ගමන් කරමින් හිටියා. ලොකු සටනක් අපිට කොළඹ ගෙනියන්න සිද්ධ වුණා. යම් යම් රටවල් උපකාර කළා. මල්ටි බැරල්, රොකට්, හම්බුන නිසා LTTE ය, මුහමාලෙයි කලාපයේ නවත්තගත්තා. ඊට පස්සේ අපි කල්පනා කළා, දැන් මේකට දේශපාලන නායකත්වයක් ඕනේ. තනියෙන් අපි කිහිපදෙනෙකුට මේ උද්ඝෝෂණ කරලා කරන්න බැහැ. ඒ අනුව තමයි අපි, මහින්ද රාජපක්ෂ ඒ බලයට පත් කරන ක්‍රියාවලියට එකතු වුණේ. මේජර් ජෙනරාල් එම්. ඩී ෆනෑන්ඩු වගේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ගණනාවක් විශ්වාස කළා මේක දිනන්න පුළුවන් කියලා. මහින්ද රාජපක්ෂ පත්වෙනකොට ජෙනරල් සරත් ෆොන්සේකා හමුදාපති කරා. ගොඩාක් විරෝධතා ආවා. මහින්ද මහත්තයත් එච්චර කැමති වුණේ නෑ.

නමුත් අපි දැනන් හිටියා මේකට යම් ස්ථිර නායකත්වයක් ඕනැයි කියලා. නමුත් සාමය දිගටම කරගෙන ගියා. මහින්ද මහත්තයත් ජිනීවා වල ගිහිල්ලා අරෙහෙ මෙහෙ ගිහිල්ලා LTTE යත් එක්ක පරණ නැටිල්ලම නට නට ගියා ඔය ටිරාන් අලස්ලා එහෙම අල්ලගෙන. ඒ වෙලාවේ තමයි එදා ජෙනරල් සරත් ෆොන්සේකා මහත්තයාගේ ඝාතන තැත සිදුවුණේ.

අපි ගිහිල්ලා ඉල්ලීමක් කරා මහින්ද රාජපක්ෂගෙන් තමන්ගේ හමුදාපතිට ගහලා තියෙන වෙලාවේ තව මොකක්ද බලන් ඉන්නේ? දැන් යුද්ධ ප්‍රකාශ කරන්න කියලා. එතුමා ඒක කළේ නැහැ. එතුමා සාමය ගැන තද විශ්වාසයක හිටියේ. ජාතියේ වාසනාවට සරත් ෆොන්සේකා මහත්තයා ඒකෙන් ගැලවිලා නැවත සුවපත් වුණා. අපි දැනගත්තා අපිව රවට්ටලා ඉදිරියට යන ක්‍රියාමාර්ගයක් තමයි මහින්ද මහත්තයත් කරන්න යන්නේ කියලා.

ඊළඟ අවස්ථාව තමයි ත්‍රිකුණාමලයේ මාවිල්ආරු සොරොව්ව වහපු එක. ඒ අනුව තමයි ඒ කාලේ අපේ පක්ෂේ, අතුරලියේ රතන හාමුදුරුවෝ, වර්ණසිංහ මහත්තයලා, එහෙම කණ්ඩායම එහෙ ගිහිල්ලා ඒ ප්‍රශ්නය මහජන උද්ඝෝෂණයක් බවට පත් කළේ. ඊට පස්සේ තමයි සටන ආරම්භ වුණේ. සටන ආරම්භ කළේ ජෙනරාල් ප්‍රසන්න සිල්වා. දැන් වටෙන් පිටෙන් අපි ජය ලබාගෙන එන කොට අපිව වට්ටන්න වැඩපිළිවෙළක් ගෙනිච්චා. වෙන කවුරුවත් නෙවෙයි අද රණවිරුවෝ කැන්දගෙන, ලොකු කතා පවත්වන අනුර දිසානායක. 2017 දී, කුමන්ත්‍රණයක් කරා. එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් හා රනිල් වික්‍රමසිංහ මහත්තයයි, ඒ වගේම, ඔය LTTE සංවිධානයට අනුබද්ධ, කණ්ඩායම් කිහිපයකුයි. නැගෙනහිර පළාත සුද්ද කරගෙන උතුරේ සිලාවතුරට බැස්සා විතරයි, මෙන්න පටන් ගත්තා පාර්ලිමේන්තුව අස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ගය.

අද අපිට කතා පවත්වනවා විජිත හේරත්ලා පිල් මාරු කරනවා කියලා. ලොකුම පිල් මාරුව කළේ ජාතියේ සතුරොත් එක්ක එකතු වුණේ එදා ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත්ලා, අනුර දිසානායකලා. ඒ කුමන්ත්‍රණය සාර්ථක වුණා නම් එදා ඔය යුද්ධය කවදාක්වත් ඉදිරියට යන්නෑ. ආයෙත් පටන් ගන්නවා සාම සාකච්ඡා. ලාල්කාන්ත, සමස්ත මහා වැඩ වර්ජනයක් කැඳෙව්වා ආණ්ඩුව වට්ටන්න. දකුණේ සමස්ත මහා වැඩවර්ජනයක් හැදුවා LTTE යට පක්ෂපාතී. අපේ ජනතාව ඒක පරාජය කළා. ජනතාව ඒගොල්ලන්ව දේශපාලන වශයෙනුත් ඊළඟ මැතිවරණයේදී පරාජය කළා.

මේ එළියේ රණවිරුවෝ ගැන කතා කරන අය ඉතාම භයානක දේශපාලන සූදුවක් කරගෙන යනවා. මේ අය රටට එරෙහිව කැරලි ගහපු අය. වෙන රටවල් වල නං රටට එරෙහිව කැරලි ගහපු අයට ඡන්ද අයිතියක් නෑ. දැන් කිසිම දෙයක් ඒගොල්ලෝ කරලා නැති ගානට කතා පවත්වන්න පුළුවන්. මොකද පරීක්ෂණයක් කරලා විධිමත් අධිකරණමය ක්‍රියාමාර්ගයක් අරගත්තේ නැති නිසා. නැවත මේ රට එතෙන්ට ගමන් කළ යුතු නෑ. පාර්ලිමේන්තුව අබියසට ගිහිල්ලා කිව්වා මේක ගිනි තියමු එන්න කීවට අද වෙනකන් කිසිම පොලිස් පරීක්ෂණයක් පවත්වලා නෑ. පාර්ලිමේන්තු සිද්ධිය වෙලාවෙදිත් රට අවසාන වශයෙන් ගලෝගත්තේ ආරක්ෂක අංශ. ඒ ආරක්ෂක අංශ මැදිහත් වුණේ නැත්නම් ඒ අවස්ථාවට පාර්ලිමේන්තුවත් ගිනි තියලා ඉතාම භයානක අරාජික රටක් මේ රටේ ඇති වෙනවා.”

ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම්

සම්බන්ධිත පුවත් | Related News

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.
රජයේ සහතික මිල යටතේ වී කිලෝවක් විකිණීමට සිදුව ඇත්තේ රුපියල් 50කට ආසන්න පාඩුවක් දරාගනිමින් බවට ප්‍රදේශ රැසක ගොවීන් චෝදනා කරයි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.
මෙරට කෘෂිකර්මාන්තය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම සඳහා මනසින් මෙහෙයවිය හැකි උසස් යන්ත්‍රසූත්‍ර පද්ධති හඳුන්වා දීමට රජය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්, විශේෂඥයින් සමග පුළුල් සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසීය.
ඉරානය නුදුරේදීම බ්‍රික්ස් (BRICS) සංවිධානයට අයත් නව සංවර්ධන බැංකුවේ (New Development Bank - NDB) පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට සූදානමින් සිටින බව ඉරාන මහ බැංකුවේ ප්‍රධානී අබ්දොල්නාසර් හෙම්මති (Abdolnaser Hemmati) ප්‍රකාශ කරයි.
අගෝස්තු 11 වැනිදා එලොන් මස්ක් සමාජ මාධ්‍ය වේදිකාවක් වන X ඔස්සේ මෙසේ ලිවීය: “චීනය විශිෂ්ටයි. මිනිසුන්ට චීනයට සංචාරය කරන ලෙස මම දැඩි ලෙස නිර්දේශ කරනවා.” ඔහුගේ මවද ඉතා ඉක්මනින් ඊට ප්‍රතිචාර දක්වමින් මෙසේ පැවසුවාය:
තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.
ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ඇගයීමට ලක්වූ නිර්මාණ බිහිකළ අසමා රූපණ සරසවිය මගින් පවත්වනු ලබන නවක පාඨමාලා සඳහා මේ වන විට අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.

ප්‍රධාන පුවත්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ආනයනය කරන පිකාන් (Carya illinoensis) සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු ආරක්ෂිත තැන්පතු ලෙස පැනවීමට චීනය සඳුදා(10) තීරණය කළේය.

විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රටේ කාලීන අවශ්‍යතාවයක් නොවන අතර තමන්ව බලයට පත්කළ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සියල්ල අමතක කරමින් වත්මන් රජය විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම එකම ගැටළුව බවට පත්කර ගැනීම හාස්‍යට කරුණක් යැයි අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහනිකායේ අනුනායක දේශප්‍රේමී භික්ෂූ පෙරමුණේ මහලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන් වහන්සේ කැලණිය පට්ටිය හන්දිය ධර්මායතනයේදී 07දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.

NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..

කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.