ජනපති අපේක්ෂකයන්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් යෝජනාවලියක්
මෙවර ජනාධිපතිවරණයට තරඟ වදින ජනාධිපති ධූර අපේක්ෂකයින් වෙත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය ඉලක්ක කරගත් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.
එම සංගමය පවසන්නේ නිදහස් සෞඛ්‍ය සේවයේ සහ නිදහස් අධ්‍යාපනයේ මූලික හර පද්ධතීන් ආරක්ෂා කර ගනිමින් එම ක්ෂේත්‍ර වඩාත් ශක්තිමත් කිරීම මෙරට පාලකයින්ගේ ඉහළ ප්‍රමුඛතාවය සහිත ඉදිරි අරමුණක් විය යුතු බවයි.
අදාළ මාධ්‍ය නිවේදනය පහළින්...
මෙවර ජනාධිපතිවරණයට තරඟ වදින ජනාධිපති ධූර අපේක්ෂකයින් වෙත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරනු ලබන සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය ඉලක්ක කරගත් යෝජනාවලිය.
ශ්‍රී ලංකාව තම ඉතිහාසයේ පෙර නොවූ විරූ අන්දමේ දැවැන්ත ආර්ථික, සමාජ හා දේශපාලන අර්බුදයකට ගොදුරු වී සිටින මොහොතක ඉදිරි ජනාධිපතිවරණයෙන් අනතුරුව මෙරට පාලනය භාර ගැනීමට බලාපොරොත්තු වන ඕනෑම පාර්ශවයක වගකීම වනුයේ පටු දේශපාලන න්‍යාය පත්‍ර පසෙකලා, රටට සහ ජනතාවට හිතකර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි. එහිදී නිදහස් සෞඛ්‍ය සේවාව, වෛද්‍ය ක්ෂේත්‍රය, වෛද්‍ය අධ්‍යාපනය මෙන්ම නිදහස් අධ්‍යාපනය ද ඒ සියලු දෙනාට කිසිසේත් අත්හළ නොහැකි වගකීම් වේ. ඒ වෙනුවෙන් ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලබන ඉදිරි සැලසුම් සහ වැඩපිළිවෙළ දෙස අපි අවධානයෙන් බලා සිටිමු.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු ව්‍යවස්ථාපිතවම කිසිදු දේශපාලනමය බැඳීමක් නොමැති නිර්දේශපාලනීය සංවිධානයකි. එහෙත් වගකීමක් සහිත වෘත්තියවේදීන්ගේ සංවිධානයක් ලෙස අප සෑම විටම මෙරට පාලකයින් නිවැරදි දිශානතියට යොමු කරවීමට අවශ්‍ය කාර්යභාරය සහ මැදිහත්වීම සිදුකර ඇත.
ඒ අනුව මෙරට සෞඛ්‍ය සේවයේ, වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ වෛද්‍ය අධ්‍යාපනයේ සුරක්ෂිත බව තහවුරු කිරීමත්, ඉදිරි ප්‍රගමනයත් ඉලක්ක කර ගනිමින් සකස් කරන ලද යෝජනාවලියක් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සියලු අපේක්ෂකයින්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කර ඇත.
මේ වන විට මෙරට වෛද්‍යවරුන්, සෞඛ්‍ය සේවාව සහ වෛද්‍ය අධ්‍යාපනය බරපතල අභියෝග ගණනාවකට මුහුණ දෙමින් සිටියි.
වඩාත් හිතකර වෘත්තිය පරිසරයක් බිහි කරමින් මෙරට වෛද්‍යවරුන් රැකගැනීමට මෙන්ම නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම හරහා නිරෝගී සහ ශක්තිමත් ප්‍රජාවක් බිහි කිරීමට අවශ්‍ය යෝජනා සහ වැඩපිළිවෙළත්, රාජ්‍ය සේවය වඩා ශක්තිමත් සහ කාර්යක්ෂම කිරීමේ වැඩපිළිවෙලත් මෙම යෝජනා මාලාවේ අන්තර්ගතව ඇත.
ඊට අමතරව ශක්‍යතා අධ්‍යනයකින් සහ විශ්ලේෂණයකින් අනතුරුව ගොඩනඟන ලද ජාතික ප්‍රතිපත්තියක් මත පමණක් පිහිටා වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ඉදිරි තීරණ ගත යුතු බව මෙම යෝජනාවලියේ යළිත් තහවුරු කර ඇත.
මෙම යෝජනාවලිය සියලුම ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට යොමු කරනු ලබන අතර ඔවුන් තම ප්‍රතිපත්ති ප්‍රකාශ සකස් කිරීමේදී සහ ඉදිරි වැඩපිළිවෙළ තීරණය කිරීමේදී, ඒ තුළ මෙම යෝජනා අන්තර්ගත වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
නිදහස් සෞඛ්‍ය සේවයේ සහ නිදහස් අධ්‍යාපනයේ මූලික හර පද්ධතීන් ආරක්ෂා කර ගනිමින් එම ක්ෂේත්‍ර වඩාත් ශක්තිමත් කිරීම මෙරට පාලකයින්ගේ ඉහළ ප්‍රමුඛතාවය සහිත ඉදිරි අරමුණක් විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශ්වාසයයි.
එහිදී වැදගත් වනුයේ බලයේ සිටින පුද්ගලයාට, කණ්ඩායමට හෝ දේශපාලන පක්ෂයට වඩා ඔවුන් විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිපත්ති වන අතර, රටට සහ ජනතාවට හිතකර, නිදහස් සෞඛ්‍ය සේවාව සහ නිදහස් අධ්‍යාපනය සුරැකෙන ඕනෑම වැඩපිළිවෙලකට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිසිසේත් පසුබට නොවනු ඇත.
ස්තූතියි.
මීට විශ්වාසී,
වෛද්‍ය ප්‍රභාත් සුගතදාස,
ලේකම්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..