ඉන්දියාවෙන් ගෙන්වීමට සැරසෙන ඖෂධ 37ක් ගැන චෝදනාවක්
මෙරට ඖෂධ සැපයුම්කරුවන් සිටියදී ඖෂධ වර්ග 37 ක් ඉන්දියාවෙන් ගෙන්වීම සඳහා රජය සූදානම් වන බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් චෝදනා කරයි.
අතරමැදියන් නොමැතිව ඉන්දියාවෙන් ඖෂධ මිලදී ගැනීමට ආණ්ඩුව සූදානම් වන බවට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් අනාවරණය වූ බව හෙතෙම සඳහන් කරයි.
එහෙත් බ්‍රිතාන්‍ය හෝ ඇමරිකානු ප්‍රමිතිය අනුගමනය නොකරන ඖෂධ නිෂ්පාදන ආයතන සඳහා අපේ රටේ ඖෂධ නියාමන අධිකාරිය ලියාපදිංචිය නොදෙන බවත් ඉන්දියාවේ ප්‍රමිතිය අනුව ඖෂධ නිෂ්පාදනය කරන ආයතන සඳහා මෙතෙක් කලකට ඖෂධ නියාමන අධිකාරිය අවසර නොදුන් බව ද ඔහු කීය. ඉන්දියානු ප්‍රමිතිය ලංකාවට ගැලපෙන්නේ නැති බවට ඖෂධ නියාමන අධිකාරිය තීරණය කරන්නේ නම් එය පිළිගත යුතු බවද රවී කුමුදේශ් පැවසීය.
මෙලෙස ගෙන්වීමට යන ඖෂධ ඇමරිකාවේ හෝ එංගලන්තයේ ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කර ඇත්නම් හොඳ බවත් එහෙත් ඉන්දියානු ප්‍රමිතිය වුවද වරදක් නැති බවට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් දැනුම් දී ඇති බවද හෙතෙම සඳහන් කරයි.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ප්‍රශ්න කරන්නේ ඖෂධ නියාමන අධිකාරිය තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කළාද එසේත් නැතහොත් නියාමන අධිකාරිය දෙබිඩි ප්‍රතිපත්තියක සිටින්නේද යන්නයි. ඖෂධ නියාමන අධිකාරියේ දැනුවත් වීමකින් තොරව ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලිය සිදු කෙරෙන්නේ ද යන්න ගැන රවී කුමුදේශ් ප්‍රශ්න කරයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ රවි කුමුදේශ් මෙසේද කීවේය.
" මෙලෙස ගෙන්වන ඖෂධවලින් බහුතරයක් මෙරට නිෂ්පාදකයන් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ඖෂධ. දේශීය නිෂ්පාදකයා සිටියදී සමහර ඖෂධ ලංකාවේ සැපයුම්කරුවන් ඖෂධ සැපයීම සඳහා ලියාපදිංචිය ඉල්ලීම් කළත් එය ප්‍රතික්ෂේප කර තිබියදී එකවර ඉන්දියාවට මෙහෙම අවස්ථාවක් දෙන්නේ ඇයි. ඉන්දියාවේ ව්‍යාපාරයට අපි මේ සියල්ල පරයා අවස්ථාවක් දීමේ වුවමනාව මොකක්ද.
අපි කියන්නේ මේකේ වාසිය අපේ රටේ මිනිස්සුන්ට ලැබෙන්න ඕනෑ. අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ගැන අපිට සැකයක් තියෙනවා. මේ නැවත යන්නේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ගිය පාරේමද. ඒ පාර වැරදියි කියලා ඔප්පු කරලා තියනවනම් ඒ පාරේ අලුත් ඇමතිවරයා, අමාත්‍යාංශය හෝ ඖෂධ නියාමන අධිකාරිය යනවනම් එය නිවැරදි වෙන්නේ කොහොමද.
ඉන්දියානු ඒකාධිකාරයක් ගොඩනගා ගැනීම තුළ රටට අත්වන වාසිය මොකක්ද. ඖෂධවල මිල සම්බන්ධයෙන් වෙන වාසිය මොකක්ද. ඉන්දියානු ප්‍රමිතිය අනුමත කිරීමෙන් ඖෂධවල ගුණාත්මක භාවයට හානියක් වෙන්නේ නැද්ද. දේශීය සැපයුම්කරුවන්ගේ ලියාපදිංචිය නොදී ලියාපදිංචිය නොවුනු ඖෂධ ගෙන්වීමට ඉන්දියානු සමාගම් වලට අවසර දීම කෙතරම් සාධාරණද. අපේ රටේ දේශීය නිෂ්පාදකයෝ අතුගෑවිලා යන එක අපිට වාසියිද. එහෙමනම් ඒ අයට විවිධ වරප්‍රසාද දීලා දේශීය සමාගම් විදියට මෙච්චර කල් නඩත්තු කරන්න ආණ්ඩුව කටයුතු කළේ ඇයි. ඒවා අතුගා දැමීමෙන් වාසිය තියෙන්නේ ආණ්ඩුවටද. නැත්නම් ඇමතිවරයාටද." හෙතෙම පැවසීය.
කෙසේ වුවද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන්ව ඇත්තේ රටෙහි තවදුරටත් ඖෂධ කිහිපයක අඛණ්ඩ හිඟයක් පවතින බවට අනාවරණය වී ඇති බවයි. මේ හේතුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සැපයුම්කරුවන් නොමැතිවීම හා ලියාපදිංචි සැපයුම්කරුවන් ප්‍රසම්පාදනයන්ට සහභාගී නොවීම මෙම හිඟය සඳහා හේතුවී ඇති බවයි. එමෙන්ම ලංකාවේ ඖෂධ සඳහා සාපේක්ෂ කුඩා වෙළඳපොලක් පැවතීම හේතුවෙන් ඇතැම් සැපයුම්කරුවන් තම නිෂ්පාදන ජාතික ඖෂධ නියාමන අධිකාරියෙහි ලියාපදිංචි කර නොමැති බව ද එහි සඳහන් කර ඇත. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 37ක් ඖෂධ වර්ග 16ක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය ලබා නොමැති අතර ඖෂධ වර්ග විසි එකක් සඳහා ලන්සු කැඳවීම් කිහිපයකදී ප්‍රතිචාරාත්මක ලංසු ඉදිරිපත් වී නොමැති බව ද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන් කර ඇත. මේ සඳහා අන්තර් කාලීන විධි විධානයක් ලෙස මාස හයක අවශ්‍යතාව සපුරා ගැනීමට ඖෂධ ප්‍රසම්පාදනය කිරීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වන බවද එහි සඳහන් කර තිබේ.
- අරුණ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..