ජනපති අපේක්ෂක වත්කම් එළියට
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් 39දෙනා මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධියට පත් කර ඇත.
දූෂණ විරෝධී පනතේ 88 (1) උප වගන්තියට අනුව අදාළ ප්‍රකාශවල හෙළි නොකළ යුතු බවට දක්වා ඇති තොරතුරු හැර අනෙකුත් තොරතුරු සහිතව සංස්කරණය කරන ලද පිටපත් කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධියට පත්කර තිබේ.
එම තොරතුරු අනුව ප්‍රධාන අපේක්ෂකයන් කිහිපදෙනකුගේ වත්කම් කිහිපයක් මෙසේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැටුප ලෙස රුපියල් අනූ හත් දහස් පන්සියයක් (97,500)ක්ද පරිහරණය කරන වාහන ලෙස බෙන්ස් රථ දෙකක් සහ ජීප් රථයක් සඳහන් කර ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දීමනා ලෙස රුපියල් දෙලක්‍ෂ අනූපන්දහස් හයසිය අසූ එකයි ශත දාහතරක් (295,681.14ක්) සඳහන් කර ඇත. පරිහරණය කරන වාහන ලෙස ඩබල් කැබ් රථ දෙකක් ප්‍රාඩෝ ජීප් රථයක්, බෙන්ස් මෝටර් රථයක් සහ ලෑන්ඩ් කෲෂර් ජීප් රථයක් සඳහන් කර තිබේ.
ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතාගේ මාසික වැටුප සහ දීමනාවල එකතුව රුපියල් 202,517.34ක් සඳහන් කර ඇත.
භාවිත කරන වාහනය ලෙස ටොයොටා හයිලැක්ස් ඩබල් කැබ් රථයක් සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී වැටුප සහ දීමනා ලෙස රුපියල් හාර ලක්‍ෂ පනස් හතර දහස් දෙසිය අසූ පහක් (454,285)ක් සඳහන් කර ඇත.
පරිහරණය කරන මෝටර් රථ ලෙස ටොයොටා ලෑන්ඩ් කෲෂර් ජීප් රථයක් දක්වා තිබේ. හිටපු ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතාගේ මන්ත්‍රී වැටුප සහ දීමනා ලෙස රුපියල් දෙලක්‍ෂ අසූදහස් (280,000) දක්වා ඇත. ලෝටස් හෝල්ඩිං සමාගම් අධ්‍යක්ෂ ලෙස මාසික දීමනාවල එකතුව ලෙස රුපියල් දහතුන් ලක්‍ෂ හතළිස් පන් දහසය (1,345,000ක්) සඳහන් කර ඇත. භාවිත කරන වාහන ලෙස ටොයොටා වී8 එකක් ලෙස දක්වා තිබේ.
ජනක රත්නායක මහතාගේ මාසික වැටුප ලෙස රුපියල් දෙලක්‍ෂ පනස් දහස් 2,50,000ක් ද භාවිත කරන වාහන ලෙස පෝර්ඩ් ජීප් රථයක් සහ බෙන්ස් මෝටර් රථයක් සඳහන් කර ඇත.
සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප ලෙස රුපියල් පනස් හතර දහස් දෙසිය අසූ පහක් (54,285) සහ දීමනා ලෙස රුපියල් දෙලක්‍ෂ හැට තුන් දහස් පන්සියයක් (263,500) සඳහන් කර තිබේ. පරිහරණය කරන වාහනය ලෙස ටොයොටා ලෑන්ඩ් කෲෂර් ජීප් රථය දක්වා ඇත.
හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ මන්ත්‍රී වැටුප ලෙස රුපියල් හැට පන්දහසක්ද, දීමනා ලෙස රුපියල් තුන් ලක්‍ෂ හතළිස් දහසක්ද ව්‍යාපාරික වැටුප ලෙස රුපියල් ලක්‍ෂ පහක් ද (500,000), ජපානයේ විදේශ වැටුප ලෙස රුපියල් ලක්‍ෂ තිහක්ද සඳහන් කර ඇත. භාවිත කරන වාහනය ලෙස මස්ට්ටෑන්ග් මෝටර් රථය දක්වා ඇත.
දිලිත් ජයවීර මහතාගේ මාසික දීමනා ලෙස රුපියල් එක් කෝටි හැට පන් ලක්‍ෂයක් (16,500,000) ලෙස සඳහන් කර ඇත.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්