ජල ගාස්තු සංශෝධන ගැසට්ටුව නිකුත් කරයි
ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
ඒ අනුව අගෝස්තු මස 21 වනදා සිට මෙම නව ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
සමෘද්ධිලාභීන් සහ වතු නිවාස හැර ගෘහස්ථ කාණ්ඩය, රජයේ පාසල්, රජයේ උපකෘත පාසල් කාණ්ඩය සහ රජයේ අනුමත පුණ්‍යායතන සහ රජයේ රෝහල් කාණ්ඩය යන අංශ මෙම නව ජල ගාස්තු සංශෝධනයට අයත් කාණ්ඩයන් වෙයි.
මිල සූත්‍රය මත පදනම්ව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ගෘහස්ථ ජල පාරිභෝගිකයින්ගේ ජල ගාස්තු සියයට 7 කින්ද, රජයේ රෝහල්වල සියයට 4.5 කින්ද, පන්සල් සහ ආගමික ස්ථානවල සියයට 6.3 කින්ද අඩු කිරීමට අනුමැතිය හිමිවී තිබේ.
ඒ අනුව සමස්ථයක් ලෙස සියයට 5.94 කින් ජල ගාස්තු අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබුණි.
ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0 සිට 05 දක්වා ගාස්තුව ඒකකයක් රුපියල් 60 සිට 50 දක්වා රුපියල් 10කින් අඩුකර ඇති අතර, ඒකක 76 ත් 100ත් අතර ඒකකයක් සඳහා අය කරන ගාස්තුව රුපියල් 270 සිට 250 දක්වා රුපියල් 20කින් පහත දමා ඇත.
රජයේ සහ රජයේ උපකෘත පාසල් කාණ්ඩය සහ රජයේ අනුමත පුණ්‍යායතන සහ රජයේ රෝහල් කාණ්ඩය යටතේ සියලු ඒකකයක් සඳහා අය කළ රුපියල් 60ක ගාස්තුව රුපියල් 5කින් පහත දමා ඇති අතර, එහි නව ගාස්තුව වන්නේ රුපියල් 55කි.
මේ අතර ඒකකයක් රුපියල් 100ක්ව පැවති රජයේ රෝහල් සඳහා භාවිත කරන ජල ඒකකයක් රුපියල් 95ක් දක්වා රුපියල් 05කින් අඩුකිරීමට කටයුතු කර තිබේ.
කෙසේ වෙතත් මෙම ජල ගාස්තු සංශෝධනය යටතේ මාසික සේවා ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදු කර නොමැත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්