විද්‍යාපීඨ ප්‍රධාන කොමසාරිස්, ගුරු අධ්‍යාපනය වළපල්ලට යවලා - විද්‍යා පීඨ කථිකාචාර්ය සංගමයෙන් චෝදනා
විද්‍යාපීඨ ප්‍රධාන කොමසාරිස් තනතුර සදහා අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති වත්මන් වැඩ බලන ප්‍රධාන කොමසාරිස්වරිය විවිධ බොරු කියමින් බලධාරීන් මුලා කරමින් තමන්ගේ අඩු සුදුසුකම්වලට ගැලපෙන ආකාරයට ගැසට් පත්‍රය පවා පළ කරගෙන ඇති බවත්, ඇය මේ වන විට ගුරු අධ්‍යාපනය වලපල්ලට යෑමට හේතුවන අකටයුතුකම් කිහිපයක්ම සිදු කර ඇති බවත් විද්‍යා පීඨ කථිකාචාර්ය සංගමය පවසයි.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ ශික්ෂණලාභීන් බදවා ගැනීමේදි ඇය විසින් විනිවිදභාවය සහ විධිමත්භාවය තුට්ටුවකටවත් මායිම් කර නැති බව හා බදවා ගැනීමට නියමිත ප්‍රමාණයෙන් 40% ක්වත් විද්‍යාපීඨ සදහා බදවාගෙන නොමැති බවත් ය.
අදාළ නිවේදනය පහළින්...
විද්‍යාපීඨ ප්‍රධාන කොමසාරිස් ගුරු අධ්‍යාපනය වළපල්ලට යවයි
ප්‍රධාන කොමසාරිස් තනතුර සදහා අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති වත්මන් වැඩ බලන ප්‍රධාන කොමසාරිස්වරිය විවිධ බොරු කියමින් බලධාරීන් මුලා කරමින් තමන්ගේ අඩු සුදුසුකම්වලට ගැලපෙන ආකාරයට ගැසට් පත්‍රය පවා පළ කරගෙන ඇත.
ඇය මේ වන විට ගුරු අධ්‍යාපනය වලපල්ලට යෑමට හේතුවන අකටයුතුකම් කිහිපයක් සිදු කර ඇත.
2021/22 ශික්ෂණලාභීන් බදවා ගැනීමේදි විනිවිදභාවය සහ විධිමත්භාවය තුට්ටුවකටවත් මායිම් කර නැත.
මේ තත්ත්වය තුළ බදවා ගැනීමට නියමිත ප්‍රමාණයෙන් 40%වත් විද්‍යාපීඨ සදහා බදවාගෙන නැත.
කැබිනට් මණ්ඩලයෙන් අනුමත වූ රුපියල් 8000 දීමනාව සිසුන් වෙත ලබා දීමට ක්‍රියාමාර්ග නොගෙන තිබූ අතර ශික්ෂණලාභීන්ගේ වාසනාවකට ඇමතිතුමා ඊට මැදිහත් වී අගෝස්තු මස සිට එම දීමනාව ගෙවීමට කටයුතු කරන ලෙස මැයට නියෝග කර ඇත.
විෂමාචාර හා දූෂණ චෝදනාවලට ලක්වූ පීඨාධිපතිවරුන් කිහිප දෙනෙකු රැකගෙන ඔවුන් ලවා තමන්ට අවශ්‍ය කටයුතු කරවා ගැනීම මෙම කොමසාරිස්ගේ පරිපාලන ක්‍රමවේදයයි.
විද්‍යාපීඨ ශාඛාවේ අලස බව නිසා වසර ගනනාවක් ප්‍රමාද වූ කොරියන් තාක්ෂණික විද්‍යාපීඨය ඇමතිවරයාගේ මැදිහත් වීමෙන් 2025 ,ආරම්භ කිරීමට නියමිතය.
ඒ සදහා එම විද්‍යාපීඨ පාලනය කිරීමට නියමිත පීඨාධිපති ඇතුලු කළමනාකරණයට අදාළ නිලධාරීන් කොරියානූ විදේශ පුහුණුවක් ලබාගැනීමට ට විදේශ ගත විය යුතු බව සදහන් වේ. නමුත් මේ වනවිට තමන්ගේ හිතවතුන්ට එම පුහුණුව වරප්‍රසාදයන් ලෙස ලබා දීමට ප්‍රධාන කොමසාරිස් ලහි ලහියේ කටයුතු කරන බව කීපදෙනෙකු විසින් දැනුම් දී ඇත.
මෙය වහාම නිවැරදි කළ යුතුය .රජයේ සම්පත් නිසි ලෙස සුදුසුකම්වලටලට ගැලපෙන ආකාරයකට බෙදා හැරිය යුතුය.
එසේම ලබන වසරේ විශ්‍රාම යෑමට නියමිත ප්‍රධාන කොමසාරිස් කොරියානූ පුහුණුවට යෑමට සූදානම් වේ .
නුදුරේදී ස්ථාන මාරු ලැබ යන නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් ද මෙම පුහුණුවට යවන්නේ ඇයි යන ප්‍රශ්නය මතු වේ.
සැබෑ අවශ්‍යතාවය විය යුත්තේ පීඨ පාලනය කරන නිලධාරින් මෙවැනි විදේශ පුහුණුවක් ලබා දීම නොවේද? පීඨාධිපතිවරුන් මේ සම්බන්ධයෙන් දක්වනේ ඇල්මැරුණු ප්‍රතිපත්තියකි .
විද්‍යාපීඨය මැනවින් කළමනාකරණය සදහා පුහුණුව ලැබිය යුත්තේ එයට ඉදිරියේදී සම්මුඛ පරික්ෂණ මගින් තෝරා ගැනීමට නියමිත ගුරු අධ්‍යාපනඥයන් පිරිසයි. නමුත් සිදුව ඇත්තෙ ප්‍රධාන කොමසාරිස් ඇතුලු ඇයගේ එහෙයියන් පිරිසක් සහ අදාළ නොවන පිරිසක් මේ පුහුණුවට නම්කර ගෙන තිබීමයි.
ගොඩනැගිල්ල හැදූ ඉංජිනේරුවා ,ජාතික අධ්‍යාපන ආයතනයේ පිරිසක් මේ පුහුණුවට යෑමට නම් කිරීම තුලින්ම ප්‍රධාන කොමසාරිස්ගේ වැඩ පිළිවෙළ තේරුම් ගැනීමට හැකි වේ.
මෙම කොමසාරිස්වරියට විද්‍යාපීඨ සම්බන්ධයෙන් කිසිම සාධනීය කටයුත්තක් සිදුකිරීමට හැකියාවක් නැත. ඇය බලධාරීන්ට කේලම් කියමින් තමන්ට සුදුසුකම් නැති වුවත් ප්‍රධාන කොමසාරිස් පත්වීම ස්ථිර කර ගැනිමට දැඩි උත්සාහයක් ගනිමින් සිටියි.
විද්‍යාපීඨ සම්බන්ධයෙන් සහ ගුරු අධ්‍යාපනඥ සේවය සම්බන්ධයෙන් වසර 5ක සිට කරනු ලැබූ ඉල්ලීම් කිසිවකට මෙම කොමසාරිස්ගේ අවධානය යොමු වී නැත.
ඇය තමන්ට ආවඩන පීඨාධිපතිවරුන් ට සහ ගුරු අධ්‍යාපනඥයන්ට පමණක් ඕනෑම වරප්‍රසාදයක් ලබා දෙන බව පද්ධතියේ සියලු දෙනාගේ මතයයි.
- විද්‍යා පීඨ කථිකාචාර්ය සංගමය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්