මේසන් බාස්ට අත්වැඩ දෙන්න ගිහින් නළුවෙක් වුනු හියුගෝ මාස්ටර්
මීගමුව ප්‍රදේශයේ එක්තරා තරුණයෙක් මේසන් බාස් කෙනෙක් ලගට ගියා මේසන් වැඩ ඉගෙන ගන්න. ඒත් මේ බාසුන්නැහේ වැඩ ඉගැන්නුවේ නැහැ, අත් වැඩ ගත්තා මිසක්. තරුණයට වුනේ බදාම අනන්න, උපකරණ සෝදන්න.
මේ තරුණයාගේ නම උගෝ සිඤ්ඤෝ. උගෝ සිඤ්ඤෝ මේසන් වැඩ අත ඇරලා නාට්‍ය කණ්ඩායමකට සම්බන්ධ වුණා. නාට්‍ය කණ්ඩායම "මිනර්වා "නාට්‍ය කණ්ඩායම. නායකයා බී.ඒ. ඩබ්ලිව්. ජයමාන්න.
මේ නාට්‍ය කණ්ඩායමෙන් නිශ්පාදනය කරපු නාට්‍යක් "කඩවුණු පොරොන්දුව". මේ නාට්‍ය චිත්‍රපටයක් බවට පත් කර ගන්න සියලු දෙනාම ඉන්දියාවට යනවා.
"කඩවුණු පොරොන්දුව"කියලා චිත්‍රපටයක් නිෂ්පාදනය කරලා 1947 ජනවාරි 21 වන දා ලංකාවේ ප්‍රථම චිත්‍රපටය ලෙස ප්‍රදර්ශනය කරනවා. මේ චිත්‍රපටයට රග පෑමෙන් සම්බන්ධ වුණු උගෝ සිඤ්ඤෝ හියුගෝ ප්‍රනාන්දු නමින් සිංහල සිනමාවට පැමිණෙනවා.
රග පෑමෙන්, ගීත රචනයෙන් සිනමාව වර්ණවත් කරපු හියුගෝ ප්‍රනාන්දු 1986 රංජන් රාමනායකගේ ප්‍රථම රංගනය රැගත් "ජය කොතනද" චිත්‍රපටය රූගත කරන අවස්ථාවේදී මට මුණගැසෙණවා. හියුගෝ ප්‍රනාන්දුට අපි කිව්වේ හියුගෝ මාස්ටර් කියලා. ඒ වන විට හියුගෝ මාස්ටර්ට වයස අවුරුදු 73ක්.
සෑම දවසකම රූගත කිරීම් අවසන් වෙලා චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න රාමනායක මහතාගේ නිවසේ රාත්‍රිය ගත කරන විට මම සිනමාවේ අතීත රසවත් තොරතුරු හියුගෝ මාස්ටර්ගෙන් විමසනවා.ඒ අවස්ථාවේ දී තමයි මට මේසන් බාස්ගේ කතාව කිව්වේ. හියුගෝ මාස්ටර් ප්‍රසිද්ධ නළුවෙක් වුණාට පස්සේ මේසන් බාස් හොයාගෙන ගිහින් පුළුවන් හැම වෙලාවෙම කීයක් හරි දෙනවාලු. මම ඇහුවා" ඇයි ඒ කියලා"?
"මේසන් වැඩ ඉගැන්නුවේ නැති නිසා"කියලා ඔහු කිව්වා. "මේසන් වැඩ ඉගැන්නුවා නම් මම අද කවුරුත් දන්නේ නැති මේසන් බාස් කෙනෙක්. බාස් මට වැඩ එපා කරපු නිසා අද මම නළුවෙක් වෙලා හියුගෝ ප්‍රනාන්දු කියලා මුළු රටම දන්නවා."
හියුගෝ ප්‍රනාන්දු මේසන් බාස් කෙනෙක් වුණා නම් "මාතලන්" වැනි ජනප්‍රිය චිත්‍රපටයක රසවත් දෙබස් ලිය වෙන්නේ නැහැ.
1953 තිරගත වූ "ප්‍රේම තරගය" චිත්‍රපටයේ අදත් ජනප්‍රිය "හොඳ හොඳම වේය ලොව කිසිම තැනක නැහැ නොහොද නරක දිනුවේ,
කැත ඉර්ශ්‍යමාන ගති නැති නිසාම අපි ප්‍රේම තරගෙ දිනුවේ"
ගීතය ලිය වෙන්නෙත් නැහැ.
********************************************************
මේ කතාවෙන් මම තේරුම් ගත්ත දේ තමයි කෙනෙක් ආසාවෙන් යන්න ඉන්න මාර්ගය තවකෙකු අවහිර කොට ඔහුට ඒ කාර්යය එපා කරවනවා නම් දෛවය විසින් ඔහුව වෙනත් මාර්ගයකට ගෙන ගොස් බලාපොරොත්තු වූවාටත් වඩා සාර්ථක ස්ථානයක තබන බවයි.
~හියුගෝ ප්‍රනාන්දු~
- සටහන දයානන්ද රත්නසිරි
(උපුටා ගැනීමකි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..