බංග්ලාදේශය කෙළින් කරන්න අඩිතාලම දැමූ මුජිබර් රහුමාන් සහ අරගලයෙන් බිඳදැමූ බංග්ලාදේශය
බංගලියො ගැන දන්නවා. බංගලියො හොඳට ආශ්‍රය කරල තියෙනවා. ඒ නිසා බංගලි අරගලය ගැන හෑල්ලක් ලියන එක ටිකක් කල් දැම්මා. ඒකෙ ප්‍රතිඵල හෙට අනිද්දාම තැපෑලෙන් ලැබෙන නිසා අමුතුවෙන් ලියන්න උවමනාත් නැහැ.
රැකියා කෝටාව අසාධාරණයි. ඒත් කෝටාවට මුවා වෙලා නයිකොටාලා පෙනේ පුප්පන කොට පෙරහැර ආපස්සට හරවන්න බැරි වෙයි. March to ඩකා හෙට අනිද්දා March to යකා වෙයිද දන්නෙත් නැහැ. මොකද නයි නටවන්නෙ අහිකුණ්ඨකයොම නොවන නිසා.
බංගබන්දු හෙවත් ශෙයික් මුජිබර් රහුමාන් ශික් හෂීනාගෙ අප්පච්චි බව ඇත්ත. ශික් හෂීනා කලුද සුදුද කියන එක පස්සට දාලා මේ පින්තූරය දැක්කම යමක් කියන්න හිතුනා.
මුජබර් රහුමාන් තමයි 1971 දි බංග්ලාදේශය නිදහස් කර ගත්තේ. ඒ නිසාම ඔහුව නූතන බංග්ලාදේශයේ පියා නමින් හඳුන්වනවා. බංගබන්දු කියන්නෙ "බෙංගාලයේ මිතුරා"
මුජබර් නැත්නම් අද බංග්ලාදේශය තවත් සිරියාවක්. ඉතිහාසය කියවපු මිනිහෙක්නම් දෝණියැන්ද එක්ක තරහට අප්පොච්චිට කුලු ගෙඩියෙන් ගහන්නෙ නැහැ. ඉතිහාසය Tiktok, Facebook වීඩියෝ කෑලිවලින් හොයා ගන්න බැහැ. එලෝල ගිහින් හදාරන්න ඕන. කිරල මැනල තීරණය කරන්න ඕන.
1947 දි ඉන්දියාවෙන් වෙන් වෙන කොට බංග්ලාදේශය තිබුණෙ පාකිස්තානයේ කොටසක් විදියට. හරියටම කිව්වොත් නැගෙනහිර පාකිස්තාන විදියට. මුජිබර් මුලින්ම දේශපාලනය කළේ ඉන්දීය මුස්ලිම් ලීගයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් විදියට. ඔහු මුලින්ම ඉංග්‍රීසි කිරීටයට එරෙහිව සටන් වැදුනා.
වඩාත් ලිබරල්, ලෞකික අදහස් දැරූ මුජිබර් මුස්ලිම් ලීගයේ වාමාංශික කණ්ඩායමක් විදියට වෙන්ව කටයුතු කළා. පසුව අවාමි ලීගය බවට පත්වුණේ මේ කාන්ඩායම. ඔහු 1950 දි පාකිස්තාන පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. ඒ වෙනකොට පාකිස්තානය පාලනය කළේ ෆීල්ඩ් මාෂල් අයූබ් කාන්. මුජබර්ගේ අවාමි ලීගය තමයි 1970 පළමු පාකිස්තාන මහා මැතිවරණය දිනුවේ. නමුත් මිලිටරි ජුන්ටාව මුජබර්ට බලය පැවරීම ප්‍රතික්ෂේප කළා. බංග්ලාදේශ නිදහස් ව්‍යාපාරයේ ආරම්භය සිදුවුණේ එතැනින්.
මුජිබර් රහුමාන් නැගෙනහිර පාකිස්තානය නිදහස් කර ගැනීමට සටන් කළා. ඔහුගේ පාක්ෂිකයන් නිදහස් බංග්ලාදේශයේ නායකයා විදියට මුජිබර්ව නම් කළා. ඔහු ඒ වන විටත් හිටියේ පාකිස්තාන අත්අඩංගුවේ. 1972දී ඔහු වීරයෙකු ලෙස නිදහස් බංග්ලාදේශයට ගොඩ බැස්සා.
ඔහු බ්‍රිතාන්‍යයෙන් ඉන්දියාව නිදහස් කර ගැනීමටත්, ඉන්දියාවෙන් පාකිස්තානය නිදහස් කර ගැනීමටත් අවසානයේ පාකිස්තානයෙන් බංග්ලාදේශය නිදහස් කර ගැනීමටත් සටන් කළා. අවුරුදු 12ක් හිරබත් කෑවා. බංග්ලාදේශය මධ්‍යස්ථ නොබැඳි රටක් වුණේ මුජබර් නිසයි.
1975 දී හමුදා කුමන්ත්‍රණයකින් ඔහුව ඝාතනය වුණා. ඒත් සමඟ ඔහුගේ බිරිඳ, පුතුන් තුන් දෙනා, ලේලිවරුන් දෙදෙනෙක්, සහෝදරයා, පුද්ගලික කාර්‍ය මණ්ඩලය, පොලිස් නිලධාරීන්, හමුදාවේ බ්‍රිගේඩියර් ජනරාල්වරයෙක් ඇතුළු බොහෝ දෙනෙක් ඝාතනය වුණා. ශික් හෂීනා හා ඉතිරි වූ නැඟනිය ඉන්දියාවට පලා ගියා.
හමුදා කුමන්ත්‍රණය ගැන ඉන්දීය බුද්ධි අංශ ඔහුට අනතුරු ඇඟවූවා. ඒත් ඔහු කිව්වේ "මගේ රටේ මිනිස්සු කවදාවත් මට ගහන්නෙ නෑ" කියල
මුජබර් තනි සුදු චරිතයක් නෙවෙයි. 1974 සාගතය, මානව හිමිකම් උල්ලංඝණය වගේම අධිකාරිවාදය ගැන ඔහුට චෝදනා එල්ල වුණා.නමුත් ම්ලේච්ඡ ලෙස මරා දැමීමට තරම් ඒ චෝදනා ප්‍රබල නැහැ.
මුජබර් ඝාතනය ගැන ලෝකයම කම්පා වුණා. බංගලියන් ගුණමකු ජාතියක් ලෙස හංවඩු ගැහුණා. අදටත් එහි පසු කම්පන පහව ගිහින් නැහැ.
මෑත කාලයේ BBC සේවය විශිෂ්ඨතම බෙංගාලි ජාතිකයා නම් කිරීමට මත විමසුමක් සිදුකළා. එහිදී නොබෙල් ත්‍යාගලාභී රබීන්ද්‍රනාත් තාගෝර් දෙවැනි තැනට පත්කරමින් මුජිබර් රහුමාන් අංක එකට පැමිණියා.
ගංවතුරෙන් හේදී ගිය මඩවගුරක ජිවත් වූ හඩු ගඳ ගහන ජාතියක් යාන්තමින් හරි කෙළින් කරන්න අඩිතාලම දැම්මෙ මුජබර් තමයි.
බංග්ලාදේශය ෆින්ලන්තය වගේ පාලනය කරන්න බැරි බව නොබෙල් ත්‍යාගලාභී මොහමඩ් යූනුස්ටත් ඉක්මනින් තේරේවි.
Copied from Shanaka Madhushan Liyanagama


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..