යුනුස්ට පුටුවක්
බංගලිදේසේ ආණ්ඩුව කරවන වැඩේ මුහම්මද් යූනුස්ට බාරදෙනවාලු. 1996 දී, ඇති කරපු ආකාරයේ ප්‍රධාන උපදේශක තනතුරක් හදලා ඒ වැඩේ කරයි. වර්ණ විප්ලවයේ ඉතුරු ටික එහෙම නාමික නායකයෙක් යටතේ කරගන්න පුළුවන්.
යුනුස්ට නොබෙල් සාම තෑග්ග දුන්නේ 2006 අවුරුද්දේ. දුප්පත් මිනිස්සුන්ට ණය දෙන ක්‍රමයක් හඳුන්වලා දුන්නා කියන කාරණය පදනම් කරගෙන තමයි නෝර්වීජියානු නොබෙල් කමිටුව යුනුස්ව තෝරගත්තේ.
ඒ නොබෙල් තෑගි කතාව පිටිපස්සේ රහසක් තියෙනවා. යුනුස්ගේ ග්‍රාමීන් බැංකුවේ ආයෝජනය කරලා තියෙන්නේ නෝර්වේ, ස්වීඩනය වගේ රටවල්වල විශ්‍රාම අරමුදල්. ඉතින් ග්‍රාමීන් බැංකු ක්‍රමය හරහා ඒ විශ්‍රාම අරමුදල්වලට හොඳ ප්‍රතිලාභයක් ලැබෙනවා.
අපේ රටවල්වල රඟ දක්වන ක්ෂුද්‍ර මූල්‍ය නාඩගමටත් සල්ලි එන්නේ ඒ මූලාශ්‍රවලින් ම තමයි. යූනුස්ගේ ආදර්ශය උඩ තමයි ඒවත් පවත්වාගෙන යන්නේ. ඉතින් බටහිර ප්‍රාග්ධන ආධිපත්‍යය අපේ ගම්වලටත් රිංගලා ඉවරයි. හැබැයි මේ සෙල්ලම් වහන්න පුළුවන් මන්තරයක් අපිට කියලා දීලා තියෙනවා. අපි ඒක හැම දා ම දවල් රෑ නැතුව මතුරනවා. "චීන ණය උගුල, චීන ණය උගුල" කියලා 108 පාරක් හැම දා ම මතුරන්න. එතකොට අපේ ප්‍රශ්න ඔක්කොම විසැඳෙනවා.
ඉතින් බටහිර හුරතලෙක් බංගලිදේසේ මහ පුටුවට එනවා. අවුරුදු 84 ක් වයස මේ මනුස්සයා මොකුත් කරන්න ඕන නෑ. එයාට තියෙන්නේ පුටුවේ වාඩිවෙලා ඉන්න එක විතරයි. වැඩ කරන්න කට්ටිය ඕන තරම් ඉන්නවා. ඇප නැතුව ණය දෙන බැංකුවක් හදන මහත්තයෙක් අපිටත් ඉන්නවානේ. ඊට කලින් බංගලිදේසෙට ඇප නැතිවෙන හැටි අපි බලාගෙන ඉඳිමු.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..