News Category
From Date
To Date
Maximum Number of Result

සියනෑවෙන් බිහිවු ප්‍රාඥයා - ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග

Oct 26, 2023 at 08:06 AM
|

සියනෑවෙන් බිහිවු ගත්කතුවරයෙකු, ශබ්ද කෝෂ සම්පාදකවරයෙකු, ගුරුවරයෙකු, නීතිඥයෙකු, සහ දේශපාලඥයෙකු  වන ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතාගේ 92 වෙනි ජන්ම දිනය අදට යෙදී ඇත. 
**********************************************

එතුමන් මෙරට පාඨක ප්‍රජාවට දායාද කළ පොත් සම්භාරය අතරින් දැනට මගේ පොත් ගුලේ තිබෙන්නෙ මේ පොත් දෙක පමණයි.  අන්තර්ගතයෙන් මෙන්ම ප්‍රභවයෙන්ද හාත්පසින්ම වෙනස් පොත් යුගලයක්.                                      

පළමුවැන්න එතුමන් ලියූ සංචාරක සටහනක්.                    

දෙවැන්න විදෙස් කතුවරුන් දෙදෙනෙකු ලියූ ග්‍රන්ථයක එතුමන් කළ පරිවර්තනයක්. ඒ කෘති ගැන සටහන් කරන්නට පෙර එතුමන්ගෙ 92 වෙනි උපන් දිනය වෙනුවෙන්  සුබ පතමි.                                                                                        

ශ්‍රී ලාංකික ගත් කතුවරයකු, පරිවර්තකයකු , ශබ්ද කෝෂ සම්පාදකයකු, ගුරුවරයකු, නීතිඥයකු මෙන්ම දේශපාලනඥයකු ද වන ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග ශූරීන් ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ , මැඩෑමුල්ලේදී, 1931 වසරෙ ඔක්තෝබර් මස 25 වෙනි දින උපත ලබනව.                         

දරුවන් අට දෙනෙකුගෙන් යුත් පවුලක සිව්වෙනි දරුවා ලෙස උපන් විජයතුංග මුදලිගේ හරිශ්චන්ද්‍ර විජයතුංගයන්ගේ පියාණන්  ඉඩම් හිමි වැවිලිකරුවෙකු මෙන්ම ආයුර්වේද අක්ෂි වෛද්‍යවරයකු ද වන විජයතුංග මුදලිගේ දොන් බස්තියන් විජයතුංග වන අතර මෑණියන් වන්නෙ , අමරාවතී ජයසිංහ මාතාවයි. ඔහු මුලින්ම මිනුවන්ගොඩ රජයේ ද්විභාෂා පාඨශාලාවේ ඉගෙනුම අරඹනව.                                                   

ඉන්පසු දෙවෙනි ලෝක සංග්‍රාමය හේතුවෙන් කොළඹින්  මිනුවන්ගොඩට ගෙනා නාලන්ද විද්‍යාලයට ඇතුල්වන හෙතෙම යුද්ධය හමාර වීමෙන් පසු විද්‍යාලයත් සමග කොළඹට යනව.                                  කීර්තිමත් මාධ්‍යවේදී කරුණාරත්න අබේසේකර, අක්ෂිදාන සංගමයේ නිර්මාතෘ දොස්තර හඩ්සන් සිල්වා, සිනමා නළු රවීන්ද්‍ර රූපසේන, ක්‍රිකට් ක්‍රීඩක ස්ටැන්ලි ජයසිංහ , මෙරට දේශපාලනයේ සිටි රූපා කරුණාතිලක හා දොස්තර ධර්මසේන ආටිගල ඔහු ගේ පන්ති සගයන් අතර කීප දෙනෙක් වෙනව.                     

කොළඹ නාලන්ද විද්‍යාලයේ විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගය සමත්වන විජයතුංගයන් 1952 වසරේදී ලංකා විශ්ව විද්‍යාලයට ඇතුල්ව , 1955 වසරෙදි ඉන් විද්‍යා උපාධිය ලබනව.                                                                  

" මධ්‍යකාලීන සිංහලයේ නීතිමය ද‍ර්ශනය " මැයින් තම ආචාර්ය උපාධි නිබන්ධනය ඉදිරිපත් කරන ඔහු 1990 වසරෙදි කැළණිය සරසවියෙන් PhD උපාධිය ලබනව.                                                                                                                

තම විද්‍යා පූර්ව උපාධිය ලබා හරිශ්චන්ද්‍ර විජයතුංගයන් මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් ගුරු වෘත්තියට පිවිසෙනව. ඒ සමග ඔහු මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ රසායන විද්‍යා ගුරුවරයකු ලෙසද සේවය කරනව.                                        

ඒ 1955 වසරේම ඔහු තම පළමුවන පොත ලෙස " මිරිදිය ජීවීහු " එළි දක්වනව.                                                                             

1956 වසරෙදි  ඔහු සිංහල විශ්ව කෝෂයේ විද්‍යා අංශයේ සංස්කාරකවරයකු ලෙස පේරාදෙණිය සරසවියට එකතු වෙනව. එම කාලය තුළ 1956 දී " ජ්‍යෙෂ්ඨ රසායන විද්‍යාව " හා  1959 දී " පොළොවේ කථාන්තරය " නම් කෘති පළ කරනව.  මගේ අධ්‍යාපනික ජීවිතයේ දී මම  මුලින්ම ඩයිනොසෝරයන් ගැන දැන ගත්තෙ ඔහුගෙ " පොළොවේ කථාන්තරය " කියවීමෙන්.                        

මා මෙහි එක් පින්තූරයක දක්වා ඇති " බ්‍රවුනිං සහ ජෝසප් ලියූ ප්‍රායෝගික රසායන විද්‍යාව " නම් පරිවර්තන කෘතිය උසස් පෙළ රසායන විද්‍යාව සිංහල මාධ්‍යයෙන් එකල හැදෑරූ  දරුවන් වෙනුවෙන් දායාද කරන්නෙත් මේ කාලයෙදි.                                                              

මම 70 දශකයේ මුල් අවදියෙම උසස් පෙළ රසායන විද්‍යාව ඉගෙනුම ලබන විට ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අත්පොත ලෙස අප යොදා ගත්තෙ මේ පොත බව සඳහන් කරන්නෙ ඉමහත් ගෞරවයෙන්.                              

එයට අමතරව ඔහු 1963 වසරෙදි සිංහලට පරිවර්තනය කළ " කාබනික රසායනය " ද එකල අප කියවූ තවත් රසායන විද්‍යා පාඨ ග්‍රන්ථයක්.  එහි මුල් ඉංග්‍රීසී පොතේ කතුවරයා පී. ජේ. ඩරන්ට් බව  අදටත් මට මතකයි.                                                                  

විශ්ව කෝෂ සංස්කාරක පදවියෙන් පසු නැවත මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඔහු එක් වන්නෙ එහි උප විදුහල්පති තනතුර බාර ගනිමින්.                                  

 1965 වසරෙදි ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයට එක් වන ඔහුගේ අධීක්ෂණය යටතේ  විදුලි ඉංජිනේරු, යාන්ත්‍රික ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු, කෘෂිකර්ම හා රසායනික කමිටු වල කාර්යයන් සිදු කෙරෙන අතර ශ්‍රී ලංකාව එතෙක් භාවිතා වූ බ්‍රිතාන්‍ය මිනුම් ඒකක ක්‍රමයෙන් අත් මිදී මෙට්‍රික් ඒකක ක්‍රමයට මිනුම් කටයුතු පරිවර්තනය කිරීම සඳහාද දායක වෙනව.                                       

ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුල්ව නීතිය හදාරන ඔහු 1973 වසරෙදි නීතිවේදියකු ලෙස දිවුරුම් දෙනව.       

ඔහු පසුව 1971 කැරැල්ලේ චූදිතයන් වෙනුවෙන් අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටිනව.                                                                                    

80 දශකයේදී  " සිංහල බෞද්ධයා " නම් ටැබ්ලොයිඩ් පුවත්පතේ ප්‍රධාන සංස්කාරක ලෙස කටයුතු කරන ඔහු  ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අධ්‍යක්ෂ වරයකු ලෙසද, ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙසද කටයුතු කරනව.                                                                             

1984 සිට 1990 දක්වා ඔහු සිංහල විශ්ව කෝෂයේ  ප්‍රධාන සංස්කාරක පදවිය උසුලනව.                                     

ආචාර්ය විජයතුංගයන්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වය සරසවි සිසු අවදිය දක්වා අතීතයට දිව යන්නක්. ඔහු මුලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු කරනව. ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් ද්විත්වයම සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සහාය නොදෙන බව හඳුනාගන්නා ඔහු , 1990 වසරෙදි තවත් විද්වතුන් කණ්ඩායමක් ද හවුල් කරගෙන " සිංහලයේ මහාසම්මත භූමිපුත්‍ර පක්ෂය " නමින් නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කරනව.  

අදටත් එම පක්ෂයේ නායකයා වන්නෙ ඔහුයි.             

1994 සහ 1999 වසර වල මෙරට පැවති ජනාධිපතිවරණ දෙකේදිම  ජනාධිපති අපේක්ෂකයකු ලෙස තම පක්ෂයෙන් තරඟ වදින ඔහු 2000, 2001, හා 2004 වසර වල පැවති  පාර්ලිමේන්තු මහ මැතිවරණ වෙනුවෙන්ද තරඟ කරනව.                                     

විවිධ විෂය තේමා කර ගනිමින් ඔහු දායාද කළ  පොත් අතර ශබ්ද කෝෂ කිහිපයක්ම වෙනව.                    

මෙහි පළමුවෙන් දැක්වෙන " සුන්දර කෙන්යාව හෙවත් මාසෛයන් ගෙ රට " නම් කෘතිය හරිම ආශ්වාදජනක සංචාරක අත්දැකීම් එකතුවක්. මහාද්වීප කීපයකම සංචාරය කර ඇති ඔහු කෙන්යාවේ මසායි මාරා, නකුරු, නෛවාෂා, සහ අම්බොසෙලි යන ලෝක ප්‍රකට ජාතික වනෝද්‍යාන කීපයක සිදුකළ පවුලේ චාරිකාවක් එහි විස්තර කෙරෙනව.                                                                                   

ශාස්ත්‍රවේදී උපාධිය හා අධ්‍යාපන ඩිප්ලෝමා ලාභිනියක මෙන්ම නීතිවේදිනියකද වන කළු කපුගේ කරුණා පෙරේරා සමග විවාහ වන ඔහු , විද්‍යාසාගර,   චක්‍රපාණි හා චන්ද්‍රකීර්ති යන පුතුන් හා ශ්‍යාමා කුමාරි යන දියණියගේත් ආදරණීය පියාණන්.                                                                                         

මෙහි කලින් සඳහන් කළ කෘතියේ කෙන්යා සංචාරය ට ඔහුත් බිරිඳත් සමග පාණී සහ කීර්ති පුතුන් හා පියසේන නම් හිතවතෙක් එක් වෙනව. එහෙත්  තම ස්වාමි පුත්‍රයාණන් සමග අඳුරු මහාද්වීපයේ වන උයන් වල සිදු කළ වන සැරිය ගැන ඔහු 2002 වසරෙදි එළි දැක්වූ  මෙම කෘතිය දකින්නට ඇයට වාසනාව අහිමි වන්නෙ, ඊට පෙර 2000 වසරෙදි සිදුවන ඇගේ වියොව නිසයි. ආචාර්ය විජයතුංගයන් එම කෘතිය පිළිගන්වන්නෙ ඇගේ කරුණා නාමයටයි.                                                       

වියපත් වුවද ශාස්ත්‍රීය කටයුතු වලින් නොතොර සක්‍රිය දිවියක් ගෙවන අධිනීතිඥ, ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග ශූරීන්  අදින් වසර හතකට පෙර 2016 වසරෙ සැප්තැම්බර් මස 13 වෙනි දින මම දකින්නෙ අගනුවර සම්බුද්ධ ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේ පැවති ගුණදාස අමරසේකරයන්ගෙ " සභ්‍යත්ව රාජ්‍යය කරා" නම් කෘතියේ දොරට වැඩුමෙදි. එම උත්සවයේ කතිකාවත ඇරඹුමට පෙර මට පිටුපස අසුනක හිඳ සිටි එතුමන් මොරටුව සරසවියේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ එවකට ඉගෙනුම ලබමින් සිටි Thamalu Maliththa Piyadigama  සමග එවේලේත් කතා කරමින් සිටියේ භාෂාවේ ව්‍යවහාරික වචන වල සම්භවය පිළිබඳවයි.    

(ප්‍රේමශාන්ත කුමාරසිරි මහතාගේ වෝලයෙන් උපුටා ගන්නා ලදි.) 

සම්බන්ධිත පුවත් | Related News

ඉරානේ කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානම තේ ආනයනය කරන රටක්.වාර්ෂිකව රුපියල් මිලියන 35,000 කට වඩා වටින තේ ඉරානය අපෙන් මිලදී ගන්නවා.මේ වටිනාකමට බොරතෙල් ඔවුන් අපිට ලබා දෙනවා.පහුගිය ආර්තික අර්බුද කාලේ වැලේ වැල් නැතුව ඉද්දි හුගක් රටවල් ණයට අපිට තෙල් ලබා දෙන එක ප්‍රතික්ෂේප කරද්දි ඉරානය අපිට ණයට තෙල් දුන්නා විතරක් නෙවෙයි ආධාර විදියට තෙල් වෙනමත් ලබා දුන්නා.
ලංකාවේ හමුවුණු විශේෂ ඒ වගේම හරිම ආකර්ෂණීය පුරාකෘතියක් ගැන කියන්නයි මේ සටහන වෙන් වෙන්නේ. ඒ වල්ලිපුරම් හෙවත් වැලිපුර රන් සන්නස ගැන. මේ ගොඩාක් අය මේ ගැන අහලත් ඇති. අපේ උරුමය ගැන බොහොම ලස්සනට ලියන Samarasinghe NH මැතිතුමාත් මේ ගැන වරක් මතක් කරල තිබුනා.
ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාර ඉතිහාසය තුළ රන් අකුරින් ලියවූ කාන්තා නාමයක් ලෙස ඉරේෂා පොල්ගම්පල නාමය සැලකිය හැක.එදත් අදත් අනාගතයේදීත් ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය තුළ කාන්තාවක ශක්තිය ඇය මගින් මනාව විදහා පානු ඇත.කෑගල්ල ගලිගමුව ප්‍රදේශයේ සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පැමිණි ඉරේෂා පොල්ගම්පල සහෝදරිය ව්‍යවහාරික විද්‍යා පීඨය විද්‍යාර්ථයෙකි.
මේ අවුරුද්දේ ජනවාරි 18 සහ 19 දවස් දෙක ඇතුලේ රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නීති විරෝධී විදිහට මුදාහරින්න ආණ්ඩුව කටයුතු කළා.ඊට උපදෙස් දුන්නේ ජනාධිපති අනුර කුමාර සහ වරාය ඇමති බිමල් රත්නායක බව කියමින් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය පවා නිකුත් කළා.ඒ වගේම රේගු වෘත්තීය සමිති එකමුතුවෙන් කිව්වේ මේ බහාලුම් ඇතුලේ මත්ද්‍රව්‍ය,අවි ආයුධ,ප්‍රමිතියෙන් තොර බෙහෙත් සුවඳ විලවුන් වර්ග ඇතුළු නීති විරෝධී බඩු ඕනි දෙයක් තියෙන්න පුලුවන් කියලයි.
හත්දා මගුල් කනවා කිව්වට ඒ මඟුල් මොනවද කියලා හරියටම් දැනන් හිටියෙ නහැනෙ..
ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය ඊශ්‍රායලය පමණක් නොව අමෙරිකාවද විමතියට පත්කර ඇති බවත්, පැය කිහිපයක් තුළ සිදුවූ දැවැන්ත විනාශයකින් පසුවත් ඉරානය ඉතා ඉක්මනින්ම ක්‍රියාත්මක වී ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම කිසිසේත් සුළුකොට තැකිය හැකි කාරණයක් නොවන බවත් ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
අද වන විට ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය ලෙස රටවල් දෙකක් නොමැති බව පැහැදිලිව දැකගත හැකි බවත්, වර්තමානයේ අමෙරිකාවේ පාලනය හොබවන පිරිස යුදෙව් ක්‍රිස්තියානි මූලධර්මවාදීන් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අප තරුණ කළ අපට විෂය වූ මාතෘකා දෙකක් වූයේ වියට්නාමය හා පලස්තීනය. වියට්නාමයට අත නොතබනු පලස්තීනයට ජය වගේ සටන්පාඨ අප අතර ජනප්‍රිය වුණා. මා එකල කී විධියට නම් විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියේ සිටි කාලයේ අපට අවුරූදු කිහිපයක් ජ්‍යෙෂ්ඨයකු වූ පාසලේ ආදි ශිෂ්‍යයකු වූ ද අල්ලපු වත්තේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත් සමසමාජ පාක්‍ෂිකයකු වූ ද බර්නාඩ් සීසර් පෙරේරා මිහිඳුකුලසූරිය විජෙදෝරු සහෝදරයාගේ මග පෙන්වීම යටතේ අපි සටන් පුවරු ඔසවාගෙන මහා මග ගියා. අප කී දේ නොඅසා ඇමරිකාව වියට්නාමයට අත තැබුවා පමණක් නොව අවසානයේ හෝ චී මින් නගරයක නමක් පමණක් බවට පත් කළා. විජේදෝරු සහෝදරයාත් දැන් නැහැ.
ජනාධිපතිතුමාගේ බදු සතිය ආරම්භයේදීම හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේදී ආණ්ඩුවේ එක් නිලධාරී පිරිසක් සිදු කරන කටයුත්තක් මහත් අගේ කරනු දුටිමි .

ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.