
ඉන්දියාව, රනිල් හරහා මෙරට බළශක්ති සහ ආහාර සුරක්ෂිතභාවය තමන්ට නතු කර ගැනීමේ කූඨ උපක්‍රමය
පලස්තීනයට ආහාර විදුලිය ඉන්ධන සැපයුම් පවතින්නේ ඊශ්‍රායළය මතය. නිදහස දිනා ගැනීමට තබන පළමු පියවර තුළම ඊශ්‍රායලය ආහාර සැපයුම විදුලිය ඉන්ධන ජළය නතර කර පලස්තීනය දණ ගස්සවන්නේය. බලශක්ති ආහාර සුරක්ෂිත තාවය අහිමි යන රටක් තව දුරටත් ස්වාධීන රටක් වන්නේ,නැක බලශක්ති සහ ආහාර සුරක්ෂිත තාවය බිද ගන්නා පලමු තත්පරයේ සිට ඒ රට යැපෙන්නෙක් බවට පත්වේ.
ඊනියා ජාතිද්‍රෝහී අරගලයෙන් සහ පොහොට්ටුවේ කාලකන්නි පාර්ලිමේන්තු,බලය මතින් ජනාධිපති වු රනිල් හරහා ඉන්දියාව අපේ බළශක්ති සහ ආහාර සුරක්ෂිතභාවය ඉන්දියාවට නතු කර ගැනීමේ කූඨ උපක්‍රමය අප කියවා ගත යුතුය.
රනිල් ලංකාවේ විදුලි අවශ්‍යතාවයට ගැලපෙන්න ලංකාව සහ ඉන්දියාව එකට යා කරන විදුලි රැහැන් පද්ධතියක් ගැන කථා කරති. ඉන්දීය විදේශ ලේකම්,ලංකාවට එයට අනුගත වෙන්න රටටම පැමිණ බල කරති.‼️
කිසියම් කෙනෙකුට ලංකාව විදුලිය නිෂ්පාදනය කරන විට ඉන්දියාවෙනුත් ගත්තා කියලා යටත්වෙන්නේ,කොහොමද කියා ප්‍රශ්ණ කර හැකිය.
සරළය අපි උපරිමය දෛනිකව නිෂ්පාදනය නරන්න හැකිව අද ඉන්නේ මෙගාවොට් 2500ක් පමණ අගයකි.
ඉතා ක්ෂුක්ෂමව ඉන්දියාව අළුතින් ලංකාවේ අරඔන සුර්ය විදුලි බල පද්ංධතිය ඉන්දියානු කරණයට හසු කරගනිමින් පවතී.
අළුත් විදුලි බල නිෂ්පාදනයට ඉන්දියාව වෙනත් රටකට ඉඩ දෙන්න අවස්ථාව නොදී ඔවුන් අත්පත් කර ගනිමින් පවතී.
අවශ්‍ය ඕනෑම වෙලාවක මාස ගනන් නතරවෙන්න අපේම රටේ වෘත්තීය සමිති හරහා ලංකා රජය දැනට විදුලිය වැඩියෙන්ම නිෂ්පාදනය කරන (900 MW ) නොරොච්චෝලය කඩා දාන්න ඉන්දියන් ඔත්තුසේවා වලට හැකියාව පවතී.
වැස්සත් අවශ්‍ය නම් ජල සමිපත් ඉංජිනේරුවන් විදුලි ඉංජිනේරුවන් හරහා ලංකාවේ බලාගාර ආශ්‍රිතව ජලය පිටකර විදුලිය නිෂ්පාදනය බිද වැට්ටවිය හැකිය.
රනිල් වික්‍රමසිංහ කාංචන විජේසේකර හරහා විදුලි බල මංඩලය පෞද්ගලීකරණය කරන විට විදුලි නිෂ්පාදනයේ ඉතා වැදගත් අංශ ( බලාගාර සහ ජළාශ අංශය) රාජ්‍ය සහ පෞද්ගලික හවුල් ව්‍යාපාරකරණයට මුවාවී වක්‍රව ඉන්දියාව පාළනයට ගන්නවා සිකුරුය.‼️
ඉන්ධන සහ දැවිතෙල් මගින් විදුලි ජනනය දැනටමත් ඉන්දියාව අත්පත් කර ගෙන හමාරය මක් නිසාද IOC සමාගම ඒ බලාගාර වලට අවශ්‍ය ඉන්ධන සැපයීම ඛණිජ තෙල් සංස්ථාව කඩා වැට්ටවීම සමග අල්ලා ගනිමින් පවතී.
ඉන් පසුව ඉතා සැළසුම් සහගතව දේශීය විදුලිය නිෂ්පාදනය අඩුකරමින් ඒවා නඩත්තුව අඩුකරමින් වසාදමා
ඉන්දියාවේ සැපයුමට හුරු කරවන්නේය.‼️
ඉන්දියාව අද නේපාලයේ සමස්ථ විදුලි බලය සැපයීම අත්පත් කරගෙන නේපාලය තමන්ගේ ප්‍රාන්තයක් මට්ටමට පවත්වාගෙන යන්නේ එලෙසය.
ඉන්දියාව ඊනියා අරගලයට සහෝගය දෙමින්ද පොහොට්ටු රජයට යැපෙන්න ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් දෙමින්ද රනිල් වික්‍රමසිංහ හරහා දියත් කරන්නේ ලංකාව මුලින්ම බලශක්ති සුරක්ෂිත තාවය ඉන්දියාව නතු කර ගැනීමේ ව්‍යාපෘතියය.
මෙම ඉන්දීය ව්‍යාප්තවාදය ආක්‍රමණය නිවරදිව පරාජය නොකර ලංකාවේ මොනම ආන්ඩුවක් හැදුවත් අපට උරුම වන්නේ ඉන්දියාවට එරෙහිව යන පලමු තත්පරයේම අද පලස්තීනයට උරුම වෙන තත්වයයි.
හෙට දවසේ චීන හෝ ඉන්දියාවට ඇලජික් වෙන යුධ හෝ සබ්මැරීන හෝ පර්යේෂණ නැවක් අපි ස්වෛරී කියා හිතාගෙන ඉන්න ලංකාවේ වරායකට එන විට එයට අවසර දුන්නොත් ලංකාවේ විදුලි සැපයුම අඩාල කරනවා කියා ඉන්දියාව තරජනය කරන තැනදී අපට රනිල් වික්‍රමසිංහ හරහා කර තිබෙන පාවාදීමේ කුමන්ත්‍රණයේ ගැඔුර කියවා ගත හැකිය..
ආහාර සුරක්ෂිතභාවය නම් ඉතිං දැනටමත් අපි කෙලවාගෙන අහවර බව තේරෙන්න ලංකාවේ හෝටලයක පරිප්පු නැතිවීම ආන්ඩු,පෙරළියකට රටෙි හවස ප්‍රවෘත්ති වවන්න තරම් ප්‍රබල වීම හරහා තේරුම් ගත යුතුය.
ජාත්‍යන්තරයට උග්‍ර ජාතිකවාදී ප්‍රවේශයකින් ගමන් කරමින් භාරත ආක්‍රමණවාදය තුළින් ලෝකය ඉදිරියේ අපිත් මේ මේ රටවල් පාලනය කරනවා කියන නම්බුව ගන්න කෑදර ආශාවෙන් පියවර තියන ඉන්දියාව වගේ රටක් ඉදිරියේ අපි අනාගත පරම්පරාව උගස් තබමින් ඔවුන්ට යැපෙන්නන් ලෙස රැදීමට ඉඩ හදමින් ගමන් කරනවා කියවා ගන්න ඔබ අසමත් වීම රටේද අවාසනාවකි.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
