News Category
From Date
To Date
Maximum Number of Result

“සල්ලි නැති වුණාට ප්‍රශ්න­යක් නැහැ. මගෙන් බෙහෙත් අර­ගෙන යන්න පුළු­වන්" - රටක්ම කතා කරන හිත හොඳ බදුල්ලේ දොස්තර මහත්තයා

Oct 18, 2023 at 06:16 PM
|

වෛද්‍ය සම­න්තගේ පෞද්ග­ලික වෛද්‍ය මධ්‍ය­ස්ථා­නය රාජ­කාරී වෙලා­වෙන් පසුව ඕනෑම විටක අස­රණ රෝගීන් වෙනු­වෙන් විවෘතව ඇති බව ඔහු පව­සයි.

“සල්ලි නැති වුණාට ප්‍රශ්න­යක් නැහැ. මගෙන් බෙහෙත් අර­ගෙන යන්න පුළු­වන්” යැයි පැමි­ණෙන ඕනෑම රෝගි­ය­කුට වෛද්‍ය සමන්ත පව­සයි. මම මේ වන විට වැඩ කරන්නේ බදුල්ල මහ රෝහලේ. මට මේ වැනි අද­හ­සක් ආවේ ඇටැ­ම්පි­ටිය ප්‍රාදේ­ශීය රෝහලේ වැඩ කරන කාලයේ. එහිදී මම ප්‍රධාන වෛද්‍ය නිල­ධා­රියා ලෙස කට­යුතු කළා. හවස 4න් පසුව රෝහලේ බාහිර රෝගී අංශය වහලා. ප්‍රධාන වෛද්‍ය නිල­ධා­රියා ලෙස මට වග­කී­මක් තියෙ­නවා; මිනි­ස්සුන්ගේ ජීවිත ගැන. මේ මිනි­සුන්ට පිහිට වෙන්න අව­ශ්‍යයි කියන සිතු­වි­ල්ලම තමයි මට තිබුණේ. 4න් පසුව ඒ අයට පිළි­ස­ර­ණක් ලෙසයි මම මගේ පෞද්ග­ලික ඩිස්පැ­න්ස­රියේ මෙහෙම බෝඩ් එකක් දැම්මේ. ඒ රෝගීන්ට ඇටැ­ම්පි­ටියේ ඉඳලා බදු­ල්ලට, වැලි­ම­ඩට සහ බණ්ඩා­ර­වෙ­ලට සෑම පැත්ත­කින්ම වගේ නග­ර­ව­ලට කිලෝ­මී­ටර් 16ක් තියෙ­නවා.

හව­සට ප්‍රති­කා­ර­යක් ගන්න යනවා කියන එක ඒ ගමේ අයට අති­දු­ෂ්කර වැඩක්. ඒ නිසා මම නොමිලේ බෙහෙත් දුන්නා. බදුල්ල නග­රය ආස­න්නයේ නිවෙ­සක අපි දැන් ඉන්නේ. නග­ර­යට ආස­න්නයේ වුණත් මේ රෝහ­ලට ආවාට පස්සෙත් මම මගේ නිවස ඉදි­රි­පිට මේ පුව­රුව දැම්මා. එයට හේතුව මේ පළා­තෙත් ඇතැම් අය ළඟ සල්ලි නැහැ. බෙහෙත් ගන්න විදි­යක් නැහැ. එහෙම අය එනවා අපේ ළඟට. මිනි­සුන්ට බයක් නැතිව බෙහෙත් ටිකක් ගන්න පුළු­වන් මගෙන්. මම දන්නවා දුප්පත් මිනි­සුන්ට එය සැන­සී­මක්. අපි කවු­රුත් හැම­දාම ජීවත් වෙන්නේ නැහැ. අපි ඉගෙන ගත්ත දෙයින් වැඩ කරන තැනට සේව­යක් කර­නවා. අපි ඉගෙන ගත්තේ මේ රටේ මිනි­සුන්ගේ සල්ලි­ව­ලින්. පසු­ගිය කාලයේ මිනි­සුන්ට ලොකු අර්බු­ද­ව­ලට මුහුණ දෙන්න සිදු වුණා. මිනි­සුන්ට රස්සා­වල් නැති වුණා. බඩු මිල වැඩි වුණා.

බෙහෙත් මිල වැඩි වුණා. මමයි මගේ බිරි­යයි කතා කරලා මේ දේවල් කරන්නේ. මගේ බිරි­යත් වෛද්‍ය­ව­රි­යක්. ඇයත් මට සහය වෙනවා. මම සල්ලි ගත්තත් විශාල මුද­ලක් ගන්නේ නැහැ. මිනි­සුන්ට දරා­ගන්න පුළු­වන් සුළු මුද­ලක් ගන්නේ. බොහෝ වෙලා­වට රෝගීන් ලබා ගන්න බෙහෙ­ත්වල වටි­නා­කම බෙහෙත් සඳහා අය කරන මුද­ලට වඩා වැඩියි. අපි මුද­ලට ලබා ගන්න බෙහෙත් තමයි නොමිලේ ලබා දෙන්නේ. අලා­භ­යත් අපි සතු­ටින් විඳ දරා ගන්නවා. මුදල් ගෙවා යන පිරි­ස­කුත් ඒ අතර ඉන්නවා. මම මේ දේ කරන්නේ සතු­ටෙන්. මම වෙන්න­ප්පුව දංකො­ටුවේ හැදුණේ වැඩුණේ. බදු­ල්ලට පත්වීම් ලබා ආවාට පස්සේ මම බදුල්ලේ පදිංචි වුණා. මගේ බිරි­යගේ ගම බදුල්ලේ. අපි බදුල්ලේ ජීවත් වෙන්නෙ සතු­ටින් යැයි ඔහු පව­සයි.

දංකො­ටුව යෝගි­යානේ උපත ලබන රාම­නා­යක මුදි­ය­න්සේ­ලාගේ අනුර සමන්ත රාම­නා­යක නම් වන මේ වෛද්‍යෙ­ව­ර­යාගේ පියා හරි­ස්චන්ද්‍ර රාම­නා­යක ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලයේ කාර්මි­ක­යෙක් ලෙස සේවය කළේය. සමන්ත උසස් පෙළට සුදා­නම් වන අව­දි­යේදි පියා මෙලොව හැර ගියේය. මව පද්මා රණ­සිං­හයි. වෛද්‍ය සම­න්තගේ පවුලේ සාමා­ජි­කයෝ තිදෙ­නෙකි. වැඩි­මලා සම­න්තය. ඔහු කටු­කෙන්ද මහ විද්‍යා­ල­යෙන් විශිෂ්ට ලෙස සාපෙළ සමත්ව උසස් පෙළ සඳහා තෝරා­ගනු ලැබුයේ වෙන්න­ප්පුව ජොසප් වාස් විද්‍යා­ල­යයි. ඉන් අන­තු­රුව ඔහු රාගම වෛද්‍ය පීඨ­යට තේරී පත් විය. කුඩා අව­දියේ සිටම සමන්ත ඉගැ­නු­මට දක්ෂය. රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපා­ධිය ඉහ­ළින් සමත් වන ඔහු ඉන් අන­තු­රුව මීග­මුව මහ රෝහ­ලෙන් සීමා­වා­සික පුහු­ණුව ලබා­ගන්නා ලදී.

වෛද්‍ය වෘත්තිය වෙනු­වෙන් කැප වූ ඇතැම් ජීව­ක­යන් පිළි­බඳ කතාව පුරා­වෘ­ත්ත­යක් බවට පත්ව මිනි­සුන්ගේ මත­ක­යෙන් දුරස්ව ඇතත් මේ නූතන ජීව­කයා පිළි­බඳ ඇගැ­යිය යුතු බව නොකි­ව­ම­නාය. බදුල්ල මහ රෝහලේ කලක් සේවය කරන ඔහුට ඉන් අන­තු­රුව බදුල්ලේ සිට කිලෝ­මී­ටර් 16ක් පමණ දුරින් ඇති සුන්දර ගම්මා­න­යක් වන ඇටැ­ම්පි­ටිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය­ව­රයා ලෙස මාරු­වී­මක් ලැබෙයි. ඒ රෝහල ජීවි­තයේ පරි­ව­ර්ත­නීය අව­දි­යක් සනි­ටු­හන් කර ඇත. නොමි­ලයේ ඖෂධ ලබා­දීම ආර­ම්භය හෙවත් මේ සමාජ සත්කා­රයේ මුල් අව­දිය ආරම්භ වූයේ ඇටැ­ම්පි­ටිය රෝහලේ සේවය කරන කාල­යේ­දීය. ඒ නිසා සමන්ත රාම­නා­යක නම් මේ ඩි.එම්.ඕ. මහ­ත්තයා පිළි­බ­ඳව ඇටැ­ම්පි­ටිය ගම්මා­නයේ මිනි­සුන්ට නම් කිසිදු දින­යක අම­තක නොවෙන බව සහ­ති­කය. එයට හේතුව ඔහු ඇටැ­ම්පි­ටිය දුෂ්කර ගම්මා­නයේ රෝගීන් සහ රෝහල වෙනු­වෙන් කරන ලද අමිල මෙහෙවරයි.

ජීවි­තයේ සුවි­ශේෂ අත්දැ­කීම් සමු­දා­යක් ඔහුට එක් කරන්නේ 2005 වසරේ සිට 2012 දක්වා ඔහු සේවය කළ එම ප්‍රාදේ­ශීය රෝහ­ලයි. ඔහු එහි ප්‍රධාන වෛද්‍ය නිල­ධා­රීයා ලෙස සේවය කළේය. වෛද්‍ය සමන්ත එම රෝහ­ලට පැමිණි වස­රේ­දීම එනම් 2005 වස­රේ­දීම ජාතික ඵල­දා­යීතා සම්මා­නය වෙනු­වෙන් ඇටැ­ම්පි­ටිය ප්‍රාදේ­ශීය රෝහල වෙනු­වෙන් අයැදු­ම්ප­තක් ඉදි­රි­පත් කරන ලදී. එම රෝහල විධි­මත් ක්‍රම­වේ­ද­ය­කට අනුව සකස් කිරී­මට වෛද්‍ය සම­න්තට ප්‍රදේ­ශයේ ජන­තාව සහය නිතැ­තින් ලැබිණි.

“ ඇටැ­ම්පි­ටිය රෝහ­ලට මම ගියේ 2005දියි. ඒ වස­රේ­දීම මම ජාතික ඵල­දා­යිතා සම්මා­නය අයැදු­ම්ප­තක් ඉදි­රි­පත් කළා. එහිදී සමස්ත ලංකා තෙවැනි තැන එම රෝහ­ලට හිමි වුණා. ඉන්පසු වසරේ දී හොඳම රෝහ­ල්වල දෙවැනි තැනට පැමි­ණියා. සෞඛ්‍ය විශි­ෂ්ටතා සම්මාන තර­ගා­ව­ලියේ දෙවැනි තැන 2012 වස­රේද තවද ඵලදායිතා සම්මාන 6ක් ඵලදායිතා සම්මානය සමස්ත ලංකා දෙවන (කුඩා පරිමාණ) ඌව ඵලදායිතා සම්මානය පළමු ස්ථානය (කුඩා පරිමාණ) සෞඛ්‍ය විශිෂ්ටතා සම්මානය දිවයින 2 ස්ථානය හිමි වුණා. ඒ කාල­යේදී ගමේ පිරි­සත් සමඟ එක­මුතු වී මම රෝහල විධි­මත්ව සකස් කළා. දුප්පත් දරු­වන්ට ඉගැ­නීමේ කට­යු­තු­ව­ලට උදව් උප­කාර කළා. මුදල් නැති­නම් නොමිලේ ප්‍රති­කාර කිරීම මම ආරම්භ කළේ ඇටැ­ම්පි­ටිය රෝහලේ ඉන්න කාල­යේදී. ඇටැ­ම්පි­ටිය රෝහලේ 4න් පසුව බාහිර රෝගී අංශය විවෘත වී නැහැ.ඒ නිසා මම ප්‍රධාන වෛද්‍ය­ව­රයා විදි­හට ඒ ජන­තාව වෙනු­වෙන් එම සේවය කළා. මම දන්නවා ඒ මිනි­ස්සුන්ට හත­රෙන් පස්සේ බෙහෙත් ටිකක් ගන්න නග­ර­යට යන්න හරිම දුෂ්ක­රයි කියලා.

මගේ බිරිය චන්දිමා ජය­සිං­හත් වෛද්‍ය­ව­රි­යක්. වෛද්‍ය විද්‍යා­ලයේ ඉගෙන ගන්න කාලයේ අපි මුණ ගැසුණේ. අපිට එක් දිය­ණි­යක් ඉන්නවා. දුවගෙ නම සදලි. ඇයට අවු­රුදු 19යි. දුව ජීව විද්‍යා අංශ­යෙන් උසස් පෙළ හදා­රලා ප්‍රති­ඵල බලා­පො­රො­ත්තු­වෙන් ඉන්නෙ. අංජු සහ අකිල නමින් අපිට 18 හැවි­රිදි නිවුන් දරු­වන් දෙදෙ­නෙක් ඉන්නවා.

මිනි­සුන්ගේ ජිවිත සම්බ­න්ධ­යෙන් සුළු­කොට තකන බොහෝ මිනි­සුන් අතර ඔහු උතුම් මිනි­සෙකි. ගම්වල දුෂ්කර දිවි­පෙ­ව­ත­කට උරු­ම­කම් කියන මිනි­සුන්ගේ දුකට පිහිට වීමට ඔවුන් සොයා ඔහු දුෂ්කර ගමන් ගියේය. ඇටැ­ම්පි­ටිය ප්‍රාදේ­ශීය රෝහල ඵල­දා­යි­තාව කරා­ගෙන ඒමේ මහා මෙහෙ­ව­රට නාය­ක­ත්වය දෙමින් ඒ සියලු කාර්ය­යන්හි ඉදි­රි­පස සිටි ඒ සුන්දර මිනිසා ඔහුය. වසර ගණ­නක් එවැනි දුෂ්කර සේවා­වක නිරත ව සිටි ඔහු අස­රණ රෝගීන් සුව­පත් කිරී­මෙන් විසල් සතු­ටක් ලැබු­වේය. සමන්ත රාම­නා­යක නම් මේ වෛද්‍ය­ව­රයා පිළි­බ­ඳව ඇටැ­ම්පි­ටිය ගම්මා­නයේ සහ හිද­ගම ගමේ මිනි­සුන්ට නම් කිසිදු දින­යක අම­තක නොවෙන්නේ ය. දිවි ගමනේ මැදි විය එළැඹෙ­මින් සිටින මේ කරුණා බර හද­ව­තක් ඇති වෛද්‍ය­ව­ර­යාගේ අතී­ත මත­කය ඉතා සුන්දර කත­න්දර පෙළක්සේ මෙනි.

“දෙවි­යන් වැනි මිනි­සුන් ඇත.”

(සිළුමිණ පුවත්පතෙන්)

සම්බන්ධිත පුවත් | Related News

බොරුවෙන් බලයට පත්වූ ආණ්ඩුව තමන්ට කප්පම් ගෙවන ව්‍යාපාරිකයන්ට හැරුනු විට වෙනත් කිසිඳු පුද්ගලයකුට ව්‍යාපාරයක් කිරීමට සහන නොදෙන බවත්, අනුර කුමාර ජනාධිපති වී කුඩු, රත්‍රං, ආයුද කන්ටේනර් 320ක් එළියට දැමූ බවත් එක්තරා පුද්ගලයකු විසින් පවසන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
උතුම් දළඳා ප්‍රදර්ශනය සම්පූර්ණයෙන්ම අසාර්ථක, කලබගෑනියක් වීමේ වගකීම පැහැදිලිවම රජය භාරගත යුතුය.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
ඒ මිනිස්සු තමන්ගේ පාඩුවේ කුළියක් මලියක් කරගෙන, එදා වේල හම්බ කරගෙන හිටපු මිනිස්සු. හදිසියේම ජනාධිපති තුමා නුවර ඇවිල්ලා දළදා වන්ඳනාවට දින නියම කළා... ඒක හැම මාධ්‍යයකම ප්‍රචාරය කළා... හැමෝම එන්න එන්න, දන්සල් 100 ගණනක් දෙන්න සූදානම්, හැම තැනම වැසිකිළි පහසුකම්, කසළ බැහැර කිරීමේ පුළුල් වැඩසටහනක් ආරම්භ කරලා තියනවා, පුළුල් ආරක්ෂක වැඩ පිළිවෙලක් තියනවා, සනීපාරක්ෂාව උපරිමයි, මේ අවස්ථාවට සහභාගී නොවීම අකුසලයක් ආදී ලෙස කියලා පුරසාරම් කෝටියයි...
ඩෑන් ප්‍රියසාද් දේශපාලන ක්‍රියාකාරිකාර්කයෙක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෙක්.
නාරද කරුණාතිලක සහ කොලට් සේනානායක යන ප්‍රවීණ ලේඛකයින් දෙදෙනා මේ වනවිට එක්ව පළකළ කෘති සංඛ්‍යාව 20 කට අධිකය. විවිධ තේමා පාදක කොටගෙන ජනප්‍රිය මතවාදයට එහා ගිය

ප්‍රධාන පුවත්

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.