රුසියාවේ දකුණු දිග ප්‍රාන්තයේ ඕතෝඩොක්ස් ආගමේ ප්‍රධාන පියතුමෙකු ඇතුළුව ආරක්ෂක නිළධාරින් සහ සාමාන්‍ය ජනයා කෲර ලෙස ඝාතනය කිරීම හෙළා දකිනවා- පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ රුසියාවේ ඩැගෙස්ථාන ප්‍රාන්තයේ ඕතොඩොක්ස් පූජකවරයකු මරාදමමින් නගර දෙකකට එල්ල කළ වර්ගවාදී ම්ලේච්ඡ ප්‍රහාරය සහ බටහිර මාධ්‍ය රුසියාව සම්බන්ධයෙන් ගෙනයන අවලාදසහගත ප්‍රචාර හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ මහතා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්.
රුසියාවේ ඩැගෙස්ථාන ප්‍රාන්තයේ ඕතොඩොක්ස් පූජකවරයකු මරාදමමින් නගර දෙකකට එල්ල කළ වර්ගවාදී ම්ලේච්ඡ ප්‍රහාරයන් සහ බටහිර මාධ්‍ය රුසියාව සම්බන්ධයෙන් ගෙනයන අවලාදසහගත ප්‍රචාර හෙළා දකිමු!
රුසියානු ජනරජයේ දකුණු ප්‍රදේශයේ ඩැගෙස්ථාන ප්‍රාන්තයේ අගනුවර වන මකච්කාලා නගරයට සහ ඩර්බන්ට් නගරයට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරවලින් අවම වශයෙන් නීතිය ක්‍රියාත්මක කරන සාමාජිකයින් 15 දෙනෙකු සහ සිවිල් වැසියන් කිහිපදෙනෙකු මියගිය බව මේ වන විට වාර්තා වී තිබේ. ඝාතකයන් ඩර්බන්ට් නගරයේ පිහිටි ඕතොඩොක්ස් පල්ලියට එල්ල කළ ප්‍රහාරයෙන් ප්‍රධාන පූජකවරයා වූ නිකොලායි කොතෙල්නිකොව් පියතුමා ද ඝාතනයට ලක්ව තිබේ. ආගමික සිද්ධස්ථාන ඉලක්ක කිරීමට තරම් ඝාතකයන් මෙහෙය වූ පිරිස කෲර වී ඇති බව එමගින් මනාව පැහැදිලි වේ. එලෙසම රුසියානු හමුදා යුක්‍රේන භූමිය තුළ සාමූහික බටහිරයන්ට එරෙහිව ගෙනයන මෙහෙයුම සම්බන්ධයෙන් බටහිර මාධ්‍ය වැරදිසහගත පුවත් මැවීම ද අද වන විට සාමාන්‍ය තත්වයක් බවට පත්ව තිබේ.
ශ්‍රී ලංකාව ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදයට එරෙහිව ගෙනගිය තිස් අවුරුදු යුද කාලය තුළ බටහිරයන් සහ බටහිර මාධ්‍ය හැසිරුණු ආකාරයට සමාන ආකාරයකට රුසියානු රජය සම්බන්ධයෙන් ද ඔවුන් හැසිරෙන බව බැලූබැල්මට පෙනී යයි. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ ත්‍රිවිද හමුදාව බටහිරයන්ගේ සුරතලුන් වූ බෙදුම්වාදී කොටි සංවිධානය පරාජය කළා සේම සාමූහික බටහිරයන්ට එරෙහිව යුක්‍රේන භූමිය තුළ රුසියනු හමුදා ගෙනයන මෙහෙයුම් ජයග්‍රහණය කිරීම නියත බව අපි දැඩිව විශ්වාස කරමු.
ඒ අනුව පරාජයේ අභිමුවෙහි සිටින සාමූහික බටහිරයන්, රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර එල්ල කරනු ලබන ම්ලේච්ඡ ප්‍රහාර දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. එලෙසම රුසියානු රජය සහ රුසියානු හමුදා යුක්‍රේන භූමිය තුළ සාමූහික බටහිරයන්ට එරෙහිව ගෙනයන මෙහෙයුමේදී රුසියානු හමුදාවලට සහ රුසියානු රජයට එරෙහිව ගෙනයන අවලාදසහගත මාධ්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස අධිරාජ්‍ය විරෝධී ශ්‍රී ලාංකික ජනතාවගෙන් ගෞරව පූර්වකව ඉල්ලා සිටිමු.
විමල් වීරවංශ(පා. ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2024-06-25
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..