News Category
From Date
To Date
Maximum Number of Result

රුසියාව සම්බන්ධයෙන් පල කළ පුවතට "සිලෝන් ටුඩේ" පුවත් පතට මෙරට රුසියානු තානපති කාර්යාලයේ අප්‍රසාදය

Jun 24, 2024 at 03:18 PM
|

 "සිලෝන් ටුඩේ" පුවත් පතෙහි රුසියාව යුක්‍රේනයට එල්ල කළ ප්‍රහාරයක් සම්බන්ධයෙන් පළවූ සාවද්‍ය පුවතට ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් එම පුවත් පතට තම නොසතුට පල කර ලිපියක් යවා තිබේ. එහිදී ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය "සිලෝන් ටුඩේ" පුවත් පත අසමබර පුවත් පල කිරීම සම්බන්ධයෙන් තම නොසතුට පල කර තිබේ. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය "සිලෝන් ටුඩේ" පුවත් පත වෙත යොමු කළ සම්පුර්ණ ලිපියේ සිංහල පරිවර්තනය සහ එහි මුල් ඉංග්‍රීසි පිටපත පහත පළවේ.

"සිලෝන් ටුඩේ" පුවත් පත යුක්‍රේනයේ සිදුවීම් ඒකපාර්ශ්විකව ප්‍රචාරය කිරීම සම්බන්ධවයි

රුසියානු ගුවන් ප්‍රහාරවලින් කාර්කොව් නගරයට සිදුවූ බව කියන හානිය සම්බන්ධයෙන් “රොයිටර්” පුවත් සේවය උපුටා දක්වමින් “සිලෝන් ටුඩේ” පුවත් පත පල කරන ලද පුවත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ අවධානය යොමුව තිබේ. රුසියානු පාර්ශ්වයෙන් එල්ල කරනු ලබන ප්‍රහාර කිසි විටෙක සිවිල් ජනයා සහ ඔවුන්ගේ දේපල ඉලක්ක කර එල්ල නොකරන බැවින් පුවත් පතෙහි සඳහන් තොරතුරුවල සාවද්‍යභාවය සම්බන්ධයෙන් රුසියානු තානාපති කාර්යාලය පහත සඳහන් ප්‍රශ්නය මතු කරනු ලබන්නෙමු. යුක්‍රේන පාර්ශවය ප්‍රදර්ශනය කරනු ලබන නිත්‍ය ම්ලේච්ඡත්වයේ ප්‍රතිවිපාක ලෙස රුසියානු දේශසීමා ආසන්නයේ සහ රුසියානු භූමියේ වඩාත් ගැඹුරට වන්නට පිහිටා තිබෙන ප්‍රදේශ වල  වෙසෙන සාමකාමී සිවිල් වැසියන්ට එල්ල කරනු ලබන ත්‍රස්තවාදී ප්‍රහාර ආවරණය කිරීමට “සිලෝන් ටුඩේ” පුවත් පත පසු බට වන්නේ මන්ද?

යුක්‍රේන පාර්ශවයේ ම්ලේච්ඡ ප්‍රහාර සඳහා ආසන්නතම උදාහරණය ලෙස 2024 ජුනි 23 වන දින, පොකුරු බෝම්බ සහිත සහිත එක්සත් ජනපදයේ නිෂ්පාදිත ATCMS මෙහෙයුම්-උපක්‍රමික මිසයිල පහකින් යුක්‍රේන ත්‍රස්තවාදීන් මිසයිල ප්‍රහාරයක් සෙවාස්ටොපෝල් (රුසියානු අර්ධද්වීපයේ ක්‍රිමියාව) වෙත හිතාමතාම එල්ල කිරීම ගෙන හැර පෑමට උත්සුක වෙමු. අනතුරු ඇඟවූ රුසියානු ගුවන් ආරක්ෂක ඒකක හේතුවෙන් යුක්‍රේන ප්‍රහාර හතරක් ව්‍යවර්ථ කිරීමට රුසියානු හමුදාවට හැකිවිය. පස්වන පොකුරු බෝම්බ සහිත මිසයිල් ප්‍රහාරය හේතුවෙන් නගරවාසීන් අතර ඉහළ මරණ සංඛ්‍යාවක් වාර්තා විය.

ඇමරිකානු විශේෂඥයින් ඔවුන්ගේ චන්ද්‍රිකා ඔත්තු බැලීමේ දත්ත මත පදනම්ව එක්සත් ජනපදයේ නිෂ්පාදිත ATCMS මෙහෙයුම්-උපක්‍රමික මිසයිලවල සියලුම පියාසැරි කාර්යයන් මෙහෙයවනු ලබයි. මෙම මිසයිල ප්‍රහාරය දියත් කරන ලද භූමිය යුක්රේනයට අයත්වනවා මෙන්ම කියෙව් පාලනයට මෙම ආයුධ ලබා දීමෙන් සෙවාස්ටොපෝල් සිවිල් වැසියන්ට හිතාමතාම මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට වොෂින්ටනය වැඩි වශයෙන්ම වගකිව යුතු වන බවද අවධාරණය කරමු.

රුසියානු-යුක්රේන ගැටුමේ සන්දර්භය තුළ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව වඩාත් සම්පූර්ණ දැක්මක් ලබා ගැනීමට "සිලෝන් ටුඩේ" පාඨකයන්ට අවස්ථාව ලබා දීම සඳහා "සිලෝන් ටුඩේ" පුවත් පත තමාගේ විෂය පථය ගැඹුරින් ආවරණය කිරීම සුදුසු නොවනේද යන පැනය අප හමුවේ පැන නගී. වර්තමානයේ, "සිලෝන් ටුඩේ" පුවත්පත ද්විත්ව ප්‍රමිතියක පිහිටා පහසු මාවතක් අනුගමනය කිරීමට වැඩි නැඹුරුවක් දක්වන බව තහවුරු වන්නේ "සිලෝන් ටුඩේ" පුවත් පත  වෙනත් සැක සහිත මාධ්‍ය මගින් ලබාදෙන අසමබර පුවත් පමණක් නැවත මුද්‍රණය කිරීමේ නැඹුරුව පෙන්නුම් කිරීම නිසයි.

වොෂින්ටනය විසින් තාක්‍ෂණිකව සංවිධානය කරන ලද සෙවාස්ටොපෝල් වෙත එල්ල කළ ඉහත සඳහන් කළ යුක්‍රේන ප්‍රහාරය සම්බන්ධයෙන් වන කිසිදු පැනයකට පිළිතුරු නොලැබෙන බවට සැකයක් නැති බවද කොළඹ රුසියානු තානාපති කාර්යාලය අවධාරණය කරමු.

- කොළඹ රුසියානු තානාපති කාර්යාලය

2024.06.24

PRESS-RELEASE of the Russian Embassy in Colombo June 24, 2024

On the one-sided coverage of Ukrainian events by “Ceylon Today”

The Embassy paid attention to the reprinting by “Ceylon Today” of the “Reuters” article regarding the alleged damage of Russian air-strikes to the city of Kharkov. Apart from the deceiving nature of this information since the strikes from the Russian side have never been aimed at civil objects and population, the Embassy would like to raise the following question: Why is “Ceylon Today” unwilling to cover the consequences of Ukrainian regular brutal and terrorist attacks on peaceful civilians in the Russian border regions and territories even deeper into the country? Here is the most recent example. On June 23, 2024 a terrorist missile strike by five US-made ATACMS operational-tactical missiles equipped with cluster warheads was deliberately delivered at Sevastopol (Russian peninsula Crimea). The alerted air defense units intercepted four of them. The air explosion of the fragmentation warhead of the fifth led to high number of casualties among peaceful city residents. The American specialists input all flight tasks in the US-made ATACMS operational-tactical missiles on the basis of data of their satellite reconnaissance. That is why Washington is mostly responsible for the deliberate missile strike at Sevastopol civilians by delivering this weaponry to Ukraine, as well as Kiev regime, from the territory of which the strike was launched. Does not his subject deserve to be covered by “Ceylon Today” at least to give its readers the opportunity to have a more complete vision of what is happening in the context of Ukrainian conflict? Presently, it looks like the newspaper is more inclined to follow an easy path of double standards since it demonstrates capability to solely reprint materials by other quite doubtful media. As for the above-mentioned Ukrainian attack on Sevastopol technically orchestrated by Washington, they should be no doubt that these actions are not going to be unanswered.

- Russian Embassy in Colombo


සම්බන්ධිත පුවත් | Related News

ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ඇගයීමට ලක්වූ නිර්මාණ බිහිකළ අසමා රූපණ සරසවිය මගින් පවත්වනු ලබන නවක පාඨමාලා සඳහා මේ වන විට අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.
ඉන්දියාවේ ප්‍රමුඛතම ඖෂධ නිෂ්පාදන සමාගමක් වන 'සන් ෆාමා' (Sun Pharma Distributors Ltd) මගින් නිෂ්පාදිත අක්ෂි දියර (Eye Drops) වර්ග 11ක් වෙළඳපොළෙන් වහාම ඉවත් කර ගැනීමට පියවර ගෙන තිබේ.
අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
කොලොම්බියාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 250 ඉක්මවා ඇති බව වාර්තා වේ.
ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.
2026-07-22 දින පවත්වනු ලැබ ඇති 34 වන ආහාර ප‍්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටු රැස්වීමේදී රජය මඟින් වී මිල දී ගැනීමේ ක්‍රියාවලිය සඳහා පහසුකම් සැලසීම අරමුණු කර ගනිමින් වී අලෙවි මණ්ඩලය සතු වී තොග, සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින් සහල් බවට පත් කර වෙළෙඳ පොළට නිකුත් කිරීමට නිර්දේශ කරනු ලැබ තිබේ.
සීමාසහිත චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ ප්‍රධානී ෂැං බිංනන් ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (11) පස්වරුවේ පැවැත්විණි.

ප්‍රධාන පුවත්

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ආනයනය කරන පිකාන් (Carya illinoensis) සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු ආරක්ෂිත තැන්පතු ලෙස පැනවීමට චීනය සඳුදා(10) තීරණය කළේය.

විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රටේ කාලීන අවශ්‍යතාවයක් නොවන අතර තමන්ව බලයට පත්කළ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සියල්ල අමතක කරමින් වත්මන් රජය විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම එකම ගැටළුව බවට පත්කර ගැනීම හාස්‍යට කරුණක් යැයි අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහනිකායේ අනුනායක දේශප්‍රේමී භික්ෂූ පෙරමුණේ මහලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන් වහන්සේ කැලණිය පට්ටිය හන්දිය ධර්මායතනයේදී 07දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.

NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..

කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.

"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්

ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.

බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්

විහාරගම් හා දේවාලගම් පනත වෙනස් කරමින්, එම ඉඩම්වල පදිංචිකරුවන් විහාරස්ථානවලට එරෙහිව නඩු මඟට යොමු කිරීමට බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සාහ කරන බවට මතුගම සෙනෙවිරුවන් මහතා චෝදනා කරයි.

ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..

ගාසා තීරයේ පවතින අර්බුදය විසඳීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු 15කින් සමන්විත සාම සැලැස්ම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.