News Category
From Date
To Date
Maximum Number of Result

‘‘ත්‍රෛවිද හොරු රැලකට“ නොරැවටී උතුර - දකුණ එක මිටකට එකතුකර එකම දැයක් - එකම රටක් හදමු! - 'සර්වජන බලය' මංගල ජනරැලියේදී සිංහල, දෙමළ, මුස්ලිම් සැමට විමල්ගෙන් ඇරයුමක්!

Jun 19, 2024 at 12:25 PM
|

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දුන් ‘වැල් පාලමේ‘ යන, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට සූදානම් ත්‍රෛවිද හොරු රැලකට නොරැවටී උතුර - දකුණ එකම මිටකට එකතු කර 'එකම දැයක් - එකම  රටක්' නිර්මාණය කිරීමට සූදානම් 'සර්වජන බලය දේශපාලන එකමුතුව' හා එක්වන ලෙස මෙරට සියලු වාමවාදී, ප්‍රගතිශීලී, ජාතිකවාදී ජනතාවට ඇරයුම් කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ (18) නුගේගොඩ පැවති 'සර්වජන බලය' දේශපාලන එකමුතුවේ මංගල ජනරැලිය අමතමින් ඒ මහතා එසේ පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය

‘නාමල් කොලුවො පරිස්සම් වෙයන්‘

"අද ඓතිහාසික දිනයක්. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි, ජනවරම පාවලා දීලා, ගෝඨාභය රාජපක්ෂ පලා ගියාට පසුව, 'මේ රටේ සැබෑ දේශමාමක, ප්‍රගතිශීලී, වාමවාදී බලවේග අඩපණ කළා' කියා හිතාගෙන හිටපු සියලු දෙස් විදෙස් කුලීකාර බලවේගවලට, 'නැහැ බොලව්! මේ රටේ සැබෑ දේශමාමක, ප්‍රගතිශීලී බලවේග තවම ඉන්නවා' කියන පණිවිඩය දෙන දිනය අද නිසයි. ජේ. ආර්. ජයවර්ධනයට එදා බැරි වුණේ ගැහැණියෙක් පිරිමියෙක් කරන්න හෝ පිරිමියෙක් ගැහැණියක් කරන්න විතරයි. නමුත් බෑණා අද ඒකත් කරනවා. 'නාමල් කොලුවො පරිස්සම් වෙයන්'. කොලුවාටත් ඒක වෙන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ, උන්දැලා දේශපාලන වශයෙන් ඒ තත්ත්වයට පත් කරලා ඉවරයි. මේ රට පරාධීනත්වයෙන් පරාධීනත්වයට ඇදගෙන යන, ආර්ථික අර්බුදය දඩමීමා කරගෙන මේ රට, විදේශ රටවල කොලනියක් කිරීමට යන වික්‍රමසිංහ - බැසිල් හවුල ඇතුළු බලවේගවලට ‘සුදු කොඩිය වනන දිනය නිර්මාණය කරන බලවේගයයි' අද මේ නුගේගොඩට එකතු වූයේ. රොටී කන එක ගැන කියලා, ෆේක් එකවුන්ට්වලින් කමෙන්ට්ස් දාලා නතර කරන්න පුළුවන් බලවේගයක් නොවෙයි මේක. අතීතය පුරා රට, දැය, සමය වෙනුවෙන් දසදහස් ගණනින් හඹාගෙන ආපු දේශමාමක බලවේගයන්ගේ වර්තමාන පරපුරයි මේ 'සර්වජන බලය - සජ්ජන බලය'.

 ‘වලෝ කොළඹ‘

සමහරු හිතනවා, 'දැන් පෝලිම් නැහැ. මේ රට වලෙන් ගොඩගනීවි' කියා. නමුත් රනිල් වික්‍රමසිංහ, පොහොට්ටුකාරයෝ ටිකත් දේශපාලන වශයෙන් 'ලිංගික සංක්‍රාන්ති තත්ත්වයට: පත් කරලා, ඔවුන්ගෙත් ආශිර්වාදය සහිතව මේ රට ගෙන යන්නේ 'වල පත්ලේ වල දාන' මාවතකයි. ඒක තේරුම් කරවන එකම දේශපාලන වේදිකාව, මේ 'සර්වජන බලය' දේශපාලන වේදිකාව පමණයි. රනිල් වික්‍රමසිංහ අද මේ රට ඉන්දියාවේ කොලනියක් කිරීමේ න්‍යාය පත්‍රයක් කරේ තියාගෙන යනවා. විදුලි අර්බුදයට විසඳුම් දෙන්න, මන්නාරම සුනිත්‍ය විදුලි බලාගාරය හදන්න දුන්නේ අදානිට. ටෙලිකොම් - එයාර් ලංකා ආයතනත් දෙන්න හදන්නේ ඒ ජාතිය බඩුවලට. ඒ විතරක් ද රනිල් වික්‍රමසිංහ මේ වන විට රට පුරා බලපත්‍රලාභී ඉඩම්වලට සින්නක්කර ඔප්පු දෙන්නෙ ඇයි? ඔබට මතකද ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ගොවියාට අත් වූ ඉරණම? අදානිලා -  මෝඩිලා එකතු වෙලා බිහාරයේ ගොවියාගේ ඉඩම් ටික මහා පරිමාණ සමාගම් අතට යන වැඩපිළිවෙළක් දියත් කළා. අන්තිමේදී බිහාරයේ ගොවීන් තමන්ගේ ඉඩම් ලබාගන්න 'වලෝ දිල්ලි(වරෙව් දිල්ලි)' කියමින් විරෝධතාවයේ යෙදුණා. අද අපේ ගොවියාටත් ‘වලෝ කොළඹ“ කියන ඉරණමක් හැදීමයි මේ සින්නක්කර ඔප්පු දීම පිටුපස තිබෙන්නේ.

ඒ විතරක් නොවෙයි විදුලි බල පද්ධති, තෙල් නල, ගෑස් නල ඒකාබද්ධ කිරීම, රේගු දෙක ඒකාබද්ධ කිරීම, ඉන්දියාවේ රුපියල ශ්‍රී ලංකාවේ ව්‍යවහාරයට ගැනීම ආදියට දැන් පාර කපාගෙන යනවා. එට්කා ගිවිසුම එනවා. ආර්ථික පරිවර්තන පනත එනවා. ඒවා මඟින් ඕනෑම ඉන්දියානුවෙකුට ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කිරීමේ සම අයිතිය ලැබෙනවා. මෙවැනි භයානක න්‍යාය පත්‍රයක් කරේ තියාගෙනයි රනිල් වික්‍රමසිංහ මේ යමින් තිබෙන්නේ .

 ‘අපායේ ඉන්ටර්වල්‘

ඒ අස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා 13ත් පූර්ණ වශයෙන් බලාත්මක කරන්න සූදානමින් ඉන්නවානෙ. දැන් අනුර දිසානායකත් සජිත් ප්‍රේමදාසත් යාපනයට ගිහින් ඒකම කියනවා. පොලිස් බලතල ඇතුළුව 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට මේ සියලුදෙනා දැන් එකඟයි. හිතන්න එපා! 'අපි අර්බුදයෙන් එළියට ආවා' කියලා. මේක අපායේ ඉන්ටර්වල් එක. මේ අපායේ ඉන්ටර්වල් එක ඉවර වෙනවා, ණය ගෙවන්න පටන් ගත්තාම. ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් අවුරුදු 5ක සහන කාලයක් අරගෙන, ඒ අවුරුදු 5 අවසානයේ මේ රටේ ණය බර ඩොලර් බිලියන 150 දක්වා හෝ ඉහළ දමාගෙන ගමනක් යන්නයි රනිල් වික්‍රමසිංහ සූදානම් වෙන්නේ. ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම කල් දමා ගන්න පුළුවන් බඩුවක් තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ. ග්‍රීසියට, ආජන්ටීනාවට අත්වූ ඉරණම අත්කර දෙන පාරකයි රනිල් වික්‍රමසිංහ මේ රට ගෙනයමින් තිබෙන්නේ. දේශීය ව්‍යවසායකයා බලගන්නවාද? දේශීය කර්මාන්ත බලගන්නවාද? නැහැ. මේ යන්නේ රට ගොඩදාන මාවතක නොවෙයි.

සර්වජන මාවත

අනුර දිසානායක හෝ සජිත් ප්‍රේමදාස මේ කිසිවක් පිළිබඳව කතා කරන්නේ නැහැ. මේ සියලුදෙනා 'අයිඑම්එෆ් වැල් පාලමේ' යන්නයි සූදානම. 'සර්වජන බලය' මේ ගමන පටන් ගත්තේ මේ රට ඒ ‘වැල් පාලමේ“ රැගෙන යන්න නොවෙයි, නිෂ්පාදනය බලගන්වන, මේ රට හදන මාවතක රැගෙන යන්නයි. 69 ලක්ෂයේ අපේක්ෂාවන් සඵල කරන මාවතක මේ රට රැගෙන යාම අපේ අරමුණයි. අපේ සභ්‍යත්ව උරුමය මත පදනම් වූ මාවතක, උතුරු - දකුණ වෙන් කරන මාවතක නොවෙයි, උතුරු - දකුණ - බටහිර - නැගෙනහිර එක මිටකට එකතු කරලා එකම දැයක් - එකම රටක් හදන මාවතක මේ රට රැගෙන යාමයි සර්වජන බලයේ අරමුණ.

'තුන්දෙනාම එකයි මල්ලී'

රනිල් - අනුර - සජිත් දැන් 13 ගැන එකම කතාව කියනවා. රනිල් කරන විනාශය ගැන අනෙක් දෙන්නා කතා කරන්නේ නැහැ. මේ ‘තුන්දෙනාම එකයි මල්ලී‘ කියලයි අපට කියන්න තියෙන්නේ. අපි මේ විනාශකාරී මෙහෙයුම පරද්දන්න සූදානම්. අපේ ගමන කිසිවෙකුට නවත්වන්න බැහැ. නවත්වන්න හිතන්නවත් එපා! ප්‍රතිවාදී මහත්වරුනි, සිහින දකින්න එපා! අපේ මේ ගමන ජයග්‍රහණයෙන් මිස කෙළවර කරන්නේ නැහැ.

'පාට තුනයි - එකම රැලයි'

'චෝල ආක්‍රමණ නතර කළේ කොළඹ වරායෙන් බාපු තෙල් අනුරාධපුරයට ගෙනිහින් අලින්ට- අශ්වයින්ට ගහලා' කියලයි ඉතිහාසඥ සුනිල් හඳුන්නෙත්ති හිතන්නේ. එදා කොළඹ තිබුණු ප්‍රාථමික වරාය සහ අනුරාධපුර රාජධානියේ වර්ධනය අතර සබඳතාවක් නැති බව මේ ඉතිහාසඥ සුනිල් හඳුන්නෙත්ති දන්නේ නැහැ. බලන්න, ‘මුදල් ඇමති සුනිල් හඳුන්නෙත්තිට‘ අනුව තියෙන්නේ උත්තර තුනයි. එක්කො රාජ්‍ය ආයතන විකුණන්න ඕනේ; නැත්නම් සල්ලි අච්චු ගහන්න ඕනේ; එහෙමත් නැත්නම් පොදු ජනයාගේ ස්ථිර තැන්පතුවලින් ගන්න ඕනේ. ඒ තුන හැර එයාට වෙන විකල්පයක් නැහැ. ඔය තුනෙන් එකක් කරන්න, 'රතු කොඩියක් වනන වාහෙ කෙනෙක්' ගේන්න ඕනෙද? ඔය ටිකමනේ රනිල් වික්‍රමසිංහ කරන්නෙ. ඕකට 'අනුර වික්‍රමසිංහ' ඕනෙද? තේරුම්ගන්න ආදරණීය අම්මේ, තාත්තේ මේ පාට තුනකින් ඉන්නේ මේ එකම රැලයි.

'සාන්ත දාන්ත තීන්ත කූඩු'

දැන් බලන්න, වික්‍රමසිංහ මහත්තයා ආවාට පස්සේ තිබෙන කාර්මික සාමය. ගෝඨාභය රාජපක්ෂලා ඉන්න කාලයේ 'අන්තරෙන් - මන්තරෙන් - යන්තරෙන්' සතියට එක බැගින් කොළඹට පෙළපාලි එනවා. දැන් මේ සියලුදෙනා 'සාන්ත - දාන්ත - තීන්ත කූඩු' වෙලා. බටහිරට උවමනා ‘පඹයා - කුලී කාක්කා- පඟර නැට්ටා“ පුටුවේ වාඩි වුණාම බටහිරට ගැති රතු කමිසධාරීන් හීලෑ වෙනවා; චරිතය මාරු කරනවා. 'උන් ඔක්කොම එකයි මල්ලී‘ වෙනවා.

වරද, නිවැරදි කරනවා

ගෝඨාභය රාජපක්ෂලා - බැසිල් රාජපක්ෂලා - පී.බී.ජයසුන්දරලා '69 ලක්ෂයේ ජනවරම' පාවා දුන්නාට ඒ ජනවරම නිර්මාණය කිරීමට පුරෝගාමී වූ අපට උන් කළ ඒ පාවාදීමේ වරදින් මිදෙන්න බැහැ. ඒ වරද නිවැරදි කරන්නයි අපි මේ සූදානම් වෙන්නෙ. සර්වජන බලය දේශපාලන එකමුතුවේ ඉන්නේ මේ රටේ සභ්‍යත්වයට ගරු කරන පිරිසක්. දැන් බලන්න, ආචාර්ය හරිනි අමරසූරිය කියනවා, 'සිද්ධාර්ථට වඩා යශෝධරා කැපකිරීම් කළා' කියා. මේ ගහන්නේ අපේ සභ්‍යත්වයට; අපේ මුදුන් මුලට.අනුර දිසානායක කියනවා, 'දේශපාලනයෙන් ආගම තුරන් කරනවා' කියා. දේශපාලනයෙන් ආගම තුරන් කරනවා නම් 'බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනු ලැබේ  අනෙකුත් ආගම් ද සුරක්ෂිත කරනු ලැබේ.' කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන වගන්තිය අයින් කරන්න වෙනවා. අපේ හාමුදුරුවනේ, මුන් ගහන්න හදන්නේ අපේ මුදුන් මුලට.

 ජාතියට නව මාවතක්

ඒ නිසා මේ 'ත්‍රෛවිද හොරු රැලකට' රැවටෙන්නේ නැතිව පෙරට යන්න අද අපි ජාතියට මාවතක් නිර්මාණය කළා. 'ආයෙත් වරද්දන්න, ඔබේ අපේක්ෂාවන්ට පස්ස හරවන්න ඉඩ තියන්නේ නැහැ.' කියන සහතිකය අපි දෙනවා. සිදුවූ වරද නිවැරදි කරන්න අපි නැවත එක්වෙමු. සමහරු අහනවා, 'ගෝඨාභය මහත්තයාත් මේ වේදිකාවට නග්ගනවාද? කියා. පිස්සු ද? එයා නැග්ගොත් අපටවත් නගින්න වෙන්නේ නැහැ. 'මේ සටන විජයග්‍රහණය කරවන්න, වාමවාදී, ප්‍රගතිශීලී, ජාතිකවාදී ලක් මවගේ දරුවනි, එක්වව් - රොද බ‍ඳිව්!' කියා ආරාධනා කරනවා“

මෙම 'සර්වජන බලය' මංගල ජනරැලිය අමතා මව්බිම ජනතා පක්ෂයේ නායක, සර්වජන බලය විධායක සභික, ව්‍යවසායක දිලිත් ජයවීර, පිවිතුරු හෙළ උරුමයේ නායක, සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, සර්වජන බලය විධායක සභික, වෛද්‍ය ජී. වීරසිංහ, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, ස්වාධීන මන්ත්‍රී සංසදය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චන්න ජයසුමන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී.වී.ඩී. තිලකසිරි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ, මව්බිම ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර, මව්බිම ජනතා පක්ෂයේ උප සභාපතිනි, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, මව්බිම ජනතා පක්ෂයේ විධායක සභික නීතිඥ ඒ. ඩබ්ලිව්. එස්. අමීන්, මව්බිම ජනතා පක්ෂයේ විධායක සභික  සිවම් ලෝගනාදන් කෝබි යන මහත්ම මහත්මීහු ද අදහස් දැක්වූහ.

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ












සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාවේ ප්‍රමුඛතම ඖෂධ නිෂ්පාදන සමාගමක් වන 'සන් ෆාමා' (Sun Pharma Distributors Ltd) මගින් නිෂ්පාදිත අක්ෂි දියර (Eye Drops) වර්ග 11ක් වෙළඳපොළෙන් වහාම ඉවත් කර ගැනීමට පියවර ගෙන තිබේ.
අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
කොලොම්බියාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 250 ඉක්මවා ඇති බව වාර්තා වේ.
ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.
2026-07-22 දින පවත්වනු ලැබ ඇති 34 වන ආහාර ප‍්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටු රැස්වීමේදී රජය මඟින් වී මිල දී ගැනීමේ ක්‍රියාවලිය සඳහා පහසුකම් සැලසීම අරමුණු කර ගනිමින් වී අලෙවි මණ්ඩලය සතු වී තොග, සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව මඟින් සහල් බවට පත් කර වෙළෙඳ පොළට නිකුත් කිරීමට නිර්දේශ කරනු ලැබ තිබේ.
සීමාසහිත චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමේ ප්‍රධානී ෂැං බිංනන් ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (11) පස්වරුවේ පැවැත්විණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජිත 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි විරෝධය පළ කර තිබේ.
රුසියාව විසින් රහසිගතව පවත්වාගෙන යනු ලබන ස්වයංක්‍රීය න්‍යෂ්ටික ප්‍රහාරක පද්ධතියක් වන "ඩෙඩ් හෑන්ඩ්" (The Dead Hand / Perimeter) පිළිබඳව දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අදහස් දක්වා තිබේ.

ප්‍රධාන පුවත්

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ආනයනය කරන පිකාන් (Carya illinoensis) සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු ආරක්ෂිත තැන්පතු ලෙස පැනවීමට චීනය සඳුදා(10) තීරණය කළේය.

විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රටේ කාලීන අවශ්‍යතාවයක් නොවන අතර තමන්ව බලයට පත්කළ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සියල්ල අමතක කරමින් වත්මන් රජය විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම එකම ගැටළුව බවට පත්කර ගැනීම හාස්‍යට කරුණක් යැයි අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහනිකායේ අනුනායක දේශප්‍රේමී භික්ෂූ පෙරමුණේ මහලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන් වහන්සේ කැලණිය පට්ටිය හන්දිය ධර්මායතනයේදී 07දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..

රුසියාවේ තටාර්ස්තාන් ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් පිහිටා ඇති නිශ්නෙකාම්ස්ක් නගරයේ කාර්මික සහ සිවිල් ඉලක්ක වෙත යුක්රේනය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් 39 දෙනෙකු තුවාල ලබා ඇති බව එම නගරයේ නගරාධිපති රද්මීර් බෙලියාව් පවසයි.

NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..

කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.

"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්

ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.

බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්

විහාරගම් හා දේවාලගම් පනත වෙනස් කරමින්, එම ඉඩම්වල පදිංචිකරුවන් විහාරස්ථානවලට එරෙහිව නඩු මඟට යොමු කිරීමට බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සාහ කරන බවට මතුගම සෙනෙවිරුවන් මහතා චෝදනා කරයි.

ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..

ගාසා තීරයේ පවතින අර්බුදය විසඳීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු 15කින් සමන්විත සාම සැලැස්ම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..

පිලිපීනය සහ කාම්බෝජය වැනි රටවලින් පලවා හරින ලද ආසියානු පාතාල කල්ලි සහ නීති විරෝධී අන්තර්ජාල සූදු ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන නවාතැනක් බවට ශ්‍රී ලංකාව, විශේෂයෙන්ම කොළඹ වරාය නගරය පත්වෙමින් පවතින බව 'The Island' පුවත්පත මගින් අනාවරණය කර ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.