ඇමෙරිකාවේ කැන්සාස් ජනපදය, ‘ෆයිසර්’ ඖෂධ සමාගමට එරෙහිව නඩු දමයි... ෆයිසර් එන්නතේ අතුරු ආබාධ වසං කරලා
අතුරු ආබාධ ඇතිවිමේ අවදානම දැන දැනත්, ඒ බව වසං කරමින්, ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම, ඔවුන්ගේ එන්නත් ජනතාවට ලබා දුන්නේ යැයි චෝදනා කරමින්, ඇමෙරිකාවේ කැන්සාස් ජනපදය, ෆයිසර් සමාගමට නඩු පවරා ඇත.
කැන්සාස් ජනපදයේ තෝමස් ප්‍රාන්ත දිස්ත්‍රික් අධිකරණය හමුවේ, ‘ෆයිසර්’ සමාගමට එරෙහිව නඩු පැවැරීමක් කළේ, කැන්සාස් ජනපද නීතිපති ක්‍රිස් කොබෙච් මැදිහත් වෙමිනි.
‘ෆයිසර් සමාගම ඔවුන්ගේ එන්නත ඇමෙරිකානුවන්ට ලබා දුන්නේ එහි අතුරු ආබාධ රැසක් ඇති බව හොඳින් දැනගෙනයි. එන්නත ලබා ගත් බොහෝ දෙනකු අද සංකූලතාවලට මුහුණ දෙනවා. සමහරු මියගිහින්. ෆයිසර් සමාගම ඔවුන්ගේ එන්නත සම්බන්ධයෙන් සත්‍යය ඇමෙරිකානුවන්ට හෙළි කළ යුතුයි’ යැයි නීතිපති ක්‍රිස් කොබෙච් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.
‘ෆයිසර්’ යනු වසර 175 කට වැඩි කාලයක් තිස්සේ ජනතා විශ්වාසය දිනාගත් ලොව ප්‍රමුඛ පෙළේ ඇමෙරිකන් ඖෂධ නිෂ්පාදන සමාගමකි. ජර්මන් සමාගම් දෙකක් ද ‘ෆයිසර්’ සමඟ අත්වැල් බැඳගෙන සිටී. ‘ෆයිසර්’ මූලස්ථානය ඇත්තේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවරය. ගෝලීය වසංගතයක් බවට පත්වුණු ‘කොවිඩ් 19’ වයිරසය පාලනය සඳහා ලොව රටවල් රැසක භාවිත කෙරුණු වඩාත් ආරක්ෂිත යැයි පැවැසුණු ප්‍රතිශක්තිකරණ එන්නත වූයේ මෙම ‘ෆයිසර්’ එන්නතය.
මේ වනවිට, ඔකස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් මැදිහත් වී නිපදවා, ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නතක් ලෙස ලබා දුන් බ්‍රිතාන්‍යයේ ‘ඇස්ට්‍රාසෙනකා’ සමාගමේ ‘ඇස්ට්‍රාසෙනකා’ ප්‍රතිශක්තිකරණ එන්නත සම්බන්ධයෙන් ද ගැටලු මතු වී ඇත. ඒ ‘ඇස්ට්‍රාසෙනකා’ එන්නත හේතුවෙන් රුධිර කැටි ගැසීම් ඇති වෙනවා යැයි අධිකරණය හමුවේ තහවුරු වීමත් සමඟය.
එන්නත ලබා ගැනීමෙන් පසු අතුරු ආබාධ හටගන්නා බව තහවුරු වීමත් සමඟ ගෝලීය වශයෙන් බෙදා හරිනු ලැබූ එම එන්නත් ආපසු ගෙන්වීමට ද ඇස්ට්‍රාසෙනකා ඖෂධ සමාගම පියවර ගත්තේය.
ඇස්ට්‍රාසෙනකා එන්නත ඉන්දියාවේ නිෂ්පාදනය කළේ ඉන්දියාවේ ‘සීරම්’ ඖෂධ නිෂ්පාදන සමාගම හවුල් වෙමිනි. මෙම එන්නත නිකුත් කෙරුණේ ‘කොවිෂීල්ඩ්’ යන නමිනි. ‘කොවිඩ් 19’ වසංගත සමයේ ආසියානු රටවල් බොහොමයකට ඉන්දියාවෙන් පරිත්‍යාග කෙරුණේ ද මෙම ‘කොවිෂීල්ඩ්’ එන්නතය. ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා ගත් බොහෝ දෙනා අතුරු ආබාධවලට ලක්වුණු බවත්, වැඩි දෙනා රුධිර කැටි ගැසීමට ලක් වී ජීවිතක්ෂයට පත්වුණු බවත් අධිකරණය හමුවේ තහවුරු විය. ඇස්ට්‍රාසෙනකා සමාගම මේ සම්බන්ධයෙන් පැහැදිලි කර ඇත්තේ එන්නත යවත්කාලීන කරමින් දෝෂ නිවැරදි කර, නව ‘කොවිඩ් 19’ වයිරස ප්‍රභේද අඩපණ කළ හැකි ආකාරයට යළි නිපදවීට පියවර ගන්නා බවය.
(ප්‍රෙස්ටීවී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..