මහා පරිමාණ බිස්නස්කාරයන්ට කෝටි ලක්‍ෂයක බදු සහන දීලා...කෝටිය ඉක්මවූ බදු පැහැර හැරි පිරිස 4200ක් - සජිත්ගෙන් අනාවරණයක්
මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්ට පසුගිය වසරේදී (2023) කෝටි ලක්ෂයකට අධික බදු සහන ලබා දී තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18 දා) පැවසීය.
එම ව්‍යාපාරිකයන්ට එලෙස බදු සහන ලබා දුන්නේ කුමන පදනමකින්ද යන වග පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතු බවත් කී ඔහු විපක්ෂය බදු පරිපාලනය කාර්යක්ෂම කිරීමේ තදබල වැඩසටහනකට සහාය දීමට සූදානම් යැයි ද කීය.
එලෙස ව්‍යාපාරිකයන්ට බදු සහන ලබා නොදුන්නේ නම් සාමාන්‍ය ජනතාව වෙත බදු පනවා රුපියල් කෝටි 60000ක බදු ආදායමක් රජය බලාපොරොත්තු වන බව ද කී ඒ මහතා ව්‍යාපාරිකයන්ට බදු සහන ලබා නොදුන්නේ නම් සාමාන්‍ය ජනතාවට අලුතින් බදු පැනවීමට අවශ්‍ය නොවන බව ද සඳහන් කළේය.
මේ අතර රුපියල් කෝටි එක් ලක්ෂ විසි දහසක් බදු ගෙවීම් පැහැර හැර ඇති බව ද බදු නිසි පරිදි ගෙවීම, බදු ගෙවීම් පැහැර හැරීම සහ බදු සහන ලබා දීම් නිසි පරිදි ක්‍රියාත්මක කළේ නම් ජනතාව වෙත ‘බදු සුනාමියක්’ පැනවීමට අවශ්‍යතාවයක් නැතැයි ද ඔහු පැවසීය.
රුපියල් කෝටිය ඉක්ම වූ බදු ගෙවීම් පැහැර හරින ලද පුද්ගලයන්ගේ සංඛ්‍යාව 4200ක් බවත්, අරක්කු නිෂ්පාදනයෙහි නිරත ව්‍යාපාරිකයන් 05 දෙනකු බදු ගෙවීම් පැහැර හැර ඇති ප්‍රමාණය රුපියල් කෝටි 700ක් බවත් ඔහු කියා සිටියේය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ බදු ගෙවීම් පැහැර හරින අයගේ තොරතුරු සම්බන්ධයෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දෙන බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..