බහුදින යාත්‍රාවේ බඳෙන් කෝටි 325 ක මත්කුඩු එළියට එයි
රුපියල් කෝටි 325ක වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 131 ක් හා ග්‍රෑම් 354 ක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින යාත්‍රාවක් සමඟ පුද්ගලයින් හයදෙනකු දෙවුන්දර සිට දකුණු දෙසට නාවික සැතපුම් 356 ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදු තීරයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය මස 11 වැනිදා හය දෙනකු සමග දෙවිනුවර ධීවර වරායෙන් මුහුදු ගොස් ඇති ඉඳුනිල් පුතා 6 IMULA 0201 MTR නමැති බහුදින යාත්‍රාවයි.
පළමුව එම ධීවර යාත්‍රාව තුළ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් තිහක් සොයා ගෙන තිබේ. හෙරොයින් ප්‍රවාහනය කරන බවට ලැබුණ තොරතුරක් මත ඈත මුහුදේදී සැකපිට අත්අඩංගුවට ගෙන ගාලු වරායට ගෙනැවිත් එම යාත්‍රාව පුළුල් ලෙස පරීක්ෂා කරද්දී යාත්‍රාවේ තිබී රුපියල් කෝටි 325 ක් වටිනා හෙරොයින් කිලෝ 131යි ග්‍රෑම් 354 ක් පෙරේදා (15දා) සවස සොයා ගන්නා ලදී.
නාවික හමුදාවට ලැබුණ තොරතුරක් අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයත් සමග එක්ව ඈත මුහුදේදී ඉකුත් 11 වැනිදා යාත්‍රාව අත්අඩංගුවට ගෙන සිකුරාදා (14) සවස ගාල්ල වරායට ගෙනැවිත් පරීක්ෂා කළත් යාත්‍රාව තුළ තිබී සැක කටයුතු කිසිවක් හමුවී නැත.
පසුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් ස්කෑන් පරීක්ෂණයක් කර ඇති අතර එහිදී අනාවරණයවී ඇත්තේ යාත්‍රාවේ බඳේ ෆයිබර් තහඩු තුළ සැක කටයුතු පාර්සල් තොගයක් සඟවා තිබෙන බවය. ඒ අනුව නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් එක්ව යාත්‍රාවේ ඉදිරිපස බඳ කොටසේ සූක්ෂම ලෙස සඟවා තිබූ හෙරොයින් තොගය පිටතට ගෙන අත්අඩංගුවට ගෙන ඇත.
පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ විදෙස් යාත්‍රාවකින් ජාත්‍යන්තර මුහුදේදී මෙම හෙරොයින් තොගය ලබාදී ඇති බවය. යාත්‍රාවේ මාළු කිසිවක් තිබී නැති අතර යාත්‍රාව මුහුදු ගොස් ඇත්තේ මෙම හෙරොයින් තොගය මෙරටට ගෙන ඒම සඳහාම බවටද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකළ පරීක්ෂණ ඔස්සේ අනාවරණය වී තිබේ.
මෙම යාත්‍රාවේ හිමිකරු දෙවිනුවර වෙලේගොඩ ගුණපාල මාවත පදිංචිකරුවෙකි. එය පදවන්නා (ස්කීපර්) ලෙස කටයුතු කර ඇත්තේ දෙවිනුවර කපුගම නැගෙනහිර පදිංචි පුද්ගලයකු වන අතර ධීවරයින් ලෙස ගොස් ඇත්තේද දෙවිනුවර කපුගම නැගෙනහිර සහ රස්සන්දෙණිය ප්‍රදේශවල පදිංචි පස්දෙනෙකි. වැඩිදුර පරික්ෂණ සඳහා සැකකරුවන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..