
ජාතිකවාදයට.... දේශහිතෙෂීන්ට මොකද වුනේ... මොකද වෙන්නෙ.. මොකක් ද කළ යුත්තේ....?
යුද්ධය අවසන් වෙනවත් එක්කම මහින්ද විතරක් නෙවී.. රාජපක්ෂ නාමයම දේශප්‍රේමීන් වුනා.. ඒකට ජවිපෙ සහ ජාත්‍යන්තරයේ ලණු කාල මහින්දගෙන් ගේම ඉල්ලපු ෆොන්සේකාත් වගකියන්න ඕනේ.
මහින්ද පළමු වරට ජනපති වෙනකොට පට්ට දේශප්‍රේමියෙක් නෙවෙයි. රෝහණ පුත්‍ර දීලා.. ජවිපෙ හා සිහල උරුමය මැදිහත්වෙලා තමයි මිනිහාට ජාතික ඇඳුම අන්ඳවලා.. දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ පිළිබිඹුව මහින්දට ලබා දෙන්නේ.. නමුත් යුද්ධයේ අවසානයේ ඒ ඒ පාර්ශව අතට යම් පමණින් හිමි විය යුතු සියලුම ගෞරව ෆොනී කල ඓතිහාසික වරද මත මහින්ද ට, රාජපක්ෂ නාමයට විතරක් නෙවී.. සාටකයටත් සින්න වුනා. ඒක නිසා ජාතික ව්‍යාපාරය සාටක පවුල් ගසට සම්පූර්ණයෙන්ම යට නොවුනත්.. එහි බෙදීම සමාජ ගතකරන්න එක අමාරු වුණා... ඒක කොච්චර දුරදිග ගියේ ද කිවහොත් ජාතික බලවේගත් පොහොට්ටු කාරයෝ වුනා හෝ කළා...
මහින්ද මුලින්ම එළියට එනකොට ජාතික ව්‍යාපාරය මතවාදීව විතරක් නෙවී.. සමාජීය.. දේශපාලනික හා ආර්ථික අතිනුත් ශක්තිමත් තැනක තිබුණා.. ඒ කාලයේ "මව්බිම ලංකා පදනම" වගේ "සූර්යසිංහ ලාංඡනය" යටතේ, "ගන්න අපේ දේ" වගේ තේමා යටතේ ක්‍රියාත්මක වූ දේශීය ව්‍යාපාර... ව්‍යාපාර හිමිකරුවන් ආරියශීල වික්‍රමනායකලා වගේ තව බොහෝ අය එළියට බැහැල ජාතික ව්‍යාපාරයට සම්බන්ධ වුනා. ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කලා.. ඒ නිසා ආර්ථික වශයෙන් ජාතික ව්‍යාපාරය ශක්තිමත් වුනා.. හොඳ ජවයක්.. බලයක් තිබුණා..
ජාතික ව්‍යාපාරය සාටක කාරණයත් සමඟ බැසිල් තම 10% යේ ශක්තියට මේ සියල්ල යටකලා.. මව්බිම ලංකා පදනම.. ආරියශීල වික්‍රමනායකලා වගේ දහසක් දේශහිතෛෂීන් අතුරුදන් වුනා හෝ කලා. ඒ සියල්ල මොළ හතකින්.. තනි අතකට ගන්නවාත් සමඟම ජාතික ව්‍යාපාරයට තිබූ.. ආර්ථික.. සමාජ.. දේශපාලන ස්වාධිපත්‍යය බිඳ වැටුණා. මාධ්‍ය අවකාශය අහුරලා දැම්මා. ඒ විතරක් නෙවී.. ඒ හා අනුබද්ධව කටයුතු කළ සහයෝගීතා කණ්ඩායම්.. ගිහිපැවිදි සංවිධාන දිය කර හැරියා. මේ සියලුම තාඩන පීඩන මැද සමහරු යටත් වුනා. පවතින ක්‍රමයට හැඩ ගැසුනා.. අන්තිම ඇණ දෙක ගලවා පෙට්ටිය වසා දැමීමට බැසිල් ඉතා සූක්ෂම ලෙස කටයුතු කළා.. ඒ විමල්.. උදය..පාරට ඇද දැමීමෙන්..... සාටක නඩය දැනගෙන හිටියා ජාතික ව්‍යාපාරය මොන ආකාරයෙන් මතවාදීව ශක්තිමත් වුනත්.. ආර්ථික වශයෙන් ඇදවැටී ඇති බව. නමුත් මේ රටට ආදරය කරන බොහෝ දෙනෙක් තම දරුවන්ට.. පවුලේ කටයුතු වලට වියදම් කරන්න තිබෙන ධනයෙන්.. තෙල් ටික.. ආහාර ටික හා අනෙකුත් වියහියදම් දරාගෙන මතවාදීව ජාතික ව්‍යාපාරය නොවැට්ටවා අල්ලාගෙන සිටියා..
බොහෝ දෙනා සිතන්නේ ගෝඨාභය පැනගිය නිසා ජාතික ව්‍යාපාරය.. සිංහල බෞද්ධ පදනම අහෝසි වුනා.. දිය වුනා.. ඉවර වුනා කියලා... ගෝඨාභය මේ ජාතියට ඓතිහාසික වරදක් කලා කියලා.. නෑ.. නෑ. කිසි සේත්ම නෑ.. අපගේ කියවා ගැනීම නම්... ෆොන්සේකා කල ඓතිහාසික වරද ගෝඨාභය නිවරදි කළ බවයි.. ඒ මන්ද යත් එදා දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ප්‍රමුඛ ජාතික හා වාම බලවේග එක්ව දිනාදුන් යුධ ජයග්‍රහණයේ ගෞරවය සාටක අයිතියට පවරා ගෙන සිංහවෙස් ගෙන්වාගෙන සිටි සාටක නරි රෑන හෙලිදරව් වීමයි. ඒ තුල කාලයේ වැලි තලාවෙන් වැසී තිබූ ජාතික ව්‍යාපාරයේ හිමිකම සැබෑ උරුම කරුවන් අතට පත්වීම යි.
ඒත් එක්කම ජිලිත් ජයවීර වගේ ව්‍යවසායකයන් අවසන් මොහොතේ හෝ ජාතික බලවේග සමඟ අත්වැල් බැඳ ගැනීම නිසා ජාතික ව්‍යාපාරයට අහිමිව තිබූ දේශීය ව්‍යාපාරික ප්‍රජාවගේ ශක්තිය එකතු වීම ආර්ථික වශයෙන් එදා තිබූ මව්බිම ලංකා ලංකා පදනම - ආරියශීල වික්‍රමනායකලා වැනි ආයතන සහ දේශහිතෛෂීන් ගේ අඩුපාඩුව පිරිමැසීමකි.
මේ සියල්ල තුලින් අප දකින්නේ 10% යේ සාටක කල්ලියට යට වී තිබූ දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයට සිය නිදහස හිමිවීමත් ලෙසටයි. එබැවින් මේ රටේ ඉදිරියේ දී.. සැබෑ දේශප්‍රේමීන්ට.. සැබෑ ජාතිකවාදීන් ට ස්වර්ණමය අවස්ථාවක් හිමි වීම කිසිම.. අන්තවාදී,, අවස්ථාවාදී,, හෝ කිසිදු පවුල් කල්ලියකට නතර කර නොහැකි වනු ඇත.
එමෙන්ම දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය මේ මොහොතේ වහ වහා ක්‍රියාත්මක කළ යුතු පියවර ගණනාවක් ඇත. එනම් ආරියශීල වික්‍රමනායකලා,, ජිලිත් ජයවීරලා වැනි තවත් රටට, ජාතියට හිතැති දේශීය ව්‍යාපාරිකයන් හා මව්බිම ලංකා පදනම වැනි ව්‍යාපාරික සංවිධාන තව තවත් දහස් ගණන් සම්බන්ධ කර ගැනීමයි.. ඒ වගේම දුර්වල කල.. දුර්මුඛ වූ.. ගිහි පැවිදි අනුබද්ධ සංවිධාන හා පිරිස්.. වත්මනට ගැලපෙන ලෙස නැවත වටයකින් බලමුලු ගන්වාගෙන, ජාතික ව්‍යාපාරය වටා ශක්තිමත් බලකඳවුරක් නිර්මාණය කර ගැනීම යි...!
- චන්දන සපුවිතාරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
